Buscar

Wednesday, July 6, 2011

අර්ධ ශතකය

ඔන්න අදත් ආවා. ගොඩක් වැඩ තිබ්බ නිසා පහුගිය දවස් දෙකේ පෝස්ට් එකක්වත් දාන්න බැරිඋනා. ඔන්න ඒකට හරියන්න පෝස්ට් එකක් දාන්නයි ආවෙ. හැබැයි එතකොටයි මම දැක්කෙ අද විශේෂත්වය. අද මම දාන්නෙ පනස්වෙනි පෝස්ට් එක. ඒත් එක්කම මට කස්ටිය කියන්න හිතුණා බ්ලොගය ආරම්භ කරපු විදිහ ගැන. එහෙනම් බලන්නකෝ.

කේක් කෑල්ලක් කාලම යන්න
                    මට ඉන්ටනෙට් ලැබුණෙ මට මතක විදිහට මාර්තු මාසේ. මගෙ ලොකු බලාපොරොත්තුවක් තිබ්බා ඉක්මණට මූණුපොතට මගෙ මූණත් දාගන්න. ඔන්න ඒකටත් ආවා කියමුකෝ. ඊටපස්සෙ මම ෆ්‍රෙන්ඩ්ල එහෙම ඇඩ් කරගෙන හිටියා. පවිත්‍ර(සුළැඟිල්ලා) ඔය ‍ෆ්‍රෙන්ඩ්ලගෙන් එක්කෙනෙක්. ඉතින් දවසක් මම නිකමට වගේ එයාගෙ වෝල් එකට ගියාම තමා එයාගෙ බ්ලොග් එක දැක්කෙ. මටත් නිකං ඉන්න බෑනේ. ඔන්න ඉතිං මම සුළැඟිල්ල අඩවියටත් ගියා කියමුකෝ. ඒ බ්ලොග් එක තමා මට බ්ලොග් ලියන අදහස දුන්නේ.
                      ඔන්න මම මගෙ පළවෙනි බ්ලොග් එක පටන් ගත්තා www.bawanthahansaka.blogspot.com කියල. හැබැයි ඉතින් ඒ දවස්වල මම බ්ලොග් එකේ ටෙම්ප්ලේට් එක මාරු කරන්නවත් දැනගෙන හිටියෙ නෑ. ඒ නිසා ඒක අසාර්ථක බ්ලොගයක් බවට පත්උනා. අප්‍රේල් 30 වෙනිදා මම පුදුමය පටන් ගත්තා. ඒක යන්තම් සාර්ථක කරගන්න පුළුවන් උනා. ඒක තමා දැන් ඔයගොල්ලො බලන්නේ.
                        මට උදව් කරපු අය ගැන විශේෂයෙන්ම කියන්න ඕනේ. මලිත් මධුසංක අයියා ඒකෙන් එක්කෙනෙක්. බ්ලොග් පෝස්ට් එකක් විතරක් දාන්න දැනගෙන හිටපු මට බ්ලොග් ගැන ගොඩක් දේවල් කියාදුන්නේ එයා. මගෙ බ්ලොග් එකේ පළවෙනියට ෆලෝ කලෙත් එයා. අනිත් කෙනා කිංශාන්(බ්ලොග්ශාන්). එයා මට බ්ලොග් එකට ටෙම්ප්ලේට් හොයල දෙන්න ගොඩක් මහන්සි උනා. මම එකම දේ කරන්න කැමති නෑනේ. ඉතිං ටෙම්ප්ලේට් එක කී වතාවක් වෙනස් උනාද කියල මමවත් දන්නෑ. ඊළඟට විශේෂ ස්තූතිය පවියාට(සුළැඟිල්ලා). මොකද එයාගෙ බ්ලොග් එක දැක්කෙ නැත්නම් මට බ්ලොග් කියන එක දැනගන්නවත් හම්බවෙන එකක් නැතිවෙයි. තව ගොඩක් ඉන්නවා උදව් කරපු අය. ඒගොල්ලො ගැන දාන්න බැරිවෙච්ච එයට සමාවෙන්න ඕනේ. මට වචනයකින් හරි උදව් කරපු හැමෝටම ස්තූතියි. ඔබ සැමට සුභ අනාගතයක්! (මම මහින්ද අදිනවා නෙවෙයි ඕං)
කමෙන්ට් එකක් දාගෙනම යන්නකෝ

0 comments:

¿Te animas a decir algo?

ඔයගොල්ලන්ට හිතෙන දේ දාල යන්න ගල් මුල් මඩ මොනව උනත් කමක් නෑ ඒක මට ශක්තියක් සිංහල ටයිප් කරන්න බැරිනම් එසැනින් යුනිකෝඩ් පරිවර්තකය පාවිච්චි කරන්න මෙන්න මෙතනට යන්න http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

 
පුදුමය:amAZinG | Copyright © 2011 Diseñado por: compartidisimo | Con la tecnología de: Blogger