Buscar

Saturday, July 9, 2011

Vice City ගේම ආපහු ගහමුද

ඔන්න අදත් අරගෙන ආවා ටිකක් පරණ ගේම් එකක්. මේ ගේම් එක ගැනනම් හැමෝම දන්නවා ඇති. පරණ උනත් හරිම වටින ගේම් එකක් නිසා ඔන්න මම ගෙනාවා. මේක ප්ලේ කරල නැති ප්ලේ කරන්න කැමති අයයි ප්ලේ කරල තිබුනත් ආයි ප්ලේ කරන්න කැමති කට්ටිය බලන්නකෝ. මේක ප්ලේ කරල තියන අයත් බලල හොඳ නරක කියලම යන්නකෝ. තව දෙයක් තියනවා කියන්න www.e-pudumaya.tk කියන ඩොමේන් එකේ පොඩි අවුලක් නිසා දැන් ඒ ඩොමේන් එක පාවිච්චි කරන්නේ නෑ. දැන් ඔයගොල්ලන්ට wwwpudumaya.blogspot.com එක හරි www.bawanthanc3.tk කියන ලින්ක් වලින් මේ බ්ලොග් එකට එන්න පුළුවන්.

වයිස් සිටි ක්‍රීඩාවේ දර්ශන සහිත පෝස්ටර් එකක්
             අද හඳුන්වා දීම ටිකක් වැඩිඋනා. කමක් නෑ එහෙනම් පෝස්ට් එකට බහිමුකෝ. වයිස් සිටි ගේම් එක නිකුත් වෙලා තියෙන්නෙ 2003 වර්ෂයේ. කොහොමද පරණ. හැබැයි මම මේක කෞතුකාගාරෙන් හොයාගත්ත එකකනම් නෙමේ. දැං අළුතෙන් එන ගේම් වලට ගොඩදෙනෙක් කැමති නෑනේ. එකට හේතුව අළුත් ගේම් වල ත්‍රිමාණකරන වැඩිවීම. ගේම් එක ඇත්තම වගේ උනාම ගේම් එක ගහන්න එපාවෙනවා. අනික ඒව ගහන්න ගොඩක් හොඳ පරිගණකත් ඕනේ. කොහෙන් හරි බොහොම අමාරුවෙන් හොර සොෆ්ට්වෙයාර් එකක් හොයාගන්න සමහර අයට කොහෙන්ද එච්චර හොඳ කම්පියුටර් ගන්න සල්ලි. මමත් ඔය අළුතෙන් එන හැම ගේම් එකක්ම ගන්නවා. හැබැයි ටික දවසක් ප්ලේ කරනකොට එපා වෙනවා.
වයිස් සිටි ක්‍රීඩාවේ පෝස්ටරයක්
                   සෝනි කියන්නෙ ලිබර්ටි නගරයේ සිටින පාතාල නායකයෙක්. ඔහුට අවශ්‍ය වෙනවා වයිස් සිටි නගරයට තමන් වෙනුවෙන් වැඩ කරන්න යමෙක්ව වයිස් සිටි නගරයට යවන්න. ඒ සඳහා ඔහු තෝරාගන්නේ ටොමී නම් පුද්ගලෙයෙක්ව.(දාන්න වෙන නමක් තිබ්බෙම නැද්ද දන්නෑ. ටොමී කියන්නෙ බල්ලන්ට දාන නමක්නේ) සෝනි ටොමීට යම් මුදලක් දී තවත් දෙදෙනෙකුත් සමග වයිස් සිටි වෙත එවනවා. ඔවුන්ට වයිස් සිටි නගරයේදී උදව් කරන්නේ කෙන් රොසෙන්බර්ග් නැමති තැනැත්තෙක්. ඔවුන් වයිස් සිටි වරායට යන්නේ සෝනි දුන් මුදලෙන් සුදු රත්රන් හා දියමන්ති මිලට ගැනීමටයි. නමුත් සියල්ල ඉතා ඉක්මණින් වෙනස් වෙනවා. සැඟවුනු වෙඩික්කරුවන් පිරිසක් ඔවුන්ට වෙඩි තබනවා. මෙම වෙඩි ප්‍රහාරයෙන් ටොමීගේ සඟයින් දෙදෙනා මරණයට පත්වෙනවා. ඔවුන් සතුව තිබූ සෝනිගේ මුදල් ඔවුන්ට අහිමිවෙනවා. මුදල් නැතිවූ බව දැනගත් සෝනි ටොමීට තර්ජනය කරන්නෙ කෙසේ හෝ තම මුදල් සොයාදෙන්න කියමින්. ටොමීට එම මුදල් සොයාගත හැකිවේද?
                වයිස් සිටි පරිගණක ක්‍රීඩාවේ කතාව ඕකයි. gta පරිගණක ක්‍රීඩා මාලාවේ 4 වෙනි ගේම් එක විදිහට තමයි මේ ගේම් එක නිකුත් උනේ.
මෙන්න රික්ස්
p iv 1.7 ghz processor
256 mb ram or 128 mb ram
64 mb vga or 32 vga
7.0 direct x
වගේ හරිම අඩු සුදුසුකම තමා ඔනේ කරන්නේ. කැමති කට්ටිය පහළින් බාගන්නකෝ ෆුල් වර්ෂන් එකයි සවුන්ඩ්ස් නැති වර්ෂන් එකයි තියනවා. සවුන්ඩ්ස් නැති එකත් එලටම වැඩ කරනවා. ලංකාවේ ගොඩක් තියෙන්නෙ සවුන්ඩ්ස් නැති වර්ෂන් එක තමා.


                                        Full Version


                                       Rip Version




කමෙන්ට් එකක් එහෙම දාගෙනම යන්නකෝ

0 comments:

¿Te animas a decir algo?

ඔයගොල්ලන්ට හිතෙන දේ දාල යන්න ගල් මුල් මඩ මොනව උනත් කමක් නෑ ඒක මට ශක්තියක් සිංහල ටයිප් කරන්න බැරිනම් එසැනින් යුනිකෝඩ් පරිවර්තකය පාවිච්චි කරන්න මෙන්න මෙතනට යන්න http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

 
පුදුමය:amAZinG | Copyright © 2011 Diseñado por: compartidisimo | Con la tecnología de: Blogger