Buscar

Monday, July 4, 2011

Any Video Converter බාගන්න

ඔන්න අදත් මම ආවා අර ඊයේ දෙනවා කියපු සොෆ්ට්වෙයාර් එකත් අරගෙන. ඕනෙ වීඩියෝ එකක් කන්වර්ට් කරන්න මේක යොදාගන්න පුළුවන්. එහෙනම් පෝස්ට් එකට බහිමුකෝ.

Any Video Converter
                 ඔන්න මම කියන්න යන්නෙ මේක හොයාගත්ත විදිහ. ඒක කියන්නැතුව නිකම්ම දුන්නොත් වටිනාකම අඩුවෙන නිසා නිධාන කතාව එක්කම දෙන්නම්.(දැං කස්ටිය මගෙං අහයි නිධාන කතාව කියන්නෙ මොකක්ද කියල. ඒකනං මමත් දන්නෑ නිකං කිව්වා මිසක්) මට ෆෝන් එකක් ගත්තට පස්සෙ මම ආස සිංදු ටිකක් ලැපෙං ෆෝන් එකට දාන්න ඕනෙ උනා. ඩේටා කේබල් එකෙන් දාල බැලුවට ෆෝමැට් එක වෙනස් නිසා වැඩ කෙරුවෙ නෑ. ඊටපස්සෙ මම අඳුරන අයියා කෙනෙක් තමා කිව්වෙ ෆෝන් එකට ලැප්ටොප් එකෙන් වීඩියෝස් දාන්න කලිං කන්වර්ට් කරන්න ඕනෙ කියලා. හැබැයි මිනිහ ගාව කන්වර්ට් කරන සොෆ්ට්වෙයාර් එක තිබ්බෙ නෑ. ඉතිං මමත් බුකියට සෙට් උනාට පස්සෙ online හෙල්ප් එකේ කෙනෙක් මේ ගැන ඩොක් එකක් දාල තියනව දැක්ක. මම පටස් ගාල ඒක ඩවුන්ලෝඩ් කරගත්ත. ඒක තමා මේ දෙන්න හදන්නෙ.
               මේකෙන් වැඩ කරන්න හරිම ලේසියි. ඩවුන්ලොඩ් කරගෙන කන්වර්ටර් එක ඕපන් උනාට පස්සෙ උඩින් තියන ඇඩ් වීඩියෝ කියන තැනට ගිහින් වීඩියෝ එක තෝරල දීල කන්වර්ට් කියන එක ක්ලික් කලාට පස්සෙ වීඩියෝ එක කන්වර්ට් වෙනව. වීඩියෝ එකේ සයිස් එක අනුව කන්වර්ට් වෙන්න යන වෙලාව වෙනස් වෙනවා.
                රියල් ප්ලේයර් එකෙනුත් කන්වර්ට් කරන්න පුළුවන්. හැබැයි ඒකට වඩා මේක ලේසි නිසයි දෙන්නෙ. පහළින් බාගන්නකෝ.
කමෙන්ට් එකකුත් දාගෙනම යන්න හොඳේ.

0 comments:

¿Te animas a decir algo?

ඔයගොල්ලන්ට හිතෙන දේ දාල යන්න ගල් මුල් මඩ මොනව උනත් කමක් නෑ ඒක මට ශක්තියක් සිංහල ටයිප් කරන්න බැරිනම් එසැනින් යුනිකෝඩ් පරිවර්තකය පාවිච්චි කරන්න මෙන්න මෙතනට යන්න http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

 
පුදුමය:amAZinG | Copyright © 2011 Diseñado por: compartidisimo | Con la tecnología de: Blogger