Buscar

Wednesday, July 20, 2011

Harry potter - Deathly Hallows ගේම් එකේ කොටස් දෙකම බාගන්න

ඔන්න ඉතින් අදත් ආවා. අදත් අරගෙන ආවේ අපේ කස්ටිය ගොඩක් කැමති චිත්‍රපටි මාලාවක් නවතම චිත්‍රපටයේ ගේම් එක අරගෙන. ගේම් එක කිව්වට එක ගේම් එකක් නෙවේ. ගේම් දෙකම ගෙනාවා. ඔන්න කැමති කස්ටිය බලන්නකෝ. බලලා කමෙන්ට් එකකුත් දාගෙනම යන්න හොඳේ. එහෙනම් පෝස්ට් එකට බහිමු.
               අපේ කස්ටිය ගොඩක්ම කැමති චරිතයක්නේ හැරී පොටර් කියන්නේ. මේකේ නවතම චිත්‍රපටය තමා deathly hallows කියන්නේ. හැබැයි චිත්‍රපටියක් නෙමේ චිත්‍රපටි දෙකක් කිව්වත් හරි. ඒ කියන්නේ මේ චිත්‍රපටිය නිකුත් උනේ කොටස් දෙකක් විදිහට.(part 1 and part 2) ඔන්න ඒ චිත්‍රපටි දෙකේම ගේම්ස් චිත්‍රපටය එක්කම නිකුත් කරන්න electronic arts (ea games) එකේ කස්ටිය ක්‍රියාකරලා තියනවා. මම මේකේ part one නම් ප්ලේ කරලා තියනවා. ඒකනම් පට්ටම පට්ට.
                       මේක ea games සයිට් එකෙන් ගන්නවා නම් රුපියල් 1000 වගේ ගානක් යනවා. ඒත් මොකටද ඔච්චර සල්ලි නාස්ති කරන්නෙ නිකම්ම ගන්න පුලුවන්කම තියෙද්දි මොකටද සල්ලි දෙන්නෙ. ඔයත් හැරී පොටර්ගෙ රසිකයෙක් නම් ඔන්න පහලින් බාගන්න. ඔන්න අනිවාර්යෙන්ම බාගන්න හොඳේ. 



Part one

Part two

ඔන්න එහෙනම් මම කැපෙනවා. මතකනේ කමෙන්ට් එකක් දාගෙනම යන්න.................

                                             

Tuesday, July 19, 2011

විශේෂයෙන් දැනුම් දෙන වගයි

ඔන්න අදත් පුරුදු විදිහටම මම ආවා. හැබැයි අදනම් ආවේ ගේමක් ගැනවත් වෙන මොකක් ගැනවත් කියන්න නෙවේ. මගෙ අළුත් සයිට් එක ගැන කියන්නයි ආවේ. සයිට් එක කිව්වට මහා පරිමාණ එකක් නෙවේ. වර්ඩ්ප්‍රෙස් එකක්. ඉතිං ඔය වර්ඩ්ප්‍රෙස් එක පටන් ගත්තට ඔය මගුල ගැන මම කිසිම දෙයක් දන්න එකක්යෑ. මම ඒක පටන් ගත්තේ සම්පූර්ණෙන්ම ගේම් ගැන දාන්න. මම ඉතින් හිතුවා මේ බ්ලොග් එක බලන යාළුවන්ගෙන් පොඩි උදව්වක් ඉල්ලන්න. මේකේ වර්ඩ්ප්‍රෙස් ගැන දන්න කව්රුහරි ඉන්නව නම් මට ඒක කරගෙන යන්න උදව්වක් කරන්න. දැන් කස්ටිය බයඋනාද දන්නෑ මේ බ්ලොග් එක නතර කරයි කියල. අපොයි නෑ මම දිගටම මේක කරගෙන යනවා. ගේම් ගැනත් දානවා. වර්ඩ්ප්‍රෙස් එක පටන් ගන්නෙත් මට හිතුනොත් විතරයි. ඔන්න එහෙනම් යාළුවො ටික මට උදව් කරන්න ඕනේ හොඳද. ඔන්න කැමති කස්ටිය පහළ ලින්ක් එක තියනවා. බලාගෙන හොඳ නරකත් කියාගෙනම යන්නකෝ. ඒ වගේම ඔයගොල්ලො මට උදව් කරනවනම් මට ඊමේල් කරන්න නැත්නම් මූනුපොතෙත් මම ඉන්නවා. වර්ඩ්ප්‍රෙස් සම්බන්ධව ඔයගොල්ලො දන්න ඕනෙ දෙයක් කියන්න. ඒ හැමදෙයක්ම මට ගොඩක් වටිනවා.


වර්ඩ්ප්‍රෙස් එකට
bawanthahansaka.wordpress.com

ඊමේල්
ybhanska@gmail.com
byaddehige@yahoo.com


ඔය ඊමේල් දෙකෙන් ඔයගොල්ලන්ට පුළුවන් නම් යාහූමේල් එකට මේල් කරන්න. ජීමේල් එක පොඩ්ඩක් කරදරයි.


මූනුපොත
www.facebook.com/bhansaka

ඔන්න එහෙනම් කියන්න ඕනෙ ටික කිව්වා. එහෙනම් මම කැපෙනවා. ඔබ සැමට සුභ අනාගතයක්!


සැ.යු.- වර්ඩ්ප්‍රෙස් එකට ගිහින් තාම මේ මගුල හදල නෑ කියල එහෙම මට බනින්න එපා ඕං.

Sunday, July 17, 2011

Burnout Paradise ගේම් එක බාගන්න

ඔන්න ඉතින් අදත් ආවා පස්ට ගේමක් අරගෙන. ඉතින් කස්ටිය කොහොමද ඉතින් අවුලක් නැතුව ඉන්නවා ඇතිනේ. අවුලක් නැත්නම් එච්චරයි. මේ ගේම් එක පළවෙනි වතාවට මට ප්ලේ කරන්න ලැබුනේ ඊයේ. හැබැයි එක පාරින්ම ගේම් එක හිතට අල්ලලා ගියා. පට්ට ගේම් එකක්. කැමති කස්ටිය බලන්නකෝ. ඔන්න එහෙනම් පෝස්ට් එකට බහිමු.

                                        ලෝකෙ දැනට හොඳම රේසින් ගේම් නිෂ්පාදකයන් වන Electronic Arts (EA Games) ආයතනයෙන් තමා මේකත් හදලා තියෙන්නේ. මේකත් රේසින් ගේම් එකක් තමා. නමුත් මේකේ පොඩි වෙනසක් තියනවා. ඒක තමා බයික් රේසිනුත් මේ ගේම් එකට ඇතුළත් වෙනවා. මේ ගේම් එකට පසුබිම් වෙලා තියන නගරය තමා පැරඩයිස් සිටි කියන්නේ. මේ සිටි එකනම් පාරාදීසයක්ම තමා. මේ ගේම් එකට මම කැමති උනෙත් මේ ගේම් එකේ ටවුන් එක නිසා තමා. ඒ වගේම් වෙනත් රේසින් ගේම් වල නැති තවත් අංගයක් මේ ගේම් එකේ තියනවා. ඒක තමා Party කියල විශේෂ අංගයක් මේ ගේම් එකේ තියනවා. මේකෙන් කරන්න පුළුවන් එකම කොම්පීතරෙන් දෙන්නෙකුට ටයිම් චැලේන්ජ් එකක් තියන්න පුළුවන්. පළවෙනියට ගමන් කරන කෙනා විනාඩි එකක් ඇතුලත ගියොත් දෙවෙනියා ජයග්‍රහණය සඳහා විනාඩියකට කලින් යන්න ඕනේ.
                    ඔන්න ගේම් එක ගැනත් කිව්වා. දැන් ඔය පහල තියන ස්ක්‍රීන්ෂොට් ටික බලලා ඉන්නකෝ.











කොහොමද පස්ට නේද. ඔන්න කැමති කට්ටිය පහළින් බාගන්නකෝ. ඊට කලින් රික්ස් ටිකත් බලලම ඉන්න.
p iv
1gb ram
256 mb vga
9.0 direct x

ඔන්න පහළින් බාගන්න.


ඔන්න බාගෙන මතක ඇතුව කමෙන්ට් එකක් එහෙම දාගෙනම යන්න හොඳේ

Saturday, July 16, 2011

Freedom Fighters ගේම් එක බාගන්න

ඔන්න ඉතින් සුපුරුදු විදිහට අදත් ආවා සුපිරි ගේමක් අරගෙන. ගොඩක් අයනම් මේක ගහලා ඇති. යුධ ගේම් ගණයට වැටෙන ගේමක් මේක. ඔන්න වෝ ගේම් වලට කැමති කට්ටියටනම් ගැළපෙනම ගේමක්. ග්‍රැෆිකුත් සුපිරිම සුපිරි. එහෙනම් කැමති කට්ටිය බලන්නකෝ.

Freedom Fighters ක්‍රීඩාවේ දර්ශනයක්
                  ලෝක යුද්ධයට සම්බන්ද උනු සියලුම යුරෝපීය රටවල් රුසියාවට යටත් වෙනවා. නමුත් ඇමරිකාව ඉතුරු වෙනවා. රුසියානු සෙබළු දහස් ගණනක් සබ්මැරීන් වලින් පැමිණ ඇමරිකාවේ හමුදාවට එරෙහිව සටන් කරනවා. ඉතා දුර්වල තත්වයක පවතින ඇමරිකන් හමුදාවන්ට රුසියාවට එරෙහි වන්නට නොහැකි වෙනවා. සියලු නගර රුසියන් හමුදාවට යටත් වෙද්දී යම් පිරිසක් ඊට එරෙහිව නැගී සිටිනවා. මෙම කණ්ඩායමේ නායකයා ක්‍රිස් නැමැත්තෙක්. පරිගණක ක්‍රීඩකයා ක්‍රියා කල යුතතේ ක්‍රිස් ලෙසින්. ඔවුන්ගේ මූලස්ථානය ඇත්තේ භූගතව පිහිටි ගොඩනැගිල්ලකයි. ක්‍රිස් ඉදිරියේ ඇත්තේ විශාල අභියෝගයක්. මෙතරම් විශාල හමුදාවකට එරෙහිව ඔහු තනිව සටන් කරන්නේ කෙසේද? දැනගන්න ඕන්නම් ඉතින් මේ ගේම් එක ප්ලේ කරන්න.
                            ඔන්න ඉතින් ගේම් එක ගැන කිව්වා. තව එකක් මේ ගේම් එකේ මෙහෙයුම් ටිකක් අමාරු ඒවා. ඒවගේ වෙලාවට පාවිච්චි කරන්න පාස්වර්ඩ් ටික මම දෙන්නම්. මට ගොඩක් ඒව මතක නැති නිසා චීට් බුක් එකෙන් බලන්න. මම ලින්ක් එක දෙන්නම්. ඔය පහළ බටන් එක ඔබලා යන්නකෝ.




කැමති කට්ටිය පහළින් බාගන්නකෝ.


ඔය සයිට් එකේ ගේම් එක ගැන විස්තරයක් එක්ක ඩවුන්ලෝඩ් කරන්න පහසුකමුත් දීල තියනවා. එහෙනම් බාගෙන ප්ලේ කරන්කෝ. කමෙන්ට් එකකුත් දාගෙනම යන්න හොඳේ



Friday, July 15, 2011

Mars Needs Moms චිත්‍රපටිය බාගන්න

ඔන්න ඉතිං අදත් ආවා සුපිරි ඇනිමේෂන් චිත්‍රපටියක් අරගෙන. කාලෙකින් හොඳ චිත්‍රපටියක් ගැන දාන්න බැරිවෙච්ච එකේ ඔන්න බලලා ඉන්නකෝ. තව දෙයක් ගැන ඔයගොල්ලන්ගෙන් සමාව ඉල්ලන්න ඕනේ. මට ඊයේ පෝස්ට් එකක් දාන්න බැරිඋනා. අනික වැදගත් දෙයක් හම්බ උනෙත් නෑ. අහම්බෙන් වගේ තමා මේ චිත්‍රපටියත් සෙට් උනේ. එහෙනම් පෝස්ට් එකට බහිමුකෝ.

                    අඟහරු ග්‍රහලොවේ වෙසෙන පිටසක්වල ජීවීන්ට විශාල ප්‍රශ්නයක් ඇතිවෙනවා. එනම් එදිනෙදා අඟහරු ලොවේදී උපදින දරුවන් බලාගැනීමට අයෙක් නැතිවීම. ඒ සඳහා ඔවුන් නැනී යන නමෙන් හඳුන්වන රොබෝලා පාවිච්චි කරනවා. මෙම නැනීලාට දරුවන් පාලනය කරන හැටි ඔවුන්ට ඇතුල් කරන්නෙ යන්ත්‍රයක් ආධාරයෙන්. එයට දරුවන් පාලනය කළ හැකි මවක් ඇතුල් කලවිට එම යන්ත්‍රය මගින් ඔවුන්ගේ දරුවන් පාලනය කල හැකි ශක්තිය උරාගන්නවා. මෙලෙස ඔවුන් පෘථිවියෙන් දරුවන් පාලනය කල හැකි මවක් පැහැරගෙන එනවා. ඇයට සිටින්නේ ඉතා කීකරු පුතෙක්. ඔහුගේ නම මයිලෝ. මයිලෝ සිය මව පැහැරගෙන යන යානයටම නැගී අඟහරු වෙත යනවා. ඔහුට සිය මව  බේරා ගත හැකිවේද? අඟහරු ජීවීන්ට එරෙහිව ඔහු ක්‍රියා කරන්නේ කෙසේද?
           මාර්ස් නීඩ් මාම්ස් චිත්‍රපටයේ කතාව ඕකයි. මේ චිත්‍රපටය හදල තියෙන්නෙ අපි කවුරුත් දන්න ඩිස්නි වර්ල්ඩ් ආයතනයෙන්. ලංකාවෙත් මෑතකදී ඉතා සාර්ථකව තිරගත වෙච්ච චිත්‍රපටයක් මේක. ඔන්න චිත්‍රපටිය ගැනත් කිව්වා. කැමති කට්ටිය පහළින් බාගන්නකෝ.







කමෛන්ට් එකකුත් දාගෙනම යන්න හොඳේ


 
පුදුමය:amAZinG | Copyright © 2011 Diseñado por: compartidisimo | Con la tecnología de: Blogger