Buscar

Wednesday, July 20, 2011

Harry potter - Deathly Hallows ගේම් එකේ කොටස් දෙකම බාගන්න

ඔන්න ඉතින් අදත් ආවා. අදත් අරගෙන ආවේ අපේ කස්ටිය ගොඩක් කැමති චිත්‍රපටි මාලාවක් නවතම චිත්‍රපටයේ ගේම් එක අරගෙන. ගේම් එක කිව්වට එක ගේම් එකක් නෙවේ. ගේම් දෙකම ගෙනාවා. ඔන්න කැමති කස්ටිය බලන්නකෝ. බලලා කමෙන්ට් එකකුත් දාගෙනම යන්න හොඳේ. එහෙනම් පෝස්ට් එකට බහිමු.
               අපේ කස්ටිය ගොඩක්ම කැමති චරිතයක්නේ හැරී පොටර් කියන්නේ. මේකේ නවතම චිත්‍රපටය තමා deathly hallows කියන්නේ. හැබැයි චිත්‍රපටියක් නෙමේ චිත්‍රපටි දෙකක් කිව්වත් හරි. ඒ කියන්නේ මේ චිත්‍රපටිය නිකුත් උනේ කොටස් දෙකක් විදිහට.(part 1 and part 2) ඔන්න ඒ චිත්‍රපටි දෙකේම ගේම්ස් චිත්‍රපටය එක්කම නිකුත් කරන්න electronic arts (ea games) එකේ කස්ටිය ක්‍රියාකරලා තියනවා. මම මේකේ part one නම් ප්ලේ කරලා තියනවා. ඒකනම් පට්ටම පට්ට.
                       මේක ea games සයිට් එකෙන් ගන්නවා නම් රුපියල් 1000 වගේ ගානක් යනවා. ඒත් මොකටද ඔච්චර සල්ලි නාස්ති කරන්නෙ නිකම්ම ගන්න පුලුවන්කම තියෙද්දි මොකටද සල්ලි දෙන්නෙ. ඔයත් හැරී පොටර්ගෙ රසිකයෙක් නම් ඔන්න පහලින් බාගන්න. ඔන්න අනිවාර්යෙන්ම බාගන්න හොඳේ. 



Part one

Part two

ඔන්න එහෙනම් මම කැපෙනවා. මතකනේ කමෙන්ට් එකක් දාගෙනම යන්න.................

                                             

Tuesday, July 19, 2011

විශේෂයෙන් දැනුම් දෙන වගයි

ඔන්න අදත් පුරුදු විදිහටම මම ආවා. හැබැයි අදනම් ආවේ ගේමක් ගැනවත් වෙන මොකක් ගැනවත් කියන්න නෙවේ. මගෙ අළුත් සයිට් එක ගැන කියන්නයි ආවේ. සයිට් එක කිව්වට මහා පරිමාණ එකක් නෙවේ. වර්ඩ්ප්‍රෙස් එකක්. ඉතිං ඔය වර්ඩ්ප්‍රෙස් එක පටන් ගත්තට ඔය මගුල ගැන මම කිසිම දෙයක් දන්න එකක්යෑ. මම ඒක පටන් ගත්තේ සම්පූර්ණෙන්ම ගේම් ගැන දාන්න. මම ඉතින් හිතුවා මේ බ්ලොග් එක බලන යාළුවන්ගෙන් පොඩි උදව්වක් ඉල්ලන්න. මේකේ වර්ඩ්ප්‍රෙස් ගැන දන්න කව්රුහරි ඉන්නව නම් මට ඒක කරගෙන යන්න උදව්වක් කරන්න. දැන් කස්ටිය බයඋනාද දන්නෑ මේ බ්ලොග් එක නතර කරයි කියල. අපොයි නෑ මම දිගටම මේක කරගෙන යනවා. ගේම් ගැනත් දානවා. වර්ඩ්ප්‍රෙස් එක පටන් ගන්නෙත් මට හිතුනොත් විතරයි. ඔන්න එහෙනම් යාළුවො ටික මට උදව් කරන්න ඕනේ හොඳද. ඔන්න කැමති කස්ටිය පහළ ලින්ක් එක තියනවා. බලාගෙන හොඳ නරකත් කියාගෙනම යන්නකෝ. ඒ වගේම ඔයගොල්ලො මට උදව් කරනවනම් මට ඊමේල් කරන්න නැත්නම් මූනුපොතෙත් මම ඉන්නවා. වර්ඩ්ප්‍රෙස් සම්බන්ධව ඔයගොල්ලො දන්න ඕනෙ දෙයක් කියන්න. ඒ හැමදෙයක්ම මට ගොඩක් වටිනවා.


වර්ඩ්ප්‍රෙස් එකට
bawanthahansaka.wordpress.com

ඊමේල්
ybhanska@gmail.com
byaddehige@yahoo.com


ඔය ඊමේල් දෙකෙන් ඔයගොල්ලන්ට පුළුවන් නම් යාහූමේල් එකට මේල් කරන්න. ජීමේල් එක පොඩ්ඩක් කරදරයි.


මූනුපොත
www.facebook.com/bhansaka

ඔන්න එහෙනම් කියන්න ඕනෙ ටික කිව්වා. එහෙනම් මම කැපෙනවා. ඔබ සැමට සුභ අනාගතයක්!


සැ.යු.- වර්ඩ්ප්‍රෙස් එකට ගිහින් තාම මේ මගුල හදල නෑ කියල එහෙම මට බනින්න එපා ඕං.

Sunday, July 17, 2011

Burnout Paradise ගේම් එක බාගන්න

ඔන්න ඉතින් අදත් ආවා පස්ට ගේමක් අරගෙන. ඉතින් කස්ටිය කොහොමද ඉතින් අවුලක් නැතුව ඉන්නවා ඇතිනේ. අවුලක් නැත්නම් එච්චරයි. මේ ගේම් එක පළවෙනි වතාවට මට ප්ලේ කරන්න ලැබුනේ ඊයේ. හැබැයි එක පාරින්ම ගේම් එක හිතට අල්ලලා ගියා. පට්ට ගේම් එකක්. කැමති කස්ටිය බලන්නකෝ. ඔන්න එහෙනම් පෝස්ට් එකට බහිමු.

                                        ලෝකෙ දැනට හොඳම රේසින් ගේම් නිෂ්පාදකයන් වන Electronic Arts (EA Games) ආයතනයෙන් තමා මේකත් හදලා තියෙන්නේ. මේකත් රේසින් ගේම් එකක් තමා. නමුත් මේකේ පොඩි වෙනසක් තියනවා. ඒක තමා බයික් රේසිනුත් මේ ගේම් එකට ඇතුළත් වෙනවා. මේ ගේම් එකට පසුබිම් වෙලා තියන නගරය තමා පැරඩයිස් සිටි කියන්නේ. මේ සිටි එකනම් පාරාදීසයක්ම තමා. මේ ගේම් එකට මම කැමති උනෙත් මේ ගේම් එකේ ටවුන් එක නිසා තමා. ඒ වගේම් වෙනත් රේසින් ගේම් වල නැති තවත් අංගයක් මේ ගේම් එකේ තියනවා. ඒක තමා Party කියල විශේෂ අංගයක් මේ ගේම් එකේ තියනවා. මේකෙන් කරන්න පුළුවන් එකම කොම්පීතරෙන් දෙන්නෙකුට ටයිම් චැලේන්ජ් එකක් තියන්න පුළුවන්. පළවෙනියට ගමන් කරන කෙනා විනාඩි එකක් ඇතුලත ගියොත් දෙවෙනියා ජයග්‍රහණය සඳහා විනාඩියකට කලින් යන්න ඕනේ.
                    ඔන්න ගේම් එක ගැනත් කිව්වා. දැන් ඔය පහල තියන ස්ක්‍රීන්ෂොට් ටික බලලා ඉන්නකෝ.











කොහොමද පස්ට නේද. ඔන්න කැමති කට්ටිය පහළින් බාගන්නකෝ. ඊට කලින් රික්ස් ටිකත් බලලම ඉන්න.
p iv
1gb ram
256 mb vga
9.0 direct x

ඔන්න පහළින් බාගන්න.


ඔන්න බාගෙන මතක ඇතුව කමෙන්ට් එකක් එහෙම දාගෙනම යන්න හොඳේ

Saturday, July 16, 2011

Freedom Fighters ගේම් එක බාගන්න

ඔන්න ඉතින් සුපුරුදු විදිහට අදත් ආවා සුපිරි ගේමක් අරගෙන. ගොඩක් අයනම් මේක ගහලා ඇති. යුධ ගේම් ගණයට වැටෙන ගේමක් මේක. ඔන්න වෝ ගේම් වලට කැමති කට්ටියටනම් ගැළපෙනම ගේමක්. ග්‍රැෆිකුත් සුපිරිම සුපිරි. එහෙනම් කැමති කට්ටිය බලන්නකෝ.

Freedom Fighters ක්‍රීඩාවේ දර්ශනයක්
                  ලෝක යුද්ධයට සම්බන්ද උනු සියලුම යුරෝපීය රටවල් රුසියාවට යටත් වෙනවා. නමුත් ඇමරිකාව ඉතුරු වෙනවා. රුසියානු සෙබළු දහස් ගණනක් සබ්මැරීන් වලින් පැමිණ ඇමරිකාවේ හමුදාවට එරෙහිව සටන් කරනවා. ඉතා දුර්වල තත්වයක පවතින ඇමරිකන් හමුදාවන්ට රුසියාවට එරෙහි වන්නට නොහැකි වෙනවා. සියලු නගර රුසියන් හමුදාවට යටත් වෙද්දී යම් පිරිසක් ඊට එරෙහිව නැගී සිටිනවා. මෙම කණ්ඩායමේ නායකයා ක්‍රිස් නැමැත්තෙක්. පරිගණක ක්‍රීඩකයා ක්‍රියා කල යුතතේ ක්‍රිස් ලෙසින්. ඔවුන්ගේ මූලස්ථානය ඇත්තේ භූගතව පිහිටි ගොඩනැගිල්ලකයි. ක්‍රිස් ඉදිරියේ ඇත්තේ විශාල අභියෝගයක්. මෙතරම් විශාල හමුදාවකට එරෙහිව ඔහු තනිව සටන් කරන්නේ කෙසේද? දැනගන්න ඕන්නම් ඉතින් මේ ගේම් එක ප්ලේ කරන්න.
                            ඔන්න ඉතින් ගේම් එක ගැන කිව්වා. තව එකක් මේ ගේම් එකේ මෙහෙයුම් ටිකක් අමාරු ඒවා. ඒවගේ වෙලාවට පාවිච්චි කරන්න පාස්වර්ඩ් ටික මම දෙන්නම්. මට ගොඩක් ඒව මතක නැති නිසා චීට් බුක් එකෙන් බලන්න. මම ලින්ක් එක දෙන්නම්. ඔය පහළ බටන් එක ඔබලා යන්නකෝ.




කැමති කට්ටිය පහළින් බාගන්නකෝ.


ඔය සයිට් එකේ ගේම් එක ගැන විස්තරයක් එක්ක ඩවුන්ලෝඩ් කරන්න පහසුකමුත් දීල තියනවා. එහෙනම් බාගෙන ප්ලේ කරන්කෝ. කමෙන්ට් එකකුත් දාගෙනම යන්න හොඳේ



Friday, July 15, 2011

Mars Needs Moms චිත්‍රපටිය බාගන්න

ඔන්න ඉතිං අදත් ආවා සුපිරි ඇනිමේෂන් චිත්‍රපටියක් අරගෙන. කාලෙකින් හොඳ චිත්‍රපටියක් ගැන දාන්න බැරිවෙච්ච එකේ ඔන්න බලලා ඉන්නකෝ. තව දෙයක් ගැන ඔයගොල්ලන්ගෙන් සමාව ඉල්ලන්න ඕනේ. මට ඊයේ පෝස්ට් එකක් දාන්න බැරිඋනා. අනික වැදගත් දෙයක් හම්බ උනෙත් නෑ. අහම්බෙන් වගේ තමා මේ චිත්‍රපටියත් සෙට් උනේ. එහෙනම් පෝස්ට් එකට බහිමුකෝ.

                    අඟහරු ග්‍රහලොවේ වෙසෙන පිටසක්වල ජීවීන්ට විශාල ප්‍රශ්නයක් ඇතිවෙනවා. එනම් එදිනෙදා අඟහරු ලොවේදී උපදින දරුවන් බලාගැනීමට අයෙක් නැතිවීම. ඒ සඳහා ඔවුන් නැනී යන නමෙන් හඳුන්වන රොබෝලා පාවිච්චි කරනවා. මෙම නැනීලාට දරුවන් පාලනය කරන හැටි ඔවුන්ට ඇතුල් කරන්නෙ යන්ත්‍රයක් ආධාරයෙන්. එයට දරුවන් පාලනය කළ හැකි මවක් ඇතුල් කලවිට එම යන්ත්‍රය මගින් ඔවුන්ගේ දරුවන් පාලනය කල හැකි ශක්තිය උරාගන්නවා. මෙලෙස ඔවුන් පෘථිවියෙන් දරුවන් පාලනය කල හැකි මවක් පැහැරගෙන එනවා. ඇයට සිටින්නේ ඉතා කීකරු පුතෙක්. ඔහුගේ නම මයිලෝ. මයිලෝ සිය මව පැහැරගෙන යන යානයටම නැගී අඟහරු වෙත යනවා. ඔහුට සිය මව  බේරා ගත හැකිවේද? අඟහරු ජීවීන්ට එරෙහිව ඔහු ක්‍රියා කරන්නේ කෙසේද?
           මාර්ස් නීඩ් මාම්ස් චිත්‍රපටයේ කතාව ඕකයි. මේ චිත්‍රපටය හදල තියෙන්නෙ අපි කවුරුත් දන්න ඩිස්නි වර්ල්ඩ් ආයතනයෙන්. ලංකාවෙත් මෑතකදී ඉතා සාර්ථකව තිරගත වෙච්ච චිත්‍රපටයක් මේක. ඔන්න චිත්‍රපටිය ගැනත් කිව්වා. කැමති කට්ටිය පහළින් බාගන්නකෝ.







කමෛන්ට් එකකුත් දාගෙනම යන්න හොඳේ


Wednesday, July 13, 2011

මාක් කාරයා සන්ධාන ගහයි

ඔන්න අදත් අපේ ආදරණීය මාක් මාමා කරපු කුප්ප වැඩක් ගැන විස්තරයක් ගෙනාවා. කස්ටිය කොහොමද ඉතින් සනීපෙන් එහෙම ඉන්නවා ඇතිනේ. එහෙනම් එච්චරයි. පෝස්ට් එක බලමුකෝ.

                          මම කලින් ගූගල් ප්ලස් එක ගැන පොඩි හැඳින්වීමක් කළානේ. ඔන්න ගූගල් ප්ලස් එකෙන් මුලින්ම වීඩියෝ කෝල් ගැනීමේ පහසුකමකුත් ලබාදුන්නනේ. ඔන්න අපේ මාක් මාමා ඒක කොපි කරලා බුකියටත් මේ පහසුකම හඳුන්වා දුන්නා. ඒකට අපේ ගේට්ටු මාමත් හවුල්ලු.(ගේට්ටු මාමා යනු බිල් ගේට්ස් බව කරුණාවෙන් සළකන්න) ඒ කියන්නෙ බුකිය හා ස්කයිප් එකතු කරලා තමා මේක හදලා තියෙන්නෙ.
                         කොහොමහරි ඔයගොල්ලන්ට ඔය පහසුකම ඕනෙනම් පහලින් සයිට් එකට යන්න ඒට පස්සෙ මම කියන විදිහට වැඩ කරන්න.


ඔන්න ඔතනට ගියාම තියනවා get started කියල බටන් එකක්. ඒක ඔබලා සෙටප් එකක් ඩවුන්ලෝඩ් කරගන්න. ඒක ඩවුන්ලෝඩ් කරගෙන සෙටප් එකෙන් ඉන්ස්ටෝල් කරාම ඔයාගෙ චැට් වලදිත් යාළුවගෙ ප්‍රොෆයිල් එකේදිත් පහළ තියන විදිහට පෙන්නයි.


ඊටපස්සෙ යාළුවටත් ඔය කේස් එක කියලා යාළුවත් එක්ක මූණ බල බල කතාකරන්න. මතක ඇතුව කමෙන්ට් එකකුත් දාගෙනම යන්න හොඳේ


Tuesday, July 12, 2011

රොබෝවරුන්ට එරෙහි යුද්ධය

ඔන්න සුපුරුදු විදිහටම අදත් ආවා. ඊයෙත් පෝස්ට් එකක් දාන්න බැරිවෙච්ච නිසා ඕං දානවා නියම පෝස්ට් එකක්. කාලෙකින් චිත්‍රපටියක් ගැන දාන්න බැරිවෙච්ච නිසා ඕං අද දාන්නෙ TRANSFORMERS III - DARAK OF THE MOON චිත්‍රපටියයි. ලංකාවේ මේකෙ පළවෙනි චිත්‍රපටි දෙකම ඉතා ජනප්‍රිය වෙච්ච හින්දා මම හිතන්නෙ හැඳින්වීමක් ඕනෙ නැතිවෙයි. තව එකක් මේක මගෙ පෝස්ට් එකක් නෙවේ. දිවයින පුවත්පතේ මීවිත අතිරේකයේ ගිය එකක්. මම මේ පෝස්ට් එක දාන්නෙ ඒක බැලුවෙ නැති කට්ටියට. ඔන්න එහෙනම් බලන්නකෝ.
                   Transformers චිත්‍රපටය පසුගිය වකවානුවේ හොලිවුඩය මුදාහල චිත්‍රපට අතර අතිශය ජනප්‍රියත්වයට පත් චිත්‍රපටයක් විය. එය එසේ ජනප්‍රියත්වයකට හිමිකම් කීවේ චිත්‍රපටයේ අඩංගු කැබලි කැඩෙන සේ විනාශ කර දැමුවද අවට ඇති සියළු දේ එක්කොට නැවත ගොඩනැගෙන රොබෝ කණ්ඩායමකගේ අති බිහිසුණු ප්‍රහාරයන් මැඩලීමට එක්වන පිරිසක ගේ ක්‍රියාදාමයන් හා බැඳුනු කතා පුවතක් ඊට අඩංගු විය. Transformers පළමු චිත්‍රපටයෙන් පසු දෙවැන්න තැනෙන්නේ පළමු චිත්‍රපටයේ සාර්ථකත්වය නිසාමය. Transformers the dark of moon චිත්‍රපටය තිරගත කිරීම ආරම්භ කරන්නේ එහි තෙවැන්න ලෙසය. එහෙයින්ම මුල් චිත්‍රපට ද්විත්වය කෙතරම් ජනප්‍රිය ද යන්න වටහාගත හැක. මුල් චිත්‍රපට පෙලෙහි රඟපෑ මැග්නා ෆොක්ස් හා ප්‍රධාන චරිත කිහිපයක්ම කතා මාලාවෙහි තෙවැනි චිත්‍රපටයේ දක්නට නැත. ඒ වෙනුවට වෙනත් හොලිවුඩ් නළු නිළියන්  රැසක් ආදේශ කර ඇත. ෂියා ලෙබිවුෆ්,ටයිරිස් ගිබ්සන්,ජෝශ් ඩුහමේල්,රෝස් හන්ටින්ග්ටන්,ජෝන් ටර්ටරෝ,ප්‍රැට්‍රික් ඩෙම්ප්සි,රිච් හර්ච්මන් ආදී රංඟන ශිල්පීහු රැසක් Transformers III චිත්‍රපටයට දායක වී සිටී.
                            එමෙන්ම රොබෝ චරිත සඳහා හඬ කැවීමටද ජනප්‍රිය හොලිවුඩ් චරිත රැසක් එක්ව සිටීම විශේෂත්වයකි. ලොව භාවිතවන නවීනතම 3D තාක්ෂණය චිත්‍රපටයේ ආකර්ශනීය බව ත්‍රීව්‍ර කිරීම සඳහා උපයෝගී කරගෙන ඇත. එහෙයින්ම චිත්‍රපටය මේ වනවිට ආදායම් වාර්තා අතර ප්‍රමුඛස්ථානයක් ලබාගැනීමට සමත්ව සිටී.
                         බහුතර රූගත කිරීම් සිදුකර ඇත්තේ කාම්බෝජයේ වන අතර ඉනඩියා මෝටර් රථ කිහිපයක් එකිනෙක ගැටී බරපතල අනතුරක්ද සිදුව ඇත්තේ එතරම්ම විශිෂ්ට රූගත කිරීමක් සඳහා නිෂ්පාදකවරයා සහ අධ්‍යක්ෂකවරයා කටයුතු කර ඇති නිසාය.
                            ඉන් මිලියන 40 කට ආසන්න වූ අලාභයක් සිදුව ඇති බවද වාර්තා වේ.
                       2011 ජූනි මස 29 වැනි දින ලොව පුරා සමගාමී ප්‍රදර්ශනයක් තිරගත කිරීම අරඹා ඇත. Transformers - Dark of the moon චිත්‍රපටයේ තිර රචනය ආරෝන් කෘගර් විසිනි . මිනිත්තු 157ක ධාවන කාලයකින් යුත් චිතුපටයේ අධ්‍යක්ෂණය ප්‍රකට හොලිවුඩ් අධ්‍යක්ෂක මයිකල් බේ විසිනි.


විශේෂ ස්තූතිය දිවයින පුවත්පතට.


හෆෝයි ඔන්න ඒකත් ඉවරයි. ඔන්න එහෙනම් මම කැපෙනවා. ඔන්න පත්තරේ දාල තිබ්බ ඉමේජස් ටිකත් දැම්මා. මතක ඇතුව කමෙන්ට් එකකුත් දාගෙනම යන්න හොඳේ.


                                 ඔන්නම් ඔය පහළින් බාගන්න

Sunday, July 10, 2011

මෙන්න බොලේ තව බුකියක්

ඔන්න කස්ටිය අදත් මම ආවා. අදනම් ගෙනාවේ වැදගත් නිවුස් එකක්. සමහරුන්ට වැදගත් ඇති. හැබැයි මටනම් වැදගත් නෑ. ඒ වගේම කස්ටියට පුදුමය අළුත් කරල තියනවා පේනව ඇති. මම ඉතිං එක විදිහට ඉන්න කැමති නෑනේ. ඒකයි මේ අළුත් වෙනස. ඊයේ දවසම ටෙම්ප්ලේට් මාරු කර කර පිස්සු නැටුවා. ඒකෙන් කාටහරි කරදරයක් උනානම් සමා වෙන්න. එහෙනම් පෝස්ට් එක බලන්නකෝ.

                         මේකයි කේස් එක. ගූගල් වලින් අලුත් සමාජ ජාල වෙබ් අඩවියක් හඳුන්වා දුන්නා. සමහරු නම් මේ වෙනකොටත් ඒක දන්නවා ඇති. දැනගන්නත් එපැයි. මොකද ඉතිං අපේ සමහරුන්ට සෝෂල් නෙට්වර්ක් එකක් ගැන කිව්වාම පිස්සු හැදෙනවනේ. මේකෙ නම Google+ (G+)  ගූගල් ප්ලස්. ලෝකෙ තියන හොඳම සර්ච් එන්ජින් එක මොකක්ද කියල ඇහුවොත් ගොඩදෙනෙක්ගේ උත්තරය වෙන්නෙ ගූගල් කියලා. ලෝකේ හොඳම සමාජ ජාල අඩවිය ෆේස්බුක් කියල ඔයගොල්ලො කියයි. නමුත් මේ ගූගල් ප්ලස් ෆේස්බුක් පරාජය කරයි කියල ගොඩදෙනෙක් කියනවා. ඒකට හේතුව මාක් සකර්බර්ග්ගේ වැඩ පිළිවෙලට ගොඩ දෙනෙක් අකමැති වීම.
                                ගොඩදෙනෙකුට දැන් හිතෙයි වෙනස් වෙන්න කාලෙ හරි කියල. මොකද දැනටම ෆේස්බුක් ගූගල් ප්ලස් එකට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරල නිසා. මේ අඩවි දෙකෙන් මුලින්ම වීඩියෝ කෝල්ස් පහසුකම ලබාදුන්නේ ගූගල් ප්ලස්. ඒත් දැන් ෆේසුබුකිය ඒක හොරකම් කරල වීඩියෝ කෝල්ස් පහසුකම ලබාදීල තියනවා. ඒ වගේම ෆේස්බුක් මුලින්ම කොපි කලේ ජී මේල්. ඒ වෙනුවට බුකියෙන් හඳුන්වා දුන්නා ෆේස්බුක් මේල්. ඒ අතින් බලද්දි ගූගල් මාමලත් සමාජ ජාල වෙබ් අඩවියක් හඳුන්වා දීමේ වරදක් නෑ නේද?
                                 හැබැයි ඉතිං ඔය සමාජ ජාල වෙබ් අඩවියක් හඳුන්වා දුන් ගමන්ම ඒකට පනින එක මෝඩ වැඩක්. තමන්ට හොඳ දේ හොඳින් හිතල මතල කරන්න ඕනේ. නැත්නම් තමා තමාටම වල කපාගැනීමක් වෙනවා. ගොඩක් අය අමාරුවෙ වැටෙන්නත් පුළුවන්.(මගුල් තුලා කතාකරන්න යනව එහෙම නෙවේ ඕං)
ඉතිං කියන්න ඕනෙ ටික කිව්වා. එහෙනම් මම කැපෙනවා. ඔබ සැමට ජය!


යන්න කලින් කමෙන්ට් එකක් එහෙම දාල යන්න හොඳේ

Saturday, July 9, 2011

Vice City ගේම ආපහු ගහමුද

ඔන්න අදත් අරගෙන ආවා ටිකක් පරණ ගේම් එකක්. මේ ගේම් එක ගැනනම් හැමෝම දන්නවා ඇති. පරණ උනත් හරිම වටින ගේම් එකක් නිසා ඔන්න මම ගෙනාවා. මේක ප්ලේ කරල නැති ප්ලේ කරන්න කැමති අයයි ප්ලේ කරල තිබුනත් ආයි ප්ලේ කරන්න කැමති කට්ටිය බලන්නකෝ. මේක ප්ලේ කරල තියන අයත් බලල හොඳ නරක කියලම යන්නකෝ. තව දෙයක් තියනවා කියන්න www.e-pudumaya.tk කියන ඩොමේන් එකේ පොඩි අවුලක් නිසා දැන් ඒ ඩොමේන් එක පාවිච්චි කරන්නේ නෑ. දැන් ඔයගොල්ලන්ට wwwpudumaya.blogspot.com එක හරි www.bawanthanc3.tk කියන ලින්ක් වලින් මේ බ්ලොග් එකට එන්න පුළුවන්.

වයිස් සිටි ක්‍රීඩාවේ දර්ශන සහිත පෝස්ටර් එකක්
             අද හඳුන්වා දීම ටිකක් වැඩිඋනා. කමක් නෑ එහෙනම් පෝස්ට් එකට බහිමුකෝ. වයිස් සිටි ගේම් එක නිකුත් වෙලා තියෙන්නෙ 2003 වර්ෂයේ. කොහොමද පරණ. හැබැයි මම මේක කෞතුකාගාරෙන් හොයාගත්ත එකකනම් නෙමේ. දැං අළුතෙන් එන ගේම් වලට ගොඩදෙනෙක් කැමති නෑනේ. එකට හේතුව අළුත් ගේම් වල ත්‍රිමාණකරන වැඩිවීම. ගේම් එක ඇත්තම වගේ උනාම ගේම් එක ගහන්න එපාවෙනවා. අනික ඒව ගහන්න ගොඩක් හොඳ පරිගණකත් ඕනේ. කොහෙන් හරි බොහොම අමාරුවෙන් හොර සොෆ්ට්වෙයාර් එකක් හොයාගන්න සමහර අයට කොහෙන්ද එච්චර හොඳ කම්පියුටර් ගන්න සල්ලි. මමත් ඔය අළුතෙන් එන හැම ගේම් එකක්ම ගන්නවා. හැබැයි ටික දවසක් ප්ලේ කරනකොට එපා වෙනවා.
වයිස් සිටි ක්‍රීඩාවේ පෝස්ටරයක්
                   සෝනි කියන්නෙ ලිබර්ටි නගරයේ සිටින පාතාල නායකයෙක්. ඔහුට අවශ්‍ය වෙනවා වයිස් සිටි නගරයට තමන් වෙනුවෙන් වැඩ කරන්න යමෙක්ව වයිස් සිටි නගරයට යවන්න. ඒ සඳහා ඔහු තෝරාගන්නේ ටොමී නම් පුද්ගලෙයෙක්ව.(දාන්න වෙන නමක් තිබ්බෙම නැද්ද දන්නෑ. ටොමී කියන්නෙ බල්ලන්ට දාන නමක්නේ) සෝනි ටොමීට යම් මුදලක් දී තවත් දෙදෙනෙකුත් සමග වයිස් සිටි වෙත එවනවා. ඔවුන්ට වයිස් සිටි නගරයේදී උදව් කරන්නේ කෙන් රොසෙන්බර්ග් නැමති තැනැත්තෙක්. ඔවුන් වයිස් සිටි වරායට යන්නේ සෝනි දුන් මුදලෙන් සුදු රත්රන් හා දියමන්ති මිලට ගැනීමටයි. නමුත් සියල්ල ඉතා ඉක්මණින් වෙනස් වෙනවා. සැඟවුනු වෙඩික්කරුවන් පිරිසක් ඔවුන්ට වෙඩි තබනවා. මෙම වෙඩි ප්‍රහාරයෙන් ටොමීගේ සඟයින් දෙදෙනා මරණයට පත්වෙනවා. ඔවුන් සතුව තිබූ සෝනිගේ මුදල් ඔවුන්ට අහිමිවෙනවා. මුදල් නැතිවූ බව දැනගත් සෝනි ටොමීට තර්ජනය කරන්නෙ කෙසේ හෝ තම මුදල් සොයාදෙන්න කියමින්. ටොමීට එම මුදල් සොයාගත හැකිවේද?
                වයිස් සිටි පරිගණක ක්‍රීඩාවේ කතාව ඕකයි. gta පරිගණක ක්‍රීඩා මාලාවේ 4 වෙනි ගේම් එක විදිහට තමයි මේ ගේම් එක නිකුත් උනේ.
මෙන්න රික්ස්
p iv 1.7 ghz processor
256 mb ram or 128 mb ram
64 mb vga or 32 vga
7.0 direct x
වගේ හරිම අඩු සුදුසුකම තමා ඔනේ කරන්නේ. කැමති කට්ටිය පහළින් බාගන්නකෝ ෆුල් වර්ෂන් එකයි සවුන්ඩ්ස් නැති වර්ෂන් එකයි තියනවා. සවුන්ඩ්ස් නැති එකත් එලටම වැඩ කරනවා. ලංකාවේ ගොඩක් තියෙන්නෙ සවුන්ඩ්ස් නැති වර්ෂන් එක තමා.


                                        Full Version


                                       Rip Version




කමෙන්ට් එකක් එහෙම දාගෙනම යන්නකෝ

Friday, July 8, 2011

WWE All Stars පරිගණක ක්‍රීඩාව

ඔන්න අදත් අරගෙන ආවා රෙස්ලින් වලට කැමති අය වෙනුවෙන් ගේම් එකක්. රෙස්ලින් වලින් නිකුත් කරපු අළුත්ම ගේම් එක තමා ඕල් ස්ටාර්ස් කියන්නේ. කැමති කස්ටිය බලන්නකෝ. කොහොමත් ඉතිං ලංකාවේ ගොඩදෙනෙක් රෙස්ලින් වලට කැමතියිනේ.

ඕල් ස්ටාර් ක්‍රීඩාවේ ජෝන් සීනා සහ ද රොක් අතර සටනක දර්ශනයක්
                                 රෙස්ලින් වල අතීතයේ හා වර්තමානයේ සිටින සියළුම ක්‍රීඩකයින් මෙයට ඇතුළත් වෙනවා. පරණ අයට කැමති අයට පරණ රෙස්ලර්ස්ලා තෝරාගෙන ක්‍රීඩා කරන්නත් පුළුවන්. තමන් කැමති වර්ගයේ රෙස්ලින් තරඟයක් උනත් ක්‍රීඩා කිරීමේ හැකියාව ක්‍රීඩකයා සතු වෙනවා.
                   පහුගිය දවස් ටිකේ wwe ෆෑන් පේජ් එකට ගියානම් ඒකෙත් මේ ගේම් එකේ ඉමේජස් අප්ලෝඩ් කරල තියෙනව ඔයගොල්ලො දකින්න ඇති. තරමක් ග්‍රැෆික් අප්සට් උනත් ගේම් එකනම් එල. ග්‍රැෆික්ස් උනත් එච්චර අවුලක් නෑ.
මෙන්න මේ ඉන්නෙ ඒකෙ ඉන්න කට්ටිය


1. “Macho Man” Randy Savage (Legend)
2. “The Million Dollar Man” Ted Dibiase (Legend, Gamestop pre-order exclusive)
3. Andre the Giant (Legend)
4. Big Show (Superstar)
5. Bret Hart (Legend)
6. Eddie Guerrero (Legend)
7. Hulk Hogan (Legend)
8. Jimmy “Superfly” Snuka (Legend)
9. John Cena (Superstar)
10. John Morrison (Superstar)
11. Kofi Kingston (Superstar)
12. Randy Orton (Superstar)
13. Rey Mysterio (Superstar)
14. Ricky “The Dragon” Steamboat (Legend)
15. Sgt. Slaughter (Legend)
16. Sheamus (Superstar)
17. Stone Cold Steve Austin (Legend)
18. Ted DiBiase Jr. (Superstar, Gamestop pre-order exclusive)
19. The Rock (Legend)
20. Triple H (Superstar)
21. Ultimate Warrior (Legend)
Ring Annoucer
Howard Finkel
Commentary Team
Jerry Lawler
Jim Ross

කොහොමද ඉන්න කස්ටිය එලනේ. මමනම් හිතුවෙ ඔයිට වඩා වැඩිවෙයි කියල. හැබැයි මේ ඉන්න ටිකත් මදෑ. මේ ගේම් එකේ තියන විශේෂ ලක්ෂණේ තමා විචාරකයෝ හා හඳුන්වාදෙන්නෙකු සිටීම.(commentary team and ring announcer) ඔන්න කැමති කට්ටිය බාගන්නකෝ.



කමෙන්ට් එකක් දාගෙනම යන්න හොඳේ.

Thursday, July 7, 2011

රස කතා

හලෝ කස්ටිය ඉතිං කොහොමද? අද උදේ ඉතිං මම පෝස්ට් පනහක් දාපු එක සැමරුවනෙ. ඉතිං ඒ පෝස්ට් එකට පස්සෙ තව එකක් දාන්න මම හිතාගෙන හිටියෙ නෑ. ඒක මූනුපොතේ රසකතා කියන ගෘපියෙ තිබ්බ මේ විහිළු කතා ටික දාන්නම ඕනේ නිසා ඒ ටික දානවා. හිනා ගියෙ නැත්නම් කිචි කවාගෙන හරි හිනාවෙන්නකෝ.








ඔය පින්තූර පැහැදිළි නැත්නම් ඒව උඩ ක්ලික් කරල බලන්න
කමෙන්ට් එකකුත් දාන්නකෝ






Wednesday, July 6, 2011

අර්ධ ශතකය

ඔන්න අදත් ආවා. ගොඩක් වැඩ තිබ්බ නිසා පහුගිය දවස් දෙකේ පෝස්ට් එකක්වත් දාන්න බැරිඋනා. ඔන්න ඒකට හරියන්න පෝස්ට් එකක් දාන්නයි ආවෙ. හැබැයි එතකොටයි මම දැක්කෙ අද විශේෂත්වය. අද මම දාන්නෙ පනස්වෙනි පෝස්ට් එක. ඒත් එක්කම මට කස්ටිය කියන්න හිතුණා බ්ලොගය ආරම්භ කරපු විදිහ ගැන. එහෙනම් බලන්නකෝ.

කේක් කෑල්ලක් කාලම යන්න
                    මට ඉන්ටනෙට් ලැබුණෙ මට මතක විදිහට මාර්තු මාසේ. මගෙ ලොකු බලාපොරොත්තුවක් තිබ්බා ඉක්මණට මූණුපොතට මගෙ මූණත් දාගන්න. ඔන්න ඒකටත් ආවා කියමුකෝ. ඊටපස්සෙ මම ෆ්‍රෙන්ඩ්ල එහෙම ඇඩ් කරගෙන හිටියා. පවිත්‍ර(සුළැඟිල්ලා) ඔය ‍ෆ්‍රෙන්ඩ්ලගෙන් එක්කෙනෙක්. ඉතින් දවසක් මම නිකමට වගේ එයාගෙ වෝල් එකට ගියාම තමා එයාගෙ බ්ලොග් එක දැක්කෙ. මටත් නිකං ඉන්න බෑනේ. ඔන්න ඉතිං මම සුළැඟිල්ල අඩවියටත් ගියා කියමුකෝ. ඒ බ්ලොග් එක තමා මට බ්ලොග් ලියන අදහස දුන්නේ.
                      ඔන්න මම මගෙ පළවෙනි බ්ලොග් එක පටන් ගත්තා www.bawanthahansaka.blogspot.com කියල. හැබැයි ඉතින් ඒ දවස්වල මම බ්ලොග් එකේ ටෙම්ප්ලේට් එක මාරු කරන්නවත් දැනගෙන හිටියෙ නෑ. ඒ නිසා ඒක අසාර්ථක බ්ලොගයක් බවට පත්උනා. අප්‍රේල් 30 වෙනිදා මම පුදුමය පටන් ගත්තා. ඒක යන්තම් සාර්ථක කරගන්න පුළුවන් උනා. ඒක තමා දැන් ඔයගොල්ලො බලන්නේ.
                        මට උදව් කරපු අය ගැන විශේෂයෙන්ම කියන්න ඕනේ. මලිත් මධුසංක අයියා ඒකෙන් එක්කෙනෙක්. බ්ලොග් පෝස්ට් එකක් විතරක් දාන්න දැනගෙන හිටපු මට බ්ලොග් ගැන ගොඩක් දේවල් කියාදුන්නේ එයා. මගෙ බ්ලොග් එකේ පළවෙනියට ෆලෝ කලෙත් එයා. අනිත් කෙනා කිංශාන්(බ්ලොග්ශාන්). එයා මට බ්ලොග් එකට ටෙම්ප්ලේට් හොයල දෙන්න ගොඩක් මහන්සි උනා. මම එකම දේ කරන්න කැමති නෑනේ. ඉතිං ටෙම්ප්ලේට් එක කී වතාවක් වෙනස් උනාද කියල මමවත් දන්නෑ. ඊළඟට විශේෂ ස්තූතිය පවියාට(සුළැඟිල්ලා). මොකද එයාගෙ බ්ලොග් එක දැක්කෙ නැත්නම් මට බ්ලොග් කියන එක දැනගන්නවත් හම්බවෙන එකක් නැතිවෙයි. තව ගොඩක් ඉන්නවා උදව් කරපු අය. ඒගොල්ලො ගැන දාන්න බැරිවෙච්ච එයට සමාවෙන්න ඕනේ. මට වචනයකින් හරි උදව් කරපු හැමෝටම ස්තූතියි. ඔබ සැමට සුභ අනාගතයක්! (මම මහින්ද අදිනවා නෙවෙයි ඕං)
කමෙන්ට් එකක් දාගෙනම යන්නකෝ

Monday, July 4, 2011

Any Video Converter බාගන්න

ඔන්න අදත් මම ආවා අර ඊයේ දෙනවා කියපු සොෆ්ට්වෙයාර් එකත් අරගෙන. ඕනෙ වීඩියෝ එකක් කන්වර්ට් කරන්න මේක යොදාගන්න පුළුවන්. එහෙනම් පෝස්ට් එකට බහිමුකෝ.

Any Video Converter
                 ඔන්න මම කියන්න යන්නෙ මේක හොයාගත්ත විදිහ. ඒක කියන්නැතුව නිකම්ම දුන්නොත් වටිනාකම අඩුවෙන නිසා නිධාන කතාව එක්කම දෙන්නම්.(දැං කස්ටිය මගෙං අහයි නිධාන කතාව කියන්නෙ මොකක්ද කියල. ඒකනං මමත් දන්නෑ නිකං කිව්වා මිසක්) මට ෆෝන් එකක් ගත්තට පස්සෙ මම ආස සිංදු ටිකක් ලැපෙං ෆෝන් එකට දාන්න ඕනෙ උනා. ඩේටා කේබල් එකෙන් දාල බැලුවට ෆෝමැට් එක වෙනස් නිසා වැඩ කෙරුවෙ නෑ. ඊටපස්සෙ මම අඳුරන අයියා කෙනෙක් තමා කිව්වෙ ෆෝන් එකට ලැප්ටොප් එකෙන් වීඩියෝස් දාන්න කලිං කන්වර්ට් කරන්න ඕනෙ කියලා. හැබැයි මිනිහ ගාව කන්වර්ට් කරන සොෆ්ට්වෙයාර් එක තිබ්බෙ නෑ. ඉතිං මමත් බුකියට සෙට් උනාට පස්සෙ online හෙල්ප් එකේ කෙනෙක් මේ ගැන ඩොක් එකක් දාල තියනව දැක්ක. මම පටස් ගාල ඒක ඩවුන්ලෝඩ් කරගත්ත. ඒක තමා මේ දෙන්න හදන්නෙ.
               මේකෙන් වැඩ කරන්න හරිම ලේසියි. ඩවුන්ලොඩ් කරගෙන කන්වර්ටර් එක ඕපන් උනාට පස්සෙ උඩින් තියන ඇඩ් වීඩියෝ කියන තැනට ගිහින් වීඩියෝ එක තෝරල දීල කන්වර්ට් කියන එක ක්ලික් කලාට පස්සෙ වීඩියෝ එක කන්වර්ට් වෙනව. වීඩියෝ එකේ සයිස් එක අනුව කන්වර්ට් වෙන්න යන වෙලාව වෙනස් වෙනවා.
                රියල් ප්ලේයර් එකෙනුත් කන්වර්ට් කරන්න පුළුවන්. හැබැයි ඒකට වඩා මේක ලේසි නිසයි දෙන්නෙ. පහළින් බාගන්නකෝ.
කමෙන්ට් එකකුත් දාගෙනම යන්න හොඳේ.

Sunday, July 3, 2011

මෙන්න බාගන්න REAL PLAYER

ඔන්න අදත් ආවා පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක් ගැන අරගෙන. අද කාලෙ ජංජාලෙ පාවිච්චි කරන හැමෝටම තියන ප්‍රශ්නයකට විසඳුමක් තමා මේක. youtube වගේ වීඩියෝ ඩවුන්ලෝඩ් කිරීමේ පහසුකම දීල නැති සයිට් එකක වීඩියෝ මේ රියල් ප්ලේයර් මගින් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්.
                     ඔන්න එහෙනම් වැඩේ පටන් ගමු. youtube වගේ සයිට් එකක වීඩියෝ ගන්න මමත් ගොඩක් මහන්සි උනා. එහෙම ක්‍රමයක් හොයාගන්න මට බැරිඋනා. දවසක් මම ආසම සින්දුවක් youtube එකෙන් බැලුවට පස්සෙ මට ඒක ඩවුන්ලොඩ් කරගන්න උවමනා උනා. ඉතින් ඊටපස්සෙ මගෙ ප්‍රශ්නෙ online හෙල්ප් ගෘප් එකේ දැම්මා. එතනදි ලින්ක් 10 විතර එන්නැති. ඊටපස්සෙ මම මේක ඩවුන්ලොඩ් කරන සයිට් එකටත් ආවා. මේ ඩවුන්ලෝඩ් කරගන්න පැය බාගයක් විතර ගියා. ඒත් ඩවුන්ලෝඩ් කළාට පස්සෙයි තේරුණේ මේකෙන් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න කොච්චර ලේසිද කියල. මට හිතුන මේක ඔයගොල්ලන්ටත් දෙන්න ඕනෙ කියල. ඔයගොල්ලො ගාව මේක නැත්නම් ගන්න.
                     මේකෙන් youtube හරි වෙන ඕනෙම සයිට් එකක හරි වීඩියෝ එකක් ලඟට ගියාම උඩින් ඩවුන්ලෝඩ් කරන්න ඕනෙද කියල වැටෙනව. ඕකේ කළොත් ඔයගොල්ලන්ගෙ ඉන්ටර්නෙට් ස්පීඩ් එක අනුව ඩවුන්ලෝඩ් වෙන්න පටන් ගන්නව. හැබැයි වීඩියෝ එක ෆුල් ස්ක්‍රීන් කරන්න එපා. එතකොට අර ඩවුන්ලෝඩ් කරන්න ඕනෙද කියල අහන බොක්ස් එක වැටෙන්නෙ නෑ. තව එක කොස්සක් තියනව මේකෙන් ගන්න youtube වීඩියෝස් සේරම avi ෆෝමැට් එකේ ඒවා. ඒ නිසා ඒ වීඩියෝ බලන්න පුළුවන් රියල් ප්ලේයර් එකෙන් විතරයි. වීඩියෝ කන්වර්ට් කරන්න සොෆ්ට්වෙයාර් එකක් මම ඊලඟ පෝස්ට් එකෙන් දෙන්නම්. එහෙනම් පහළින් බාගන්නකෝ.


බාගෙන කමෙන්ට් එකක් එහෙම දාල යන්න හොඳේ

 
පුදුමය:amAZinG | Copyright © 2011 Diseñado por: compartidisimo | Con la tecnología de: Blogger