Buscar

Saturday, May 14, 2011

බ්ලොගර් පිස්සු නටයි

අනේ අම්මෝ බ්ලොගර් කෙරුවාව එපාවෙන දෙයක් නොවැ මට උනේ. පහුගිය දවස් ටිකේ බ්ලොගර් අප්ඩේට් ද මොකක්ද කරලා දවස් දෙකක් විතර පෝස්ට් දාන්න බැරි උනානෙ. ඕං ඉතිං ඊයෙ නිකමට වගේ මූණුපොතට ගියාම කස්ටිය බ්ලොගර් වැඩකරනවා කියල කිය කිය හිටියා. ඉතිං මමත් පුදුමයට ආවෙ කස්ටියට කියවන්න හොඳ කතාවක් දෙන්න කියලා. මට බ්ලොග් දෙකක් තියනවා එකක්නම් මම දැන් පාවිච්චි කරන්නෙ නෑ. ඉතිං මම එනකොට ඇක්ටිව් වෙලා තිබුණෙ ඒ බ්ලොග් එකට හදපු එකවුන්ට් එකට. ඉතිං මම වෙනදා කරන විදියට සයිග්න් අවුට් වෙලා අනිත් එකවුන්ට් එකට යන්න හැදුවෙ. මලා සයිග්න් අවුට් වෙන්න බෑ කොච්චර සයිග්න් අවුට් උනත් එන්නෙ පරණ එකවුන්ට් එකටමයි. ඉතිං මම දන්න කියන අයගෙන් ඇහුවා දාස්වතාවක් විතර ට්රයි කරා ඒත් හරිගියෙ නෑ. ඉතිං අද උදෙත් ඕකට ට්රයි කරලා බැරිම තැන හෙල්ප් වලට ගිහිං යාන්තං මේ එකවුන්ට් එකට ලොග් උනා. අම්මෝ ආයිනං මේ එකවුන්ට් එකෙන් සයිග්න් අවුට් වෙන්නෑ. කමෙන්ට් එකක් දාගෙනම යන්න.

0 comments:

¿Te animas a decir algo?

ඔයගොල්ලන්ට හිතෙන දේ දාල යන්න ගල් මුල් මඩ මොනව උනත් කමක් නෑ ඒක මට ශක්තියක් සිංහල ටයිප් කරන්න බැරිනම් එසැනින් යුනිකෝඩ් පරිවර්තකය පාවිච්චි කරන්න මෙන්න මෙතනට යන්න http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

 
පුදුමය:amAZinG | Copyright © 2011 Diseñado por: compartidisimo | Con la tecnología de: Blogger