Buscar

Saturday, July 2, 2011

GTA SAN ANDREAS පරිගණක ක්‍රීඩාව

සැන් ඇන්ඩ්‍රියාස් ක්‍රීඩාවේ දර්ශනයක්
ඔන්න අදත් ගෙනාව ගේමක. හැබැයි මේකනම් හැමෝම වගේ ප්ලේ කරල තියන ගේමක්. හැබැයි ඉතිං පරණ දේවල් ආයි කරන්න කැමති කට්ටියට තමා මේක හොඳ. ඔන්න එහෙනම් බලන්නකෝ.
                         ලංකාවෙ ගේම් ප්ලේ කරන අයගෙ අතරේ වඩාත්ම ජනප්‍රිය වෙච්ච ගේම කියල සැන් ඇන්ඩ්‍රියාස් ගේම් එක හඳුන්වන එකේ වැරැද්දක් නෑ. ඒ තරමටම ලංකාවෙ වගේම තවත් රටවල් ගාණකත් මේ ගේම් එක ඉතාම ප්‍රසිද්ධ උනා. මේක හදල තියෙන්නෙ රොක්ස්ටාර් ගේම්ස් වලින්. මේක ලොව පුරා බෙදාහැරීම කරල තියෙන්නෙ රොක්ස්ටාර් නෝර්ත් ආයතනයෙන්.
සැන් ඇන්ඩ්‍රියස් ක්‍රීඩාවේ දර්ශනයක්
                  වර්ෂය 1992. කාල් ජොන්සන් නැමති කෙනා සැන් ඇන්ඩ්‍රියාස් නගරයට පැමිණෙන්නේ වසර 5 කට පසුයි. ඒ තම මවගේ අවමංගල්‍යට සහභාගි වීමටයි. නමුත් ඔහුට සැන් ඇන්ඩ්‍රියාස් නගරයට පැමිණි අවස්ථාවේ එතරම් උණුසුම් පිළිගැනීමක් ලැබෙන්නේ නෑ. ඔහු සැන් නගරයට ගොඩවැදී මිනිත්තු කිහිපයකින් පොලිස් අත්අඩංගුවට පත් වෙනවා. ඔහු නොකළ මිනීමැරීමට ඔහුව වරදකරු කිරීමට පොලිසිය උත්සාහ කරනවා. එහෙත් අවසානයේ ඔහුව පොලිස් කාරයෙන් තල්ලු කර දමනවා.(ඇත්තෙන්ම කිව්වොත් ඒ ආවෙ එයාගෙ අඳුරන පොලිස් කාරයො ටිකක්. මමත් ඕක දන්නෙ පස්සෙ.) එයා කොහොමහරි තමාගෙ පවුලෙ අය ඉන්න groove street ප්‍රදේශයට එනවා. එහිදී ඔහු දැනගන්නවා තම මවගේ මරණය ස්වභාවික මරණයක් නොව මිනීමැරීමක් බව. ඔහු සහ ඔහුගේ පවුලේ අය පාතාල ගැන් සංවිධානයක නායකයින්. ඔහුගේ උත්සාහය තම ගැන් සංවිධානය රැක ගැනීමට සොහොයුරාට උදව් කරමින් සිය මවගේ ඝාතකයා සොයාගැනීමටයි. ඔහුගේ උත්සාහය සාර්ථක වේද?
                සැන් ඇන්ඩ්‍රියාස් පරිගණක ක්‍රීඩාවෙ කතාව ඕකයි. කැමති කස්ටිය ඩවුන්ලොඩ් කරගන්න.
මෙන්න රික්ස්
p iv 2.00 ghz processor
256 mb ram
64 mb vga card
8.0 direct x


ඔතනින් සැන් ඇන්ඩ්‍රියාස් වල ඕනෙ වර්ෂන් එකක් ගත්තෑකි
බාගෙන කමෙන්ට් එකක් එහෙම දාන්න 



2 comments:

Ishara ( DarKneT )

මමත් තාම ගහන ගේම් එකක්, හැබැයි මල්ටිප්ලේයර් :D

එච්චර ගැෆික්‍ස් කොලිටි නැති උනත් ගේම් එක නම් පට්ටම පට්ට

BAWANTHA

ඔව් අයියා ගැෆික්ස් නම් එච්චර කොලිටි නෑ හැබැයි ගේම නම් පට්ටම පට්ට
කොමෙන්ට් එකට තෑන්ක්ස්

¿Te animas a decir algo?

ඔයගොල්ලන්ට හිතෙන දේ දාල යන්න ගල් මුල් මඩ මොනව උනත් කමක් නෑ ඒක මට ශක්තියක් සිංහල ටයිප් කරන්න බැරිනම් එසැනින් යුනිකෝඩ් පරිවර්තකය පාවිච්චි කරන්න මෙන්න මෙතනට යන්න http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

 
පුදුමය:amAZinG | Copyright © 2011 Diseñado por: compartidisimo | Con la tecnología de: Blogger