Buscar

Thursday, June 30, 2011

ලංකා ක්‍රීඩාවේ අනාගතය 2

ඔන්න අදත් ආවා. ඔයාලට මතක ඇතිනෙ මේකෙ පළවෙනි කොටස. බැලුවෙ නැත්නම් ඒකත් බලලාම එන්න. මෙතනින් යන්න. මම ඒක ඉවරයක් කරාට ඒක ඉවරඋනහම තවත් ක්‍රීඩා සම්බන්ධ ගොඩක් එව්ව මතක් උනා. අපොයි! මේකට පස්සෙත් මට තව මතක් වෙයිද දන්නෑ.

සනත් ජයසූරිය
                  ඔන්න එහෙනම් පෝස්ට් එක පටන් ගමුකෝ. ඉස්සෙල්ලම මොකෙන්ද පටන් ගන්නෙ. වර්ලඩ් කප් එක ගැනත් තියනවා. ඒත් ඒක වැඩක් නෑ. ගියදේ ගියාවෙ මම මොකටද ඕව ආයි කියන්නෙ.
දිනේෂ් චන්දිමාල්
                  ඔන්න ලංකාවේ එංගලන්ත සංචාරයෙන් පටන් ගමු. ලංකාව කන කෑම දැක්කම ක්‍රිකට් එපාවෙනව. මේකටත් හේතුවක් තියනවා. හේතුඵල දහමට අනුව ඕනෑම දේකට හේතුවක් තියනවනෙ. මේකටනම් හේතුව ආසියාවේ ආශ්චර්යමත් තේරීම් කමිටුව. මේ එංගලන්තෙට පොරි හැලෙන්න ගහන්න යවපු ටීම් එකනම් අර රත්ගමයා කියනව වගේ කුප්පයි ජුගුප්සාජනකයි කුජීතයි. වචන ටික ගැළපෙනවද දන්නෙ නෑ හැබැයි උන්ට බනින්න මේ වචන ටිකත් මදි. මුන්ට කන්න බොන්න දීල තියං ඉන්නවට වඩා හොඳයි ගොන්නු ටිකක් අරං තණකොළ කන්න පුරුදු කරානම්. හරි ඉතිං ඒකෙත් තව මැච් තියනව කියලවත් හිතමුකෝ.
                       දිනේෂ් චන්දිමාල් මැච් දෙකකදී අසාර්ථක උනා කියල ටීම් එකෙන් කපලා දැම්මා. චමින්ද වාස් වගේ දක්ෂ අත්දැකීම් බහුල ක්‍රීඩකයෝ පෞද්ගලික ප්‍රශ්න නිසා කණ්ඩායමෙන් අයින් කළා. කපුගෙදර නැමති ජීවිතේට ලකුණු පනහක් ගහන්නැති එකාව කණ්ඩායමේ තියාගත්ත. ඔය වගේ දේවල් නිසා තමා මේ කණ්ඩායමේ අනාගතය වැනසෙන්නෙ. සංගක්කාරල මහේලල කණ්ඩායමෙන් අයින් උනාම මේ ටීම් එකට වෙනදේ එංගලන්තෙදි හොඳට ප්‍රදර්ශනය කළා. මමනම් කියන්නෙ ක්‍රිකට් ගැන ඉන්න ඔය සියළුම මණ්ඩල වල අය නවක ක්‍රීඩකයන් බඳවාගන්න මීට වඩා උනන්දු වෙන්න ඕනෙ. නැත්නම් ලංකාවෙ ක්‍රිකටුත් ලංකාවෙ ෆුට්බෝල් වගේ එකම තැනක පල්වෙන ක්‍රීඩාවක් බවට පත්වෙන එක අනිවාර්යයි.
                             ඊළඟ මාතෘකාව සනත් ජයසූරිය. ක්‍රිකටුයි දේශපාලනයයි පටලගෙන අවසානයේ ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන් ක්‍රීඩකයා ඔහුයි. ලංකාවෙ මුරලිදරන් කණ්ඩායමෙන් ඉවත් උනු දවස ඔබට මතක ඇති කියල හිතනවා. ඔහුට ලැබිච්ච ගරුබුහුමන් ආදියත් ඔබට මතක ඇති.ඒ දේවල් එකක්වත් ජයසූරියට ලැබුණෙ නෑ. තමන්ට බැරිබව තේරුම් ගැනීමට මුරලිට හැකිඋනා. ඒත් සනත්ට ඒ අවස්ථාව ලැබුණෙ නෑ. ඔහු හැමෝටම විහිළුවක් වෙනකම් ටීම් එකේ හිටියා. ඔහුට ලැබිය යුතු ගරුබුහුමන් ඔහුට නොලැබුණේ ඒකයි. මේක හැමෝම දන්න හින්ද ආයි ටයිප් කරන්න අවශ්‍ය නෑනේ. ඉතින් මේ පෝස්ට් එකත් ඉවරයි. ඔබ සැමට ජයවේවා!


මේ ගැන කමෙන්ට් එකක් එහෙම දාන්න හොඳේ.

සැ.යු.-ක්‍රීඩාවෙ අනාගතය කියන්න තව ගොඩක් දේවල් තියනව ඉඩ ලැබෙන විදිහට මම ඒවත් පල කරන්නම්.

Wednesday, June 29, 2011

ලංකා ක්‍රීඩාවේ අනාගතය

ඔන්න අදත් ආව පොඩි විවේචනයක් කරන්න. ලංකාවෙ ක්‍රීඩාවලට වෙලා තියන දේනම් කුජීතයි.  කුජීතයි කිව්වෙ ඉතින් කුප්පම කුප්පයි. ලංකාවට මෙහෙම උනේ ඇයි. මේ පෝස්ට් එකෙන් බලන්න.
                                ලංකාවට පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙන් ලංකාවට රන් පදක්කමක් ලැබුණෙ අපේ රටට ආදරය කරන හැමෝම සතුටු කරමින්. ඒත් අපිට එම පදක්කම අහිමි උනා. හේතුව උනේ තහනම් උත්තේජක ලබාගැනීම. මංජු වන්නිආරච්චි රන් පදක්කම දිනුව කියල සතුටු වෙච්ච මිනිස්සු එයාට බනින්න ගත්ත. ඒත් මමනම් කියන්නෙ ඒකත් අපිට ලැබුණු ලොකු ජයග්‍රහණයක්. මොකද ඒක හින්ද අපි දින තුනහතරකටවත් සුද්දන්ගෙ අවධානයට යොමුවීම. ඉන්දියන් සාගරයේ චූටි තුන්වෙනි ලෝකයේ දුප්පත් රටක් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙලේ ඉන්නව කියලවත් සුද්දො දැනගත්තෙ ඒ හින්ද නෙමේද?
                             රන්පදක්කම අහිමි උනා තමයි. ඒක අපෙත් එයාගෙත් ලොකු කරුමයක් වෙන්නැති. ඒක ගැන අමතක කරමුකෝ. ලෝක කුසලානය පැරදීම ගැනනම් කිසිම සමාවක් දෙන්න බෑ. ඒකට හේතුව ලකුණු 275 වගේ ගහපු එක නෙමෙයි කියල හිතමුකෝ. ඉන්දියාවෙ අංක එකේ පිතිකරුවෙක් වෙන විරේන්ද්‍ර ශෙවාග් ලකුණු බින්දුවට පැවිලියන් එකට යවපු එකත් නෙමේ. ඒකට හේතුව සෙමි ෆයිනල් ගහපු ටීම් එකෙන් බාගෙට බාගයක්ම බංකුවේ ඉඳීමයි. සාමාන්‍යයෙන් ලෝක කුසලාන තරඟයක සෙමි ෆයිනල් එක දිනපු ටීම් එකම ෆයිනල් එකටත් දැමීම සාමාන්‍ය සිරිතයි. ඒත් ලංකාවෙ ආසියාවේ ආශ්චර්ය නිසා මේ තරඟයත් ආශ්චර්යෙන් දිනවන්න තේරීම් කමිටුවෙ මාමල හිතන්න ඇති.
                ඒකත් ඉවරයි කියමුකෝ. උපුල් තරංගටත් තරඟ තහනමක් හේතුව තහනම් උත්තේජක. ලංකාවෙ ක්‍රිකට් ලෝලීන් පහුගිය දවස්වල කියපු කතාව තමා ඒක. මමනම් ඔය තහනම් උත්තේජක ගැන වැඩිය දන්නෙ නෑ. ඒත් මත්පැනුත් තහනම් උත්තේජක බව නම් මම යන්තමට පොතකින් දැකල තියනව. මැච් එකට කලින් දවසෙ පාටියක් එහෙම දාල පොඩියට අඩියක්වත් දාන්න ඇති. මට හිතාගන්න බැරි තහනම් උත්තේජක ගන්නෙ ලංකාවෙ උන් විතරද කියල. ලංකාවට ඉංග්‍රීසීන් මත්පැන් හඳුන්වල දෙද්දිවත් හිතන්න නැතුව ඇති බඩුවල පවර් එක අවුරුදු 500 විතර වැඩ කරයි කියල.
                       මම මාතෘකාවෙ දාල තිබ්බෙ ලංකා ක්‍රීඩාවේ අනාගතය කියලනෙ. මම දැන් ඔය කියපුවගෙන් ඒ ටික ඔයගොල්ලොම හිතාගන්න.
මේ ගැන කමෙන්ට් එකක් දාලම යන්න.

Monday, June 27, 2011

NEED FOR SPEED RUN

හලෝ කස්ටිය ඉතිං කොහොමද? ඔන්න අදත් ගේමක් ගෙනාව. කස්ටිය බලනව ඇති මම ගේම් විතරද දෙන්නෙ කියල. එහෙම නෑ හැබැයි මේ දවස් ටිකේ වැඩිපුරම ගේම් තමා අහුඋනේ. අහුවෙන අහුවෙන විදිහට දෙන්නම්කෝ.
                   ඔන්න ඉතිං පෝස්ට් එකට බහිමු. මේ ගේම් එකේ නම තමා NEED FOR SPEED RUN. ඉලෙක්ට්‍රොනික් ආර්ට්ස් එමෙත් නැත්නම් EA පරිගණක ක්‍රීඩා නිෂ්පාදකයන්ගෙ ජනප්‍රියම වෙච්ච ගේම්ස් තමා NFS කියන්නෙ. ඒකෙ නවතම ගේම් එක තමා NFS රන් කියන්නෙ.
              ලොව පුරා ඇති නවතම කාර් වලින් කරන රේස් තමා මේ ගේම් එකට ඇතුළත් කරලා තියෙන්නෙ. ඒ වගේම මෙම රේස් බොහෝමයක ජයග්‍රහණය කිරීම සඳහා පොලීසියෙන් බේරෙන්නත් ඕනෙ. මේක නම් ගොඩදෙනෙක් දන්න නිසා කියල වැඩක් නෑ.
                මෙතනින් ගන්න පුළුවන් හැබැයි ගෙවන්න වෙයි. පොඩ්ඩක් බලන්නකෝ නැත්නම් මේක රිලීස් වෙනකම් ඉවසන්නකෝ.
මතක් කරල කමෙන්ට් එකකුත් දාල යන්න හොඳේ.




Sunday, June 26, 2011

WHEEL MAN පරිගණක ක්‍රීඩාව

ඔන්න අදත් ආවා තවත් පට්ට ගේම් එකක් අරගෙන. කොහොමද ඉතිං කට්ටියට. හොඳ නම් හොඳයි.

                         ඔන්න එහෙනම් පෝස්ට් එකට බහිමුකෝ. මේ ගේම් එක හදල තියෙන්නෙ චිත්‍රපටියක කතාවක් පදනම් කරගෙන. මේ චිත්‍රපටිය තමා vin diesel wheel man කියන චිත්‍රපටිය. සමහරුනම් මේක බලලා ඇති. ඒ තරමටම ප්‍රසිද්ධ චිත්‍රපටයක් මේක. මේකෙ ගේම් එක ගැන කියනවනම් ඒකත් චිත්‍රපටය වගේම සුපිරි හයි කොලිටි ගේම් එකක්.
                      මයිලෝ නැමති පුද්ගලයෙකුට ස්පාඤ්ඤයේ නගරයක් වන බාසිලෝනා නගරයේදී මුහුණ පාන්න වෙන අත්දැකීමක් ගැන තමා මේ ගේම් එකෙන් විස්තර වෙන්නෙ. මේ ගේම් එකේ තියන විශේෂත්වයක් වෙන්නෙ අති නවීන ආයුධ සහ වාහන පාවිච්චි කිරීමේ අවස්ථාව ලැබීමයි.
                           මේකත් නිකං gta වගේ ගේම් එකක්. ඒ උනාට gta ගේම් වලට වඩා ඉතා ඉහළ ග්‍රැෆික් යොදාගෙන හදපු ගේම් එකක්. ඒ වගේම මේක ප්ලේ කරන්නත් හොඳ පරිගණකයක් අවශ්‍ය වෙනවා. මෙන්න තියනවා රික්ස්.
P IV 2.66 GHZ PROCESSOR
2 GB RAM
512 MB VGA CARD
DIRECT X 9.1
වගේ තියනවනම් මේ ගේම් එක සුපිරියට ගහන්න පුළුවන්. හැබැයි P IV වල ප්ලේ කරන්න අමාරු වෙයි. කොයිකටත් බලන්නකෝ.




මේ ගේම් එක 8 GB විතර වෙනව. ඒ නිසා ජංජාලෙං ඩවුන්ලෝඩ් වෙන්න දවස් දෙක තුනක්වත් යයි. DVD එක හොයාගත්තනං ලේසියි.


කමෙන්ට් එකක් එහෙම දාල යන්න හොඳේ.

Friday, June 24, 2011

ඡන්දය වදයක්ද?

ඕං ඉතිං ආව මගෙ බ්ලොග් කෑල්ලෙ මොකක් හරි කුරුටු ගාල යන්න. අද ආවේ කාලීන පුරස්නයක් ගැන කතා කරන්න.(කාලීන යන වචනය පඬියෙකුගෙන් උස්සන ලදී) ඔන්න ඉතිං ඒක ගැන පොඩි කතාවක් කරමුකෝ.
සභාවේන් අවසරයි, මා මෙතනට පැමිණියේ විවේචනයක් කිරීමටයි.
රතු,කොළ,නිල් ආදී පාට අප වැනි පාසල් සිසුන්ට අමුතු දේවල් නොවේ. නමුත් අපේ අම්මලා තාත්තලාට ඔය පාට ගැන කිසිම අවුලක් නැත. නමුත් ඡන්දය නැමති මනාප කෙළිය සිදුවන කාලවලදී අපේ උතුම් මවුපියන්ට මල පනී. මෙයට හේතුව ගෙදර තාප්පයේ වර්ණය වෙනස් වීමයි. විවිධ වර්ගවලින් යුත් පාං කියාගන්න බැරි තරම් මහත බුවාලා කවදාවත් ඇන්දෙ නැති සරම ඇඳගෙන දත් තිස්දෙකම පෙන්නගෙන සිටින අයුරු මේ කාලයට තාප්ප වල දැකිය හැක. උන් උදෑසනම දැකීමෙන් දිනයම කැඳ වලින් සරුසාරය. ඡන්දය ඉවරවූ විට පැමිණෙන පෝස්ටර් මරුවා මෙම බුවාලාගේ ඡායාරූප වලින් යුත් අලංකාර පෝස්ටර් ඉවර කර දමයි. නැවත මාස දෙකකින් එම ආනිසංසයමය. නැවත එම බුවාලා තාප්ප අරක් ගනී. නමුත් මෙම බුවාලා අඩුම ගනනේ දැකිය හැක්කේ ඡන්ද කාලයට තාප්ප වලින් පමණි. ඉන්පසු උන් තාප්පවල තියා ලොවෙත් නැත.
                ඡන්දය පැවැත්වීමට පෙර දවස්වලදී පෝස්ටර් ඇලවීම තහනම් නැත. නමුත් පෝස්ටර් ඇලවිය යුතුම දවස වන ඡන්දය දවසේදී මෙම පෝස්ටර් පොලිස් මාමලා ඉවත් කරනු ලබයි. දැන් දැන් දුර පළාත්වල බුවාලා මෙයට නියම විසඳුමක් සොයාගෙන ඇත. එයනම් පොලිස් මාමලාට ලේසියෙන් ළඟාවිය නොහැකි තැන්වල කටවුට් දැමීමයි. මේවා දමන්නේ ගස්උඩ,වැව්වල ගෑඹුරු හරියේ ආදී තැන්වලය. එවිට පොලිස් මාමලා ඒවා ගැළවීමට එතරම් කට්ටක් කන්න කැමති නැත. එවිට ඒ අය එම කටවුට් එක දැක්කත් නොදැක්කා වගේ යයි.
              මෙම කාලයට ඡන්ද දායකයන් වන අපට ලැබෙන ආශ්වාදයද නොමදය. එක එක පාට කට්ටියගේ රෙස්ලින් මැච් නොමිලේම බලන්න ලැබීම මින් එකකි. තවද අපේ අතිගරු ආණ්ඩුව ඡන්ද දායකයා වෙනුවෙන් බඩු මිලද ආලෝකයේ වේගයෙන් බස්සයි. එමෙන්ම මිනිසුන්ට ඡන්දය බැලීමට නොනිදා බැලීමට හැකි චිත්‍රපටද විවිධ වාහිනි වලින් ලබාදේ. මෙවන්වූ හේතු නිසා මම පවසන්නේ ඡන්දය ඉතා හොඳය. එබැවින් වෙසක් වලට පෙළගැසුණා සේම 2011.07.23 පැවැත්වෙන කොළඹ පලාතේ පුංචි ඡන්දයට පෙළ ගැසෙමු.
මගේ කතාව මින් අවසානයි, අසා සිටි ඔබ සැමට ස්තූතියි.

සභාවේ සියළු දෙනා විසිර යාමට පෙර කමෙන්ටුවක් කොටා යනමෙන් ඉල්ලා සිටිමු.


සැ.යු.- මම කොළ පාටටවත් නිල් පාටටවත් අදින්නෙ නෑ ඕං මම කිව්වෙ මට හිතුණ දේ අනික මට තාම ඡන්දෙත් නෑ
ලියන බාසාවෙන් ලිව්වෙ පොඩ්ඩක් අඩුපාඩු ඇති එහෙම තියනවනම් මට කියල යන්න හොඳේ

Wednesday, June 22, 2011

ඉරාජ්ගෙ පොලිසිය

ඔන්න දවස් දෙකකට විතර පසසෙ ආයි ආවා. අදත් මේ පෝස්ට් එක දාන්නෙ වැදගත් දෙයක් හොයාගන්න බැරිවෙච්ච හින්දා. ඔන්න එහෙනම් කන් දෙක බිමදාල අහගන්නව හොඳා.


                           ඉරාජ් ගැන අපි හැමෝම දන්නවනෙ. දැං මොන්ටිසෝරි යන එකෙක්ගෙං ඇහුවත් ඉරාජ් ගැන ඌ දන්නෙත් නැති ඒව අහගත්තහැකි. ඉරාජ් කියන්නෙ ඉතිං අළුත් පරම්පරාවෙද මොකේද ගායකයෙක් නේ. අර රැප් ද හිපොප් ද මොන මගුලක්ද කියන්නෙ. අනේ මමනම් දන්නෙ නෑ ඕව. මට කියන්න තියෙන්න ලංකාවෙ අළුත් පරම්පරාවෙ එවුං සිංහල සංගීතෙත් කාල බටහිර සංගීතෙත් කන්නනෙ හදන්නනෙ. නොදකිං කුප්පයො(කුප්ප වචනයේ අයිතිය රත්ගමයා මහතා සතුවන අතර නොදකිං යනුවෙන් කිසිදු රජෙකුට අපහාස කිරීමට උත්සාහ කර නැති බව කරුණාවෙන් සළකන්න)
                            ඔං ඉතිං නියම විදිහට පොස්ට් එකට බහිමුකො. මම කලින් කිව්වනෙ ඉරාජ් බොහෝ වෙලාවට ලංකා රජයෙ දුර්වල තැන් අපහාසයට ලක්කරන කෙනෙක් කියල. හුටා මම එහෙම කිව්වෙ නෑ නේද? හරි කමක්නෑ දැං කිව්වනෙ. ඔන්න එයාගෙ අළුත්ම සිංදුවෙන් අපහාස කරන්නෙ ලංකාවෙ පොලිසිය ගැන. ඒකත් ඉතිං නරකම නෑ. ඉතිං කොහොමත් ලංකාවෙ අපිට වැදගත් පොලිසියක් ඉන්නවනෙ. ඔන්න ඉතිං මුගෙ සිංදුවලින් ඊළඟට තහනම් වෙන්නෙ මේක. ඊට කලිං අහල හිටියනං. YOUTUBE එකෙන්ම බැලුවනං.
කමෙන්ට් එකකුත් දාල යන්න හොඳේ.

Saturday, June 18, 2011

FUEL පරිගණක ක්‍රීඩාව

ඔන්න අදත් ආවා. පහුගිය දවස් ටිකේ වැදගත් දෙයක් තිබ්බෙ නැති නිසා පෝස්ට් එකකුත් දාන්න බැරිඋනා. ඒකට ඉතින් සමාවෙන්න. ජංජාලෙ හැමදේම තියනව කිව්වට ඉතිං ඒව හොයන මනුස්සයට තමා පික්සු හැදෙන්නෙ.
                ඔන්න එහෙනම් පෝස්ට් එකට බහිමු. කාලෙකින් ගේම් එකක් ගැන කිව්වෙ නැති නිසා ඔන්න ගේම් එකක් ගැන තමා කියන්න යන්නෙ. මේ ගේම් එකේ නම FUEL. සිංහලෙන් කියනවනම් ඉන්ධන. දැනටම කස්ටිය දන්නව ඇති මේක මොන වගේ ගේමක්ද කියල. ඔයගොල්ලො හිතුව හරි මේක රේසින් ගේමක්. හැබැයි කාර් විතරක් නෙමේ බයික්,කාර්,ලොරි,වෑන් තව මෙකී නොකී හැම වාහනයක්ම තියනවා. 
                     ඔයගොල්ලො අනිවාර්යෙන්ම NFS ගහල ඇති. හැබැයි මේ ගේම් එකේ NFS වලට වඩා වෙනසක් තියනවා. ටිකක් විතර ලොකු වෙනසක්. ඒ වෙනස තමා මේ ගේම් එකේ ට්‍රැක් තියෙන්නෙ කැළෑ මැදින්,කාන්තාර මැදින්,අයිස් කඳු මැදින් වගේ නගරබද පළාත් නොවන ප්‍රදේශ වලින්. පට්ට නේ. ඒ වගේම සමහර රේස් තියෙන්නෙ රාත්‍රියෙ. ඒ වගේම මේ රේස් එකක් දිනුවහම හම්බවෙන්නෙ ඉන්ධන. අපි වාහන ගන්න ඕනෙත් ඉන්ධන දීලා. ඒ නිසා තමයි මේ ගේම් එකට FUEL කියන නම වැටිල තියෙන්නෙ.

                  ගේම ගැන කිව්ව ඇතිනේ. මෙන්න මෙතනින් බාගන්න. බාගෙන කමෙන්ට් කටුවක් එහෙම කොටල යන්න හොඳේ.

Wednesday, June 15, 2011

කුන්ග්ෆු වීරයෙකු වීමට සිහින දකින පැන්ඩෙකුගේ කතාව

ඔන්න ඉතිං සුපුරුදු විදිහට අදත් ආවා. මාතෘකාවෙන්ම කස්ටිය දන්නවනෙ මොකක් ගැනද කියන්න යන්නෙ කියල. Kung Fu Panda 2 චිත්රපටිය ගැන තමා කියන්න යන්නෙ. පහුගිය දවස්වල පත්තර ගොඩක මේ ගැන ගියා. ඒවගෙන් උස්සපුව ටිකකුයි මම දන්න ටිකකුයි තමා කියන්න යන්නෙ.
                                පෝ එහෙමත් නැත්නම් මේ කතාවෙ කතා නායකයා නිතරම සිහින මවන්නෙ වැලි ඔෆ් පීක් නම් නිම්නය ආරක්ෂා කරගන්න. මේකෙදි එයාට සහය වෙන්නෙ එයාගෙ ගුරුතුමා ෂීෆු සහ දක්ෂ කුන්ග්ෆු ශිල්පීන් වන ටයිග්‍රස්,මන්කී,වයිෆර්,මැන්ටිස් හා ක්‍රේන් යන අයයි. මෙහිදී ලෝඩ් ෂෙන් නැමති දුෂ්ඨ තැනැත්තා අධිරාජ්යවාදියෙකු ලෙස වෙස්වලාගෙන මේ අය පරාජය කර චීනය අත්පත් කරගන්න උත්සාහ කරනවා. පෝ ඔහුව නවත්වන්න දැඩි උත්සහයක් දරනවා. කුන්ග්ෆු පැන්ඩා චිත්රපටියෙ කතාව ඒකයි.
                                       මේ චිත්රපටය නිපදවල තියෙන්නෙ Dream Work ඇනිමේෂන් චිත්‍රාගාරයේදී. මේක බෙදාහරින්නෙ පැරමවුන්ට් චිත්‍රපට සමාගම විසිනුයි. මේ චිත්රපටියෙ තිර රචනය කරල තියෙන්නෙ ජොනතන් ඒ බල් හා ග්ලේන් බර්ගර් විසින්.
                          මේ චිත්රපටයෙ පෝ වෙනුවෙන් හඬ කවන්නෙ සුපිරි නළු බ්ලැක් ජැක් විසින්. ෂීෆු ලෙස ඩස්ටින් හොෆ්මාන්ද ට්‍රයිගස් ලෙස ඇන්ජලිනා ජොලී ද මන්කි ලෙස ජැකී චෑන් ද හඬකවා තියෙනවා.
                            මිනිත්තු 90 තියෙන මේ චිත්‍රපටියෙ අධ්යක්ෂක තමා ජෙනිෆර් යූ. ලංකාවෙ ලිබර්ටි සිනමාහලේ මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරනවා.

                 උදව්වක් හැටියට කමෙන්ටුවක් එහෙම දාන්න හොඳේ.

ප්රීති පොසොන්

මේ බ්ලොගය බලන නොබලන හැමෝටමත් සියළුම ශ්රී ලංකාවාසීන්ටත් ජරමර කරදර බරබර නැති සුබම සුබ පොසොන් උත්සවයක් වේවා!

Tuesday, June 14, 2011

ගේමක් ගහන ගමන් රෙකෝඩ් කරමු

ඔන්න අදත් ආවා. මේ පෝස්ට් එක පටන් ගන්න කලින් දෙයක් කියන්න තියනවා. මම සයිට් එකට ටීකේ ඩොමේන් එකක් ගත්තා. දැන් www.e-pudumaya.tk කියන එකෙන් උනත් මේ සයිට් එකට එන්න පුළුවන්.
                                   හා හා දැන් ඉතිං පෝස්ට් එකට බහිමු. මේ සොෆ්ට්වෙයාර් එකේ නම fraps. මේක අපි ගේම් එකක් ගහනකොට ඒක රෙකෝඩ් කරන සොෆ්ට්වෙයාර් කෑල්ලක්. මේකෙන් රෙකෝඩ් කරන වීඩියෝ හයි කොලිටි එව්වා. කිසිම කරදරයක් නැතුව පැය ගානක් උනත් රෙකෝඩ් කරන්න පුළුවන් විදිහට තමා මේ සොෆ්ට්වෙයාර් එක හදල තියෙන්නෙ.
                                                                          වැඩි කතා ඕනෙ නෑනෙ මෙතනින් බාගන්න. ඊටපස්සෙ මම කියන විදිහට කරන්න. 
                           මුලින්ම fraps ඉන්ස්ටෝල් කරගන්න. ඊටපස්සෙ ඒක ඕපන් කරගන්න. දැන් fraps එහෙම්ම තියලා ඕන ගේම් එක ඕපන් කරගන්න. ගේම් එක රෙකෝඩ් වෙන්න අවශ්ය හරියට ආවහම F9 ඔබන්න. ආයි නවත්තන්න ඕන උනහම ආයි F9 ඔබන්න. ඔය විදිහට තමන්ට කැමති විදිහට රෙකෝඩ් කරගන්න. ඊටපස්සෙ ෆ්රැප්ස් ඉන්ස්ටෝල් කරපුවා ඇතු‍ලෙ තියන movies ෆයිල් එකෙන් රෙකෝඩ් කරපුවා බලාගන්න.
                   බලලා කමෙන්ට් එකකුයි ෆලෝ පාරකුයි දාන්න.

Monday, June 13, 2011

විභාගය නොහොත් අභාගය

ඔන්න අදත් ආවා. අදනම් දාන්නෙ හැමෝටම වැදගත් වෙයි කියල හිතන පොස්ට් එකක්. විභාගය විභාගය විභාගය අපේ මොළවලට වධදෙන දෙයක් (කරුමයක්) විදිහටයි අපි සළකන්නෙ. ඒකට හේතුව මොකක්ද කියන්න ගොඩක් දෙනෙක් හරියටම දන්නෙ නෑ. ඒ උනාට අපි අතරින් ගොඩදෙනෙක් විභාගයට කැමති නෑ. පන්තියක පළවෙනියා උනත් හිතන්නෙ විභාගය කියල දෙයක් තිබ්බෙ නැත්නම් හොඳයි කියල.
                                  ලංකාවෙ හුඟක් උගත් පණ්ඩිතවරු උනත් කියන්නෙ විභාග මුල්කරගත් අධ්යාපන ක්රමය අපේ රටට එච්චර ගැළපෙන්නෙ නෑ කියල. අපේ රට තුන්වෙනි ලෝකයේ දුප්පත් රටක් හැටියට විභාග වලට ගෙවන සල්ලි ඉතුරු කරගෙන කොච්චර නම් දේවල් කරන්න පුළුවන්ද. 
                       මම මේ කියන්න යන්නෙ මම දැක්ක දෙයක් ගැන. මූණුපොතේ ගොඩදෙනෙක් මේ වෙනකොට පාඩම් වැඩ නිසා බුකියට එන එක නවත්තල. A/L නිසා කියල තමා කියන්නෙ. බුකියට එන්නෙ නැති එකනම් නරක නෑ. ඒ උනාට රෑ තිස්සෙ වතුර බේසම් වලට කකුල් දාගෙන පාඩම් කරනකොට කොහොමද. කස්ටිය හිතයිද දන්නෑ මමත් අත්දැකීම් ඇතුව කියනවා කියල. අනේ තාම නං මට එහෙම මෙව්ව එකක් උනේ නෑ. ඒ උනාට මමත් කවදහරි ඔව්ව මෙව්ව කරන්න එපෑ. ආපෝ මතක් වෙනකොටත් බය හිතෙනවා.
                              ඉතිං මම කියන්නෙ අපි ආඩම්බරකාර තාත්තට කියමු වහාම ක්රියාත්ම වෙන පරිදි විභාග නවත්තන්න කියල. මේ ගැන ඔයාට හිතෙන හැටි කමෙන්ට් කරන්න.

Friday, June 10, 2011

ලංකා ප්රිමියර් ලීග්

ඔන්න ඉතිං ලංකාවෙ ක්රිකට් වලට කැමති කට්ටියට හොඳ චාන්ස් එකක් ලැබිල තියනවා. පහුගිය දවස්වල ගොඩදෙනෙක් IPL බල බල හූල්ලන්න ඇති ලංකවෙ මේ වගේ තරඟයක් තිබුණානම් කියල. ඔන්න ඒ කට්ටියට තමා ශ්රී ලංකාවෙ ප්රිමියර් ලීග් තරඟයක් (SLPL) පවත්වන්නෙ. දැං නොදන්න කට්ටිය කියයි මම හද්ද බේගල් කියනව කියල. ඒ උනාට ඉතිං මම මොනවා කරන්නද? මේ තරඟය ආරම්භ වෙන්නෙ ජූලි 19 වෙනිදා. තරඟ කාලසටහනත් මේ එක්ක තියනවා. බලලා කමෙන්ට් එකකුත් දාගෙනම යන්නකෝ.

ඉමේජය විශාල කිරීමට ඉමේජය මත ක්ලික් කරන්න.

Thursday, June 9, 2011

ආයි ආවා

ඔන්න ඉතිං පුදුමයේ වැඩ ආයි පටාං ගත්තා. පහුගිය දවස් ටිකේ මට එකවුන්ට් එකට ලොග් වෙන්න බැරුව පුදුම දුකක් වින්දෙ. හැබැයි ඒ සේරම බාධක ජයගෙන ඔන්න මම ආවා. බ්ලොගියෙ තියන සේරම අවුල් ටිකත් හදලා වැඩ ටික ඉක්මණට පටාං ගන්නයි මගේ බලාපොරොත්තුව. එහෙනං හැමෝටම ජය වේවා.

 
පුදුමය:amAZinG | Copyright © 2011 Diseñado por: compartidisimo | Con la tecnología de: Blogger