Buscar

Showing posts with label සොෆ්ට්වෙයාර්. Show all posts
Showing posts with label සොෆ්ට්වෙයාර්. Show all posts

Monday, July 4, 2011

Any Video Converter බාගන්න

ඔන්න අදත් මම ආවා අර ඊයේ දෙනවා කියපු සොෆ්ට්වෙයාර් එකත් අරගෙන. ඕනෙ වීඩියෝ එකක් කන්වර්ට් කරන්න මේක යොදාගන්න පුළුවන්. එහෙනම් පෝස්ට් එකට බහිමුකෝ.

Any Video Converter
                 ඔන්න මම කියන්න යන්නෙ මේක හොයාගත්ත විදිහ. ඒක කියන්නැතුව නිකම්ම දුන්නොත් වටිනාකම අඩුවෙන නිසා නිධාන කතාව එක්කම දෙන්නම්.(දැං කස්ටිය මගෙං අහයි නිධාන කතාව කියන්නෙ මොකක්ද කියල. ඒකනං මමත් දන්නෑ නිකං කිව්වා මිසක්) මට ෆෝන් එකක් ගත්තට පස්සෙ මම ආස සිංදු ටිකක් ලැපෙං ෆෝන් එකට දාන්න ඕනෙ උනා. ඩේටා කේබල් එකෙන් දාල බැලුවට ෆෝමැට් එක වෙනස් නිසා වැඩ කෙරුවෙ නෑ. ඊටපස්සෙ මම අඳුරන අයියා කෙනෙක් තමා කිව්වෙ ෆෝන් එකට ලැප්ටොප් එකෙන් වීඩියෝස් දාන්න කලිං කන්වර්ට් කරන්න ඕනෙ කියලා. හැබැයි මිනිහ ගාව කන්වර්ට් කරන සොෆ්ට්වෙයාර් එක තිබ්බෙ නෑ. ඉතිං මමත් බුකියට සෙට් උනාට පස්සෙ online හෙල්ප් එකේ කෙනෙක් මේ ගැන ඩොක් එකක් දාල තියනව දැක්ක. මම පටස් ගාල ඒක ඩවුන්ලෝඩ් කරගත්ත. ඒක තමා මේ දෙන්න හදන්නෙ.
               මේකෙන් වැඩ කරන්න හරිම ලේසියි. ඩවුන්ලොඩ් කරගෙන කන්වර්ටර් එක ඕපන් උනාට පස්සෙ උඩින් තියන ඇඩ් වීඩියෝ කියන තැනට ගිහින් වීඩියෝ එක තෝරල දීල කන්වර්ට් කියන එක ක්ලික් කලාට පස්සෙ වීඩියෝ එක කන්වර්ට් වෙනව. වීඩියෝ එකේ සයිස් එක අනුව කන්වර්ට් වෙන්න යන වෙලාව වෙනස් වෙනවා.
                රියල් ප්ලේයර් එකෙනුත් කන්වර්ට් කරන්න පුළුවන්. හැබැයි ඒකට වඩා මේක ලේසි නිසයි දෙන්නෙ. පහළින් බාගන්නකෝ.
කමෙන්ට් එකකුත් දාගෙනම යන්න හොඳේ.

Sunday, July 3, 2011

මෙන්න බාගන්න REAL PLAYER

ඔන්න අදත් ආවා පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක් ගැන අරගෙන. අද කාලෙ ජංජාලෙ පාවිච්චි කරන හැමෝටම තියන ප්‍රශ්නයකට විසඳුමක් තමා මේක. youtube වගේ වීඩියෝ ඩවුන්ලෝඩ් කිරීමේ පහසුකම දීල නැති සයිට් එකක වීඩියෝ මේ රියල් ප්ලේයර් මගින් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්.
                     ඔන්න එහෙනම් වැඩේ පටන් ගමු. youtube වගේ සයිට් එකක වීඩියෝ ගන්න මමත් ගොඩක් මහන්සි උනා. එහෙම ක්‍රමයක් හොයාගන්න මට බැරිඋනා. දවසක් මම ආසම සින්දුවක් youtube එකෙන් බැලුවට පස්සෙ මට ඒක ඩවුන්ලොඩ් කරගන්න උවමනා උනා. ඉතින් ඊටපස්සෙ මගෙ ප්‍රශ්නෙ online හෙල්ප් ගෘප් එකේ දැම්මා. එතනදි ලින්ක් 10 විතර එන්නැති. ඊටපස්සෙ මම මේක ඩවුන්ලොඩ් කරන සයිට් එකටත් ආවා. මේ ඩවුන්ලෝඩ් කරගන්න පැය බාගයක් විතර ගියා. ඒත් ඩවුන්ලෝඩ් කළාට පස්සෙයි තේරුණේ මේකෙන් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න කොච්චර ලේසිද කියල. මට හිතුන මේක ඔයගොල්ලන්ටත් දෙන්න ඕනෙ කියල. ඔයගොල්ලො ගාව මේක නැත්නම් ගන්න.
                     මේකෙන් youtube හරි වෙන ඕනෙම සයිට් එකක හරි වීඩියෝ එකක් ලඟට ගියාම උඩින් ඩවුන්ලෝඩ් කරන්න ඕනෙද කියල වැටෙනව. ඕකේ කළොත් ඔයගොල්ලන්ගෙ ඉන්ටර්නෙට් ස්පීඩ් එක අනුව ඩවුන්ලෝඩ් වෙන්න පටන් ගන්නව. හැබැයි වීඩියෝ එක ෆුල් ස්ක්‍රීන් කරන්න එපා. එතකොට අර ඩවුන්ලෝඩ් කරන්න ඕනෙද කියල අහන බොක්ස් එක වැටෙන්නෙ නෑ. තව එක කොස්සක් තියනව මේකෙන් ගන්න youtube වීඩියෝස් සේරම avi ෆෝමැට් එකේ ඒවා. ඒ නිසා ඒ වීඩියෝ බලන්න පුළුවන් රියල් ප්ලේයර් එකෙන් විතරයි. වීඩියෝ කන්වර්ට් කරන්න සොෆ්ට්වෙයාර් එකක් මම ඊලඟ පෝස්ට් එකෙන් දෙන්නම්. එහෙනම් පහළින් බාගන්නකෝ.


බාගෙන කමෙන්ට් එකක් එහෙම දාල යන්න හොඳේ

Tuesday, June 14, 2011

ගේමක් ගහන ගමන් රෙකෝඩ් කරමු

ඔන්න අදත් ආවා. මේ පෝස්ට් එක පටන් ගන්න කලින් දෙයක් කියන්න තියනවා. මම සයිට් එකට ටීකේ ඩොමේන් එකක් ගත්තා. දැන් www.e-pudumaya.tk කියන එකෙන් උනත් මේ සයිට් එකට එන්න පුළුවන්.
                                   හා හා දැන් ඉතිං පෝස්ට් එකට බහිමු. මේ සොෆ්ට්වෙයාර් එකේ නම fraps. මේක අපි ගේම් එකක් ගහනකොට ඒක රෙකෝඩ් කරන සොෆ්ට්වෙයාර් කෑල්ලක්. මේකෙන් රෙකෝඩ් කරන වීඩියෝ හයි කොලිටි එව්වා. කිසිම කරදරයක් නැතුව පැය ගානක් උනත් රෙකෝඩ් කරන්න පුළුවන් විදිහට තමා මේ සොෆ්ට්වෙයාර් එක හදල තියෙන්නෙ.
                                                                          වැඩි කතා ඕනෙ නෑනෙ මෙතනින් බාගන්න. ඊටපස්සෙ මම කියන විදිහට කරන්න. 
                           මුලින්ම fraps ඉන්ස්ටෝල් කරගන්න. ඊටපස්සෙ ඒක ඕපන් කරගන්න. දැන් fraps එහෙම්ම තියලා ඕන ගේම් එක ඕපන් කරගන්න. ගේම් එක රෙකෝඩ් වෙන්න අවශ්ය හරියට ආවහම F9 ඔබන්න. ආයි නවත්තන්න ඕන උනහම ආයි F9 ඔබන්න. ඔය විදිහට තමන්ට කැමති විදිහට රෙකෝඩ් කරගන්න. ඊටපස්සෙ ෆ්රැප්ස් ඉන්ස්ටෝල් කරපුවා ඇතු‍ලෙ තියන movies ෆයිල් එකෙන් රෙකෝඩ් කරපුවා බලාගන්න.
                   බලලා කමෙන්ට් එකකුයි ෆලෝ පාරකුයි දාන්න.

 
පුදුමය:amAZinG | Copyright © 2011 Diseñado por: compartidisimo | Con la tecnología de: Blogger