Buscar

Saturday, July 16, 2011

Freedom Fighters ගේම් එක බාගන්න

ඔන්න ඉතින් සුපුරුදු විදිහට අදත් ආවා සුපිරි ගේමක් අරගෙන. ගොඩක් අයනම් මේක ගහලා ඇති. යුධ ගේම් ගණයට වැටෙන ගේමක් මේක. ඔන්න වෝ ගේම් වලට කැමති කට්ටියටනම් ගැළපෙනම ගේමක්. ග්‍රැෆිකුත් සුපිරිම සුපිරි. එහෙනම් කැමති කට්ටිය බලන්නකෝ.

Freedom Fighters ක්‍රීඩාවේ දර්ශනයක්
                  ලෝක යුද්ධයට සම්බන්ද උනු සියලුම යුරෝපීය රටවල් රුසියාවට යටත් වෙනවා. නමුත් ඇමරිකාව ඉතුරු වෙනවා. රුසියානු සෙබළු දහස් ගණනක් සබ්මැරීන් වලින් පැමිණ ඇමරිකාවේ හමුදාවට එරෙහිව සටන් කරනවා. ඉතා දුර්වල තත්වයක පවතින ඇමරිකන් හමුදාවන්ට රුසියාවට එරෙහි වන්නට නොහැකි වෙනවා. සියලු නගර රුසියන් හමුදාවට යටත් වෙද්දී යම් පිරිසක් ඊට එරෙහිව නැගී සිටිනවා. මෙම කණ්ඩායමේ නායකයා ක්‍රිස් නැමැත්තෙක්. පරිගණක ක්‍රීඩකයා ක්‍රියා කල යුතතේ ක්‍රිස් ලෙසින්. ඔවුන්ගේ මූලස්ථානය ඇත්තේ භූගතව පිහිටි ගොඩනැගිල්ලකයි. ක්‍රිස් ඉදිරියේ ඇත්තේ විශාල අභියෝගයක්. මෙතරම් විශාල හමුදාවකට එරෙහිව ඔහු තනිව සටන් කරන්නේ කෙසේද? දැනගන්න ඕන්නම් ඉතින් මේ ගේම් එක ප්ලේ කරන්න.
                            ඔන්න ඉතින් ගේම් එක ගැන කිව්වා. තව එකක් මේ ගේම් එකේ මෙහෙයුම් ටිකක් අමාරු ඒවා. ඒවගේ වෙලාවට පාවිච්චි කරන්න පාස්වර්ඩ් ටික මම දෙන්නම්. මට ගොඩක් ඒව මතක නැති නිසා චීට් බුක් එකෙන් බලන්න. මම ලින්ක් එක දෙන්නම්. ඔය පහළ බටන් එක ඔබලා යන්නකෝ.




කැමති කට්ටිය පහළින් බාගන්නකෝ.


ඔය සයිට් එකේ ගේම් එක ගැන විස්තරයක් එක්ක ඩවුන්ලෝඩ් කරන්න පහසුකමුත් දීල තියනවා. එහෙනම් බාගෙන ප්ලේ කරන්කෝ. කමෙන්ට් එකකුත් දාගෙනම යන්න හොඳේ



0 comments:

¿Te animas a decir algo?

ඔයගොල්ලන්ට හිතෙන දේ දාල යන්න ගල් මුල් මඩ මොනව උනත් කමක් නෑ ඒක මට ශක්තියක් සිංහල ටයිප් කරන්න බැරිනම් එසැනින් යුනිකෝඩ් පරිවර්තකය පාවිච්චි කරන්න මෙන්න මෙතනට යන්න http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

 
පුදුමය:amAZinG | Copyright © 2011 Diseñado por: compartidisimo | Con la tecnología de: Blogger