Buscar

Tuesday, July 12, 2011

රොබෝවරුන්ට එරෙහි යුද්ධය

ඔන්න සුපුරුදු විදිහටම අදත් ආවා. ඊයෙත් පෝස්ට් එකක් දාන්න බැරිවෙච්ච නිසා ඕං දානවා නියම පෝස්ට් එකක්. කාලෙකින් චිත්‍රපටියක් ගැන දාන්න බැරිවෙච්ච නිසා ඕං අද දාන්නෙ TRANSFORMERS III - DARAK OF THE MOON චිත්‍රපටියයි. ලංකාවේ මේකෙ පළවෙනි චිත්‍රපටි දෙකම ඉතා ජනප්‍රිය වෙච්ච හින්දා මම හිතන්නෙ හැඳින්වීමක් ඕනෙ නැතිවෙයි. තව එකක් මේක මගෙ පෝස්ට් එකක් නෙවේ. දිවයින පුවත්පතේ මීවිත අතිරේකයේ ගිය එකක්. මම මේ පෝස්ට් එක දාන්නෙ ඒක බැලුවෙ නැති කට්ටියට. ඔන්න එහෙනම් බලන්නකෝ.
                   Transformers චිත්‍රපටය පසුගිය වකවානුවේ හොලිවුඩය මුදාහල චිත්‍රපට අතර අතිශය ජනප්‍රියත්වයට පත් චිත්‍රපටයක් විය. එය එසේ ජනප්‍රියත්වයකට හිමිකම් කීවේ චිත්‍රපටයේ අඩංගු කැබලි කැඩෙන සේ විනාශ කර දැමුවද අවට ඇති සියළු දේ එක්කොට නැවත ගොඩනැගෙන රොබෝ කණ්ඩායමකගේ අති බිහිසුණු ප්‍රහාරයන් මැඩලීමට එක්වන පිරිසක ගේ ක්‍රියාදාමයන් හා බැඳුනු කතා පුවතක් ඊට අඩංගු විය. Transformers පළමු චිත්‍රපටයෙන් පසු දෙවැන්න තැනෙන්නේ පළමු චිත්‍රපටයේ සාර්ථකත්වය නිසාමය. Transformers the dark of moon චිත්‍රපටය තිරගත කිරීම ආරම්භ කරන්නේ එහි තෙවැන්න ලෙසය. එහෙයින්ම මුල් චිත්‍රපට ද්විත්වය කෙතරම් ජනප්‍රිය ද යන්න වටහාගත හැක. මුල් චිත්‍රපට පෙලෙහි රඟපෑ මැග්නා ෆොක්ස් හා ප්‍රධාන චරිත කිහිපයක්ම කතා මාලාවෙහි තෙවැනි චිත්‍රපටයේ දක්නට නැත. ඒ වෙනුවට වෙනත් හොලිවුඩ් නළු නිළියන්  රැසක් ආදේශ කර ඇත. ෂියා ලෙබිවුෆ්,ටයිරිස් ගිබ්සන්,ජෝශ් ඩුහමේල්,රෝස් හන්ටින්ග්ටන්,ජෝන් ටර්ටරෝ,ප්‍රැට්‍රික් ඩෙම්ප්සි,රිච් හර්ච්මන් ආදී රංඟන ශිල්පීහු රැසක් Transformers III චිත්‍රපටයට දායක වී සිටී.
                            එමෙන්ම රොබෝ චරිත සඳහා හඬ කැවීමටද ජනප්‍රිය හොලිවුඩ් චරිත රැසක් එක්ව සිටීම විශේෂත්වයකි. ලොව භාවිතවන නවීනතම 3D තාක්ෂණය චිත්‍රපටයේ ආකර්ශනීය බව ත්‍රීව්‍ර කිරීම සඳහා උපයෝගී කරගෙන ඇත. එහෙයින්ම චිත්‍රපටය මේ වනවිට ආදායම් වාර්තා අතර ප්‍රමුඛස්ථානයක් ලබාගැනීමට සමත්ව සිටී.
                         බහුතර රූගත කිරීම් සිදුකර ඇත්තේ කාම්බෝජයේ වන අතර ඉනඩියා මෝටර් රථ කිහිපයක් එකිනෙක ගැටී බරපතල අනතුරක්ද සිදුව ඇත්තේ එතරම්ම විශිෂ්ට රූගත කිරීමක් සඳහා නිෂ්පාදකවරයා සහ අධ්‍යක්ෂකවරයා කටයුතු කර ඇති නිසාය.
                            ඉන් මිලියන 40 කට ආසන්න වූ අලාභයක් සිදුව ඇති බවද වාර්තා වේ.
                       2011 ජූනි මස 29 වැනි දින ලොව පුරා සමගාමී ප්‍රදර්ශනයක් තිරගත කිරීම අරඹා ඇත. Transformers - Dark of the moon චිත්‍රපටයේ තිර රචනය ආරෝන් කෘගර් විසිනි . මිනිත්තු 157ක ධාවන කාලයකින් යුත් චිතුපටයේ අධ්‍යක්ෂණය ප්‍රකට හොලිවුඩ් අධ්‍යක්ෂක මයිකල් බේ විසිනි.


විශේෂ ස්තූතිය දිවයින පුවත්පතට.


හෆෝයි ඔන්න ඒකත් ඉවරයි. ඔන්න එහෙනම් මම කැපෙනවා. ඔන්න පත්තරේ දාල තිබ්බ ඉමේජස් ටිකත් දැම්මා. මතක ඇතුව කමෙන්ට් එකකුත් දාගෙනම යන්න හොඳේ.


                                 ඔන්නම් ඔය පහළින් බාගන්න

0 comments:

¿Te animas a decir algo?

ඔයගොල්ලන්ට හිතෙන දේ දාල යන්න ගල් මුල් මඩ මොනව උනත් කමක් නෑ ඒක මට ශක්තියක් සිංහල ටයිප් කරන්න බැරිනම් එසැනින් යුනිකෝඩ් පරිවර්තකය පාවිච්චි කරන්න මෙන්න මෙතනට යන්න http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

 
පුදුමය:amAZinG | Copyright © 2011 Diseñado por: compartidisimo | Con la tecnología de: Blogger