Buscar

Monday, May 23, 2011

RIO

ඔන්න ඉතිං දිග නිවාඩුවකට පස්සෙ ආයෙත් මම ආව. පහුගිය දවස් වල වැඩ ගොඩක් තිබ්බ නිසා මට පෝස්ට් එකක්වත් දාන්න බැරිඋනා. ඒකට කස්ටියගෙන්ම සමාව ඉල්ලනවා.

                 හරි එහෙනම් කතාවට බහිමුකො. අද අරගෙන ආවෙ අළුත් චිත්රපටයක විස්තර ටිකක්. මේ චිත්රපටයෙ නම රියෝ. ඔයගොල්ලන්ට මතකද අයිස් ඒජ් චිත්රපටිය. අන්න ඒකෙ අධ්යක්ෂකය තමා රියෝ චිත්රපටියත් අධ්යක්ෂනය කරල තියෙන්නෙ. මේ චිත්රපටයෙ ප්රධාන චරිතය අති දුර්ලභ වර්ගයක නිල් මැකෝ ගිරවෙක්. එයාගෙ නම බ්ලූ. බ්ලූ පොඩි කාලෙදි සත්තු අල්ලන කට්ටියකට අහුවෙලා ඇමරිකාවෙ දුෂ්කර පලාතකට ගෙනියනව. එහෙදි එයාට ලින්ඩා කියන ගෑණු ළමයා හම්බ වෙනව. එතන ඉඳන් බ්ලූව බලාගන්නෙ ලින්ඩා.
                                  මම මුලින්ම කිව්වනෙ බ්ලූ අති දුර්ලභ වර්ගයක ගිරවෙක් කියල. එයා තමා දැනට එයාගෙ ජාතියෙ ඉන්න එකම පිරිමි ගිරවා. මේ නිසා කුරුල්ලො පිළිබඳ දොස්තර කෙනෙක් හා ලින්ඩා එයාව එයාගෙ වර්ගයේ අය ඉන්න රියෝ ද ජැනයිරෝ(බ්රසීලයේ අගනුවර) වලට ගේනව. එතන ඉඳන් එයාගෙ කතාව තමා චිත්රපටියෙ තියෙන්නෙ. එයාව කුරුළු හොරුන්ට අහුවෙනවා ජ්වෙල් නැමති නිල් මැකෝ ගිරවිය හම්බවෙනව වගේ ගොඩක් සිදුවීම් වෙනවා. මම කියල වැඩක් නෑනෙ දාගෙනම බලන්නකෝ.
                                      මෙතනින් බාගන්න

Thursday, May 19, 2011

මයිප්ලේසිටි.කොම්

ඔන්න කස්ටියට ගෙනාවා පස්ට ෆ්රී ගේම් ඩවුන්ලොඩ් කරගන්න පුළුවන් සයිට් එකක් ගැන. මේ සයිට් එකේ නම මයිප්ලේසිටි. මගෙ ළඟ මයිප්ලේසිටි ගේම්ස් පහළවක් විතර තියනවා. ඒ සේරම පට්ට ගේම්ස්. ෆ්රී කිව්වට මේවා හොඳ ත්රීඩී කියල බය නැතුව කියන්න පුළුවන් ගේම්ස්. එකක් ඩවුන්ලෝඩ් කරගෙනම බලන්නකෝ. මෙතනින් සයිට් එකට යන්න. බලලා කමෙන්ට් ඒකකුත් දාන්න.

ඉලන්දාරියාගේ නික්ම යෑම

අද බ්ලොගර් එකේ ඉන්න හැමෝටම හරිම දුක්බර දවසක්. ඒකට හේතුව හැමෝම දන්නව ඇති. ඒත් නොදන්න අය වෙනුවෙන් මම කියන්නම්. අද සයිබරයේ ඉලන්දාරියා(දිලුම් අයියා) මැරිල. මම බ්ලොගර් වලට අළුත් කෙනෙක් නිසා මට එයාව අදුරගන්න බැරිවුණාට මම මේක අහපු වෙලේ ගොඩක් දුක් උනා. අපි කවුරුත් හැමදාම ජීවත් වෙන්නෙ නෑනෙ. මරණය හැමෝටම පොදු දෙයක්. ඉතින් සොයුර ඔබට අමා මහ නිවන් සුව ලැබේවා.

Wednesday, May 18, 2011

ළබැඳියේ

ඔන්න ඉතිං අදත් ආවා ලස්සන සිංහල සිංදුවක් අරගෙන. ඉතිං මේ වෙනකොට ගොඩ දෙනෙක් මේ සිංදුව අහලා ඇති. ඒත් ඉතිං මේක දැම්මෙ අහලා නැති අය වෙනුවෙන්.

                        ළහිරු පෙරේරා හැමෝම දන්න විදිහට රම්බරි සිංදුවෙ ගායකයගෙ අළුත්ම සිංදුව තමා මේ ළබැඳියේ කියන්නෙ. පහුගිය දවස්වල වැඩියෙන්ම ජනප්රිය වෙච්ච සිංහල සිංදුවත් ළබැඳියේම තමා. ඔයගොල්ලො අහලා තියනව නම් මේ සිංදුව ගැන දන්නව ඇති. හරිම ලස්සන ඒ වගේම හරිම ප්රසිද්ධ සිංදුවක්.
                          වීඩියෝ එක පහළින් බලන්න. ඩවුන්ලෝඩ් ලින්ක් එකත් පහළ ඇති. එහෙනම් මම ගියා. සිංදුව බලලා කමෙන්ට් එකකුත් දාන්න.
මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.

Monday, May 16, 2011

Broken Angel 2

ආ යාළුවො ටික කොහොමද වෙසක් සරුයිද? හෆ්ෆා අද හරිම රස්නෙයි නේද? මම අද ඔයගොල්ලන්ට වෙසක් වෙනුවෙන් ලස්සන සින්දුවක් තෑගි දෙන්න හිතුවා. මම මේක කලින් පෝස්ට් එකකින් දුන්නා. ඒත් ඒකෙ වැඩි විස්තරයක් තිබ්බෙ නැති නිසා ආයි ඒක ටිකක් විස්තර වැඩි කරල දෙන්න හිතුවා.
                        මේක පහුගිය දවස් වල ඉතා ජනප්රිය වෙච්ච හරිම ලස්සන සින්දුවක්. ලංකාවෙත් අයි.ටී.එන් එකේ බොඳ මීදුම් නාට්ටියෙ ඇඩ් එකේ ගියාට පස්සෙ මේ ගීතය ඉතා ජනප්රිය උනා. ඒත් ඉතිං ඇඩ් එකේ තියෙන්නෙ සිංදුවෙ පොඩි කෑල්ලක් විතරයි. ගොඩක් දෙනෙකුට මේක බලන්න ඕන උනාට සමහර අය මේකෙ නම දන්නෙ නෑනෙ.

                                               මමත් මේ සිංදුව ඇහුවෙ ෆෝන් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන. හැබැයි ඉතිං මම ඩවුන්ලෝඩ් කරපු වීඩියෝ එක සවුත්තු වෙලා. ඉතිං මොනව කරන්නද අනේ අපොයි කියල නිකං හිටිය. පස්සෙ මමත් ඩොනෙක් අරගෙන තමා මේ සිංදුව සම්පූර්ණෙන් ඇහුවෙ.
                     මේ සිංදුව කියන්නෙ Arash සමග Helena පහළ තියන වීඩියෝ එකෙන් සිංදුව බලන්න පුළුවන්. ඩවුන්ලෝඩ් ලින්ක් එකත් පහළ ඇති.

මෙතනින් ඩවුන්ලොඩ් කරගන්න. දාගෙන කමෙන්ට් එකකුත් දාන්න.

ප්රීති වෙසක්

මේ බ්ලොග් එක බලන නොබලන හැමෝටමත් සියළුම ශ්රී ලංකාවාසීන්ටත් ජරමර කරදර බරබර නැති සුබම සුබ වෙසක් උත්සවයක් වේවා!

7 Loader

ඔන්න ඉතිං කට්ටියට වෙසක් වලට පොඩි තෑග්ගක් දෙන්න හිතුවා. මේක වින්ඩෝස් 7 ජෙනුයින් නොවෙන(හොර කොපි) ඔපරේටින් සිස්ටම් එක ජෙනුයින් කරන සොෆ්ට්වෙයාර් එකක්. හොර වැඩවලට උදව් කරනවා කියල හිතන්න එපා. ගොඩක් අයට තියෙන්නෙ වින්ඩෝස් 7 හොර කොපි මේකට හේතුව මේ 7 වල ජෙනුයින් ඒවා ගණන් වැඩි වීමයි. ඉතිං මේ හොර කොපි වලින් ඉන්ටර්නෙට් වලට එනකොට ටිකක් විතර අපහසුයි. ඒත් මේ සොෆ්ට්වෙයාර් එක දාගත්තොත් ගොඩේ ගොඩ. කාටවත් හොයන්න බෑ සිස්ටම් එක ජෙනුයින් ද හොර එකක්ද කියල. දාගෙනම බලන්නකෝ. කමෙන්ට් එකකුත් දාන්න හොදේ. මෙතනින් ගන්න.

Sunday, May 15, 2011

ආවා ආවා

කස්ටිය බලනව ඇති මම මොනවද ආවා ආවා කියල කිව්වෙ කියල. ආවෙ වෙන මොනවත් නෙමේ වෙසක්. ඉතිං සමහර කට්ටිය මේ වෙනකොට ජයටම වෙසක් සමරන්න ලෑස්ති ඇති. අපේ ගෙදර කස්ටියත් මේ වෙනකොට වෙසක් සමරන්න ලෑස්තිය. මමත් ඉතිං උදව් දිදී හිටියා. දැන් විවේක ගන්න ගමන් පෝස්ට් එකක් දාන්න හිතුවා. කට්ටියට වෙසක් සරු ඇති කියල හිතනව. සරුනං එච්චරයි. තව දාන්න මුකුත් හිතෙන්නෑනෙ. හරි හරි කස්ටියටම ජරමර කරදර බරබර නැති වෙසක් උත්සවයකට සුබ පතනවා. මතක් කරලා කමෙන්ට් එකක් දාගෙනම යන්න.

බුගාටි වෙයිරෝන්

ඕං ඉතිං මම ආයි බ්ලොගිය වෙනස් කලා. මේ සැරේ ටෙම්ප්ලේට් එක වගේම ගැජට් වලත් වෙනසක් කලා. ඒ කිව්වෙ ඉතිං බ්ලොගියෙ තිබ්බ අනවශ්ය කෑලි බෑලි අයින් කළා. ඉතිං දැං මම කියන්න යන්නෙ ලෝකෙ මිල අධිකම කාර් එක ගැන. මේක බුගාටි වර්ගයේ කාර් එකක්. බුගාටි කියන්නෙ රේසිං කාර් නිෂ්පාදනයේ අංක එකේ සමාගමක්. මේක ගැන වැඩි විස්තර ලඟදි පත්තරේක ගියා. දැන් මට ඒක මතක නෑ. මම ලින්ක් එක දෙන්නම් ගිහිං බලන්න. මට මේ කතාව ඔයගොල්ලන්ට කියන්න හිතුනේ ගොඩ කාලයකට කලින් ඒත් මතක නැති නිසා නිකං හිටියා. හරි මෙන්න තියනවා ලිංකුව http://en.wikipedia.org/wiki/Bugatti_Veyron බලලා කමෙන්ට් ඒකකුත් දාන්න

Saturday, May 14, 2011

බ්ලොගර් පිස්සු නටයි

අනේ අම්මෝ බ්ලොගර් කෙරුවාව එපාවෙන දෙයක් නොවැ මට උනේ. පහුගිය දවස් ටිකේ බ්ලොගර් අප්ඩේට් ද මොකක්ද කරලා දවස් දෙකක් විතර පෝස්ට් දාන්න බැරි උනානෙ. ඕං ඉතිං ඊයෙ නිකමට වගේ මූණුපොතට ගියාම කස්ටිය බ්ලොගර් වැඩකරනවා කියල කිය කිය හිටියා. ඉතිං මමත් පුදුමයට ආවෙ කස්ටියට කියවන්න හොඳ කතාවක් දෙන්න කියලා. මට බ්ලොග් දෙකක් තියනවා එකක්නම් මම දැන් පාවිච්චි කරන්නෙ නෑ. ඉතිං මම එනකොට ඇක්ටිව් වෙලා තිබුණෙ ඒ බ්ලොග් එකට හදපු එකවුන්ට් එකට. ඉතිං මම වෙනදා කරන විදියට සයිග්න් අවුට් වෙලා අනිත් එකවුන්ට් එකට යන්න හැදුවෙ. මලා සයිග්න් අවුට් වෙන්න බෑ කොච්චර සයිග්න් අවුට් උනත් එන්නෙ පරණ එකවුන්ට් එකටමයි. ඉතිං මම දන්න කියන අයගෙන් ඇහුවා දාස්වතාවක් විතර ට්රයි කරා ඒත් හරිගියෙ නෑ. ඉතිං අද උදෙත් ඕකට ට්රයි කරලා බැරිම තැන හෙල්ප් වලට ගිහිං යාන්තං මේ එකවුන්ට් එකට ලොග් උනා. අම්මෝ ආයිනං මේ එකවුන්ට් එකෙන් සයිග්න් අවුට් වෙන්නෑ. කමෙන්ට් එකක් දාගෙනම යන්න.

Thursday, May 12, 2011

මූණුබුකියෙ පුංචි ඡන්දෙ

ඔන්න ඉතිං බුකියෙ සිද්ධවෙන අමුතුම දෙයක් ගැන විස්තර ටිකක් ගෙනාවා. ඔසාමා බිං ලාඩං මැරුණු බව අපි දන්නවනෙ. ඉතිං එයාගෙ මරණෙන් පස්සෙ අල්කයිඩාවෙ නායකයා වෙන කෙනා තෝරන්න කියලා ග්රූප් එකක් හදාගෙන ඡන්දයක් තියන්නයි ලෑස්තිය. ඉතින් ඔය ඡන්දෙ හුදෙක් සිඟිති ආතල් එකක් බව පැහැදිලියි. හැබැයි ඉතිං මමත් ඡන්ද අපේක්ෂකයෙක්. ඉතිං අද දාන්න හිටපු පෝස්ට් සියල්ල කැන්සල් කරලා ඔයගොල්ලන්ගෙන් උදව්වක් ඉල්ලන්න හිතුවා. අනේ පුළුවන්නං මම දෙන ලින්ක් එකට ගිහිං ඒ ග්රූප් එකට ඇඩ් වෙලා 14 වෙනිදා තියෙන ඡන්දෙදි අංක 10 තරඟ වදින මට මනාපයක් දෙන්න. අනේ ප්ලීස් මනාපයක් දාන්න හොඳේ. කමෙන්ට් දාන්න ඕනෙ නෑ. ටක්ගාල ගිහිං ඇඩ් වෙන්න හොඳේ. මෙන්න තියනවා ලින්ක් එක https://www.facebook.com/#!/home.php?sk=group_199490213428005&ap=1

Wednesday, May 11, 2011

Project I.G.I 2 පරිගණක ක්රීඩාව

ඕං ඉතිං තවත් ගේම් එකක විස්තර ටිකක් ගෙනාවා. මේකත් ටිකක් පරණ ගේමක්. එහෙම කිව්වහම කට්ටිය බලයි මම දෙන්නෙ පරණ ගේම් විතරද කියල. එහෙම නෑ. ගේම පරණ වුනත් අළුත් වුනත් ගේම හොඳ නම් එච්චරයිනේ. ඔයගොල්ලො අයි.ජී.අයි 1 ගහලා ඇති කියල මම හිතනවා. ඒකෙ දෙවෙනි කොටස තමා මේ. මේකෙ ඉන්නෙත් ගොඩක් දුරට 1 එකේ හිටපු කට්ටිය තමා. නමුත් මේකෙ චීන කාරයො වගේම ඊජිප්තු කාරයොත් ඉන්නවා. 1 එකේ හිටපු රුසියන් කාරයොත් ඉන්නවා. ඒ වගේම මේකෙ මිශන් පාස් කරන්නත් ටිකක් අමාරුයි. නමුත් ඇත්ත වගේම යුධ අත්දැකීම් විඳගන්න පුළුවන්. වැඩි කතා ඕනෙ නෑනේ ඔන්න තියනවා ලින්ක් එක. http://www.google.lk/#sclient=psy&hl=en&safe=off&site=&source=hp&q=IGI+2+FREE+DOWNLOAD&aq=&aqi=&aql=&oq=&pbx=1&fp=164417bd13c97548ඩවුන්ලෝඩ් කරගෙන කමෙන්ට් එකකුත් දාන්නකෝ.

මේ විදිහ හොඳයි

මම කලින් පෝස්ට් එකේ කිව්වනෙ බ්ලොගිය අළුත් කලාය කියල. ඒත් ඉතිං ඒ ටෙම්ප්ලේට් එකේ වැඩ කරගන්න අමාරුයි කියල මට හිතුන. ඉතින් මම පරන ටෙම්ප්ලේට් එකටම බැස්සා. දැං ඉතිං සමහරු කියනව ඇති දැම්මට වඩා ඉක්මනට ටෙම්ප්ලේට් එක වෙනස් කලා කියල. ටෙම්ප්ලේට් එක කොච්චර ලස්සන වුනත් ඒකෙ වැඩක් කරගන්න අමාරුනම් ඒකෙන් වැඩක් නෑනේ ඒකයි ටෙම්ප්ලේට් එක මාරු කලේ. කොහොම වුනත් තව දේකට ඔයගොල්ලන්ගෙන් සමාව ඉල්ලන්න ඕනෙ. ඒකට හේතුව වැඩ ගොඩක් තිබ්බ නිසා ඊයෙ මට වෙනදාවගේ පෝස්ට් එකක් දාන්න බැරිවුනා. ඒකට සමා වෙන්න. ඉතින් කියන්න තරම් විශේශ දෙයක් තිබ්බෙ නැති නිසා ඔය ටික කිව්වා. කියන්න වැදගත් දෙයක් හම්බවුනොත් කියන්නම්. ඔයගොල්ලො කැමති පරන ටෙම්ප්ලේට් එකටද දැන් එකටද කියල කමෙන්ට් කරන්නකෝ.

Monday, May 9, 2011

මං අළුත් වෙලා

ඔන්න එතින් අනිත් අයගෙත් බ්ලොග් වල වගේ මගේ බ්ලොග් එකේත් ටෙම්ප්ලේට් එක වෙනස් කෙරුවා. මම හිතන්නෙ දැං කලින් තිබ්බට වඩා බ්ලොග් එක ගොඩක් හැඩවෙලා වගේ. ඒත් ඉතිං පෝස්ට් දැමිල්ල වෙනස් කරන්න මම හිතන්නෙ නෑ. දවසකට අඩුම ගානේ පෝස්ට් එකක්වත් දාන්නයි මගෙ අදහස. ඉතින් දිගටම ලෝකෙ පුදුම දේවල් අළුත් දේවල් අළුත් නිව්ස් හැම එකක්ම මගෙ බ්ලොගියෙන් ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලො හැමදාම මාත් එක්ක හිටියොත් මේ බ්ලොග් එක හැමදාම කරගෙන යන්න පුළුවන් කියල මම විශ්වාස කරනවා.
පුදුමයේ අළුත් පෙනුම ගැන ඔබට හිතෙන දේ කමෙන්ට් කරන්න.

Sunday, May 8, 2011

ෆේස්බුක්ද? ටුව්ටර්ද?

ඔන්න මම කස්ටියට කියන්න යන්නෙ ඉතා වැදගත් දෙයක්. කන් බිම දාල අහගන්නවා හොඳා. ලෝකයේ හොඳම සෝෂල් වෙබ් අඩවිය ෆේස්බුක් බව අපි දන්නවනේ. ඉතින් ඕකට සමාන වෙබ් අඩවියක් විදියට ටුවිටර්(නිල් කුරුල්ලා) හඳුන්වන්න පුළුවන්. ඒ වුණාට ලේසිය හා පහසුව අතින් ඉදිරියෙන් ඉන්නෙ ෆේස්බුක්. හැබැයි ඉතින් තමාට ෆේස්බුක් අල්ලන්නෙ නැත්නම් ටුවිටර් වෙත මාරු වෙන්න පුළුවන්. ඒත් මම අත්දැකීමෙන් කියන්නෙ ටුවිටර් වලට වඩා දහස් ගුණයකින් ෆේස්බුක් හොඳයි. ෆේස්බුක් වලදී අපිට ලැබෙන වාසි එකක්වත් ටුවිටර් වලදී ලැබෙන්නෙ නෑ. ඉතින් ඔය ෆේස්බුකියට වෙලා ෆේස්බුකියට බනින අයට මම කියන්නෙ ඕකටම වෙලා හිටහල්ල බං. කැමතිනම් කමෙන්ට් එකකුත් දාපං බං.

Saturday, May 7, 2011

තහනම් වූ ගීතය



ඔන්න ඉතින් කට්ටියට ලංකාවෙ ආණ්ඩුවෙන් තහනම් කරපු ගීතයක වීඩියෝවක් ගෙනාවා. මම දන්නවා ඔයගොල්ලො ගොඩක් මේ වීඩියෝ එක බලලා ඇති. ඒත් මේක හැම චැනල් එකකම තහනම් වෙන්න කලින් තව සැරයක් බලන්න මොකද සමහර විට මේ වීඩියෝ එක ආයි බලන්න බැරිවෙයි. මේක තහනම් වෙන්න හේතුව මේකෙ ඇති ආගමික ප්රශ්නයක්. මේ වීඩියෝ එක දැනටම රාජ්ය නාලිකාවල තහනම් කරලා තියෙන්නෙ. පුළුවන්නම් මේක ඩවුන්ලෝඩ් කරගන්න. බලලා කමෙන්ට් එකකුත් දාන්න හො‍ඳේ.

Friday, May 6, 2011

GTA IV පරිගණක ක්රීඩාව

ඔන්න ඉතින් පුදුමෙයේ ප්රථම වතාවට ෆට්ට ගේමක විස්තර ටිකක් ගෙනාවා. මේ ගේම ටිකක් පරණයි. ඒ කිව්වෙ මේක රිලීස් වුණේ 2007 විතර. මේක පාතාලයට සම්බන්ධ ගේම් එකක්. මේකෙ කථාව පටන් ගන්නෙ මේ ගේම් එකේ කථා නායකයා ලිබර්ටි නගරයට ආපු දවසෙ ඉඳන්. එයාගෙ නම නිකෝ බෙලික්. එයා ලිබර්ටි සිටි වලට එන්නෙ එයාගෙ සහෝදරයෙකුගෙ මාර්ගයෙන්. නිකෝගෙ සහෝදරයා රෝමන් බෙලික්. රෝමන් කැබ් සපයන ආයතනයක අයිතිකාරයෙක්. නිකෝ පාතාලෙ වැඩ පටන් ගන්නෙ මෙතන ඉඳලා. නිකෝ තුවක්කු වල වැඩ හොඳින් දන්න කෙනෙක්. ඒ මොකද එයා හමුදාවෙ හිටපු කෙනෙක්. ඔන්න ඉතින් ගේමෙ විස්තර ටිකකුත් කිව්වා. මේ ගේම් එක ගෙගාබයිට් 16 විතර තියනවා. http://www.bing.com/search?q=GTA+IV+FREE+DOWNLOAD&go=&form=QBLH&qs=n&sk= ඔය තියෙන්නෙ ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ලින්ක් එක. ඩවුන්ලෝඩ් කරගෙන කමෙන්ට් එකකුත් දාන්නකෝ.

සිංහල බ්ලොග් අවකාශය: sms යතුරක් මෙන්න (facebook එක Hack වීමෙන් වළක්වන හැටි)

සිංහල බ්ලොග් අවකාශය: sms යතුරක් මෙන්න (facebook එක Hack වීමෙන් වළක්වන හැටි)
මෙන්න මූණුබුකියෙ හැක් වීමෙන් වලක්වන හැටි. සිංහල බ්ලොග් පිටුවෙ සොයාගැනීමක්

දයාබර ඔබාමාමා වෙත

දයාබර ඔබාමාමේ ඔයා කරන ගොන් වැඩවල සීමාවක් නැති නිසා මෙහෙම කොටන්නම්. අනුන්ගේ රටවල් වල අවුල් ලිහන්න ගිහින් හැමෝගෙන්ම බැනුම් අහන්න ඔයාට ලැජ්ජනැද්දෑ. ලාඩං මාමව ආයුධ නැතුව ඉන්නකොට මැරුවා කියලා ඔයාගෙම අය ඔයාව බයිට් එකට ගත්තා කියල ආරංචියි. ඔයාගෙ නෝන(ඇන්ටි) එහෙම ඔය ගොං වැඩ කරන්න එපා කියල බනින්නැද්ද? ඒ මදිවට ගඩාපි මාමට පාඩුවෙ ඉන්න නොදී කරන විකාරෙ මොකක්ද? අනිත් ගොනා හඳමාමා(මූන්) ඒ මී හරකත් මාමගෙ ගොන් වැඩවලට හවුල් නේද? ඉතින් මී හරකො ඒ මැටිමෝලා කියන ඒවා කරන්න තොට පිස්සුද? මට වැරදුනා තොට කොහොමත් පිස්සුනේ. ඔය මූන් කාරයා ලංකාවට දරුවෙක්(දරුසුමාන්) එවලා අම්බානකට බැනුම් ඇහුවා නොවැ. ඉතින් තොට උපදෙස් දුන්නා ඇතැයි සිතමි.                                                  
                                                                                                                                      මීට
                                                                                                                           ආඩම්බරකාර තාත්තා

මාලිංගට මොකද වුණේ?

ලසිත් මාලිංග යනු ලංකාවේ මෙන්ම ලෝකය පුරා ජනප්රිය වූ ක්රිකට් ක්රීඩකයෙකි. එමෙන්ම මේ වන විට අයි.පී.එල් තරගයේ වැඩිම කඩුළු සංක්යාවක් දවාගත් ක්රීඩකයාද ඔහුය. පසුගිය දිනකදී ඔහු ටෙස්ට් පිට්යෙන් ඉවත්වන බව ප්රකාශ කළේය. ලංකාවේ එංගලන්ත සංචාරය අයි.පී.එල් නිසා අවුල් ජාලයක්ව ඇති බව අපි දනිමු. මෙහි අළුත්ම ප්රකාශය කළේ ලසිත් මාලිංගයි. එම ප්රකාශය වනුයේ තම පාදයේ ආබාධය නිසා මෙම තරඟාවලියට සහභාගී වීමට නොහැකි බවයි. නමුත් අයි.පී.එල් තරඟාවලියේදී මෙම ආබාධය ඇති නොවුණේ කෙසේදැයි මම නොදනිමි. මුදලට රට පාවා දෙන මෙවැන්නන් කණ්ඩායමේ සිටින්නේ ඇයිද යන ප්රශ්නය අපට මතුවෙයි. නමුත් රටට වඩා මුදලට මුල්තැන දෙන කාලයේ මේවා අමුතු දේවල් නොවේ. සමහර විට කණ්ඩායමේ නව නායකයා වන ඩිල්ෂාන් සමග ඔහුගේ තරහක් තිබෙන්නට ඇත. කෙසේ වෙතත් ඔහු එංගලන්ත සංචාරයට සහභාගී වීමට ලැබේවායි ප්රාර්ථනා කරමු. එමෙන්ම ඔහුගේ ආබාධය ඉක්මණින් සුවවේවා! කැමතිනම් කමෙන්ට් එකක් දාගෙනම යන්නකෝ.

Thursday, May 5, 2011

වෙසක් වලට ලෑස්තිද?

ඔන්න වෙසකුත් ලඟ ලඟම එනවා. යාළුවන්ට වෙසක් හොඳ ඇති නේද? ඇයි ඉතින් දන්සැල් එහෙමත් ඇති නේද? අපේ ගමෙත් දැන් ඉඳලම දන්සැල් වලට සල්ලි එකතු කරන්න පටන් අරගෙන. ඉතින් මම මේ කියන්න හැදුවේ මම ගියපාර වෙසක් බලන්න කොළඹ ගිය වෙලේ දැක්ක දෙයක් ගැන. සමහර තරුණ තමන් වැඩ්ඩො කියල හිතාගත්ත කට්ටියක් රතු පාට ලයිට් එකක් පත්තුවෙන අං දාගෙන යනවා. ඒගොල්ලන්ට තමාගෙ එන්න තියන අං දෙක ගැන අමතක කිරීම වැරදියි නේද? ඉතින් මම ට්රැක් පැන්නද දන්නෙ නෑ ඒත් ඇත්ත කියන්න එපෑ. කස්ටියටම වෙසක් වලට සුබ පතනවා. කැමති නං කමෙන්ට් එකක් දාගෙනම යන්නකෝ.

Wednesday, May 4, 2011

සංගා හා මහේල

සංගාගේ බිරිඳ - මොකද අනේ ඔයා ගේ ඇතුලටම වෙලා ඉන්නෙ. මාකට් එකට ගිහින් මට එළවලු ටිකක් ගේන්නකෝ

සංගා - වර්ල්ඩ් කප් එක පැරදිච්ච නිසා මට එළියට යන්න බෑ

සංගාගේ බිරිඳ - ඉතින් මගෙ සාරියක් ඇඳගෙන ගෑණු කෙනෙක් වගේ වෙස්වලාගෙන යන්නකෝ

සංගා - හා හා ඒක හොඳයි

(මාකට් එක තුලදී සංගා ලඟට පැමිණි කාන්තාවක්)

කාන්තාව - ආ සංගා මොකද මේ සාරියක් ඇඳගෙන

සංගා - කොහොමද මාව අඳුරගත්තේ

කාන්තාව - යකෝ මම මහේල

ලොව මිල අධිකම බල්ලා

ලොව මිල අධිකම බල්ලන් විශේශය වන්නේ රෙඩ් ටිබෙටියන් මස්ටිෆ් නම් බලු විශේශයයි. මෙයිනුත් මිල අධිකම බල්ලා පසුගිය දිනකදී චීනයේ ඉතා ධනවත් වියාපාරිකයෙක් මිලදී ගන්නා ලදී. ඒ ඩොලර් මිලියන ගානක මුදලකටයි. මෙම බලු සුරතලාගේ නම හොන් ඩොන් වේ. මෙම වචනයේ අරුත රතු සිංහයා යන්නයි. මෙම බල්ලන් විකුණන මෙන්ම රැක බලා ගන්නා ස්ථානයේ අයිතිකරු පවසන පරිදි මේ වර්ගයට අයත් බල්ලන් 200 යුරෝපය පුරා සිටින බව තහවුරු කර ඇත. එංගලන්තයේදී මෙම වර්ගයට අයත් බලු පැටවෙකු පවුම් 200 සිට පවුම් 1500 දක්වා මුදලකට විකුණනු ලැබේ. මෙම බල්ලෙකු වරකට මස් රාත්තල් පනහක් පමණ කන බව කියවේ. වැඩුණු මස්ටිෆ් බල්ලෙකු එළුවෙකු තරම් උසවේ. ඉතින් තවත් මෙවැනි කතාවකින් හමුවෙමු. එතෙක් ඔබට ජය වේවා!

Tuesday, May 3, 2011

මැයි දිනය සමරන්නේ කම්කරුවන් පමණද?

මැයි දිනයත් පසුවිණි. මෙවර බුලත්වාහිනියෙන් මෙම මැයි උත්සවය මෙතෙක් ලංකාවේ පැවති ලොකුම මැයි රැළිය ලෙස හඳුන්වනු ලැබීය. එමෙන්ම මැයි රැළිය අමතා ආණ්ඩුවේ ලොකු ලොක්කන් යුද්ධය නිමා කිරීම ගැන හැමදාම ගසන බයිලාව ගැසීය. යුද්ධය නිමකිරීම ගැන අප ඔවුන්ට ණයගැති වෙමු. නමුත් එය අවුරුදු දෙකක් තිස්සේ කියවන්නට හේතුව නම් මෙම ආණ්ඩුව රටේ දියුණුවට වෙන දෙයක් නොකිරීමයි. දැන් මැයි දිනයද තමන්ගේ ඡන්ද මළු තර කර ගැනීමට යොදාගන්නා පුහු දිනයක් බවට පත්කරගැනීමට ඉඩදී අපි බලා සිටිය යුතු වෙමුද? අනුරාධපුරේ සිට බස් වල කුලියට ගත් මිනිසුන් කොළඹ ගෙනැවිත් කරන මැයි දිනක ඇති අර්ථය කුමක්ද? කම්කරුවා මහ පාරේ බර ඔසවද්දී වෙන කොහෙවත් සිටින අය මේ කම්කරු දිනය සැමරීම සාධාරණද? මෙයට හේතුව ආණ්ඩුවේ ක්රියාකලාපයට විරුද්ධ වීමට තරම් බලයක් එදා වේල බොහොම අමාරුවෙන් සොයාගන්නා කම්කරුවාට නොමැති වීමයි. පත්තර වල පිටු පිරෙන්න රතු ඇඳුම් ඇඳගත් නළුවන්ගේ ඡායාරූපයය. නමුත් මේ අය කවදාවත් කම්කරුවෙක් ඇහැටවත් දැක නොමැත. කම්කරුවාගේ දුක දන්නේ කම්කරුවා පමණි. එය අදටත් හෙටටත් සත්ය දෙයකි. අදට නවතින්නම්. ඔබට ජයවේවා.

Sunday, May 1, 2011

එක්ස්පී වලට system restore උදව්

මම අද කියන්න යන්නෙ ගොඩදෙනෙකුට තියන ප්රශ්නයක් ගැන. සිස්ටම් රීස්ටෝර් කියන්නෙ ෆෝමැට් කිරීම වෙනුවට යොදාගත හැකි හොඳ විකල්පයක්. මේ ප්රශ්නය තියෙන්නෙ ජනෙල් එක්ස්පී භාවිත කරන අයටයි. වයිරස් එකක් ආවම තමා ගොඩදෙනෙකුට සිස්ටම් රීස්ටෝර් මතක් වෙන්නෙ නමුත් ඊට කලින් රීස්ටෝර් එකවුන්ට් හැදීම අවශ්යයි. මේ සඳහා මුලින්ම ස්ටාට් බට්න් එක මත ක්ලික් කරන්න. එහි ප්රෝග්රෑම් වල ඇති ඇක්සසරීස් බට්න් එක මත ක්ලික් කරන්න. ඉන්පසු එහි ඇති සිස්ටම් ටූල් වලට යන්න. මෙහි තිබෙන සිස්ටම් රීස්ටෝර් එකට ගොස් එහිදී ලැබෙන ඩයලොග් බොක්ස් එකෙන් දෙවන විකල්පය තෝරාගන්න. මින්පසු දිනය යොදා එකවුන්ට් එක හදාගන්න. නමුත් මෙදින මෙම පරිගණකය වයිරස් වලින් තොරව තිබීම වැදගත් වෙනවා. දැන් නැවත රීස්ටෝර් කරන විට මෙම එකවුන්ට් එක තෝරගන්න. නමුත් සමහර වයිරස් මෙම රීස්ටෝර් කිරීමෙන් ඉවත් වෙන්නෙ නෑ. එවිටනම් ඔබට පරිගණකය ෆෝමැට් කරන්න වෙනවා. තවත් මෙවැනිම කතාවකින් හමුවෙමු. එතෙක් ඔබට ජය වේවා.

chipmunk versions

දැන් youtube වැනි වෙබ් අඩවි වලින් ප්රසිද්ධ ගීත chipmunk version යනුවෙන් remix කර ඉදිරිපත් කර තියනවා. ගොඩක් දෙනෙක් මෙ chipmunk version වලට කැමැත්තක් දක්වනවා. ඒයට හෙතුව ඒවායෙ අැති විහිලු ස්වරූපයයි. දැන් සිංහල ගීතවලත් chipmunk version නිකුත් කරලා තියනවා. අැල්වින් චිත්රපටයෙ ඉන්න දඩුලෙනුන් යොදාගෙන තමයි මෙ ගීතවල විෂුවල් හදලා තියෙන්නෙ. නමුත් මෙම ගීතවල සැබෑ ගායකයන් මෙකට වැඩි කැමැත්තක් දක්වන්නෙ නෑ. ඒගොල්ලන්ගෙ ගීතවලට මෙ වැඩෙන් හානි වෙනවා කියලා ඒගොල්ලො හිතනවා අැති. මෙවැනිම කතාවකින් නැවත හමුවෙමු. ඒතෙක් ඔබට ජය වෙවා. තව ඒකක් http://www.youtube.com/results?search_query=chipmunk+versions&aq=f ඔය ලින්ක් chipmunk version කීපයක් බලන්න පුලුවන්.

 
පුදුමය:amAZinG | Copyright © 2011 Diseñado por: compartidisimo | Con la tecnología de: Blogger