Buscar

Tuesday, May 3, 2011

මැයි දිනය සමරන්නේ කම්කරුවන් පමණද?

මැයි දිනයත් පසුවිණි. මෙවර බුලත්වාහිනියෙන් මෙම මැයි උත්සවය මෙතෙක් ලංකාවේ පැවති ලොකුම මැයි රැළිය ලෙස හඳුන්වනු ලැබීය. එමෙන්ම මැයි රැළිය අමතා ආණ්ඩුවේ ලොකු ලොක්කන් යුද්ධය නිමා කිරීම ගැන හැමදාම ගසන බයිලාව ගැසීය. යුද්ධය නිමකිරීම ගැන අප ඔවුන්ට ණයගැති වෙමු. නමුත් එය අවුරුදු දෙකක් තිස්සේ කියවන්නට හේතුව නම් මෙම ආණ්ඩුව රටේ දියුණුවට වෙන දෙයක් නොකිරීමයි. දැන් මැයි දිනයද තමන්ගේ ඡන්ද මළු තර කර ගැනීමට යොදාගන්නා පුහු දිනයක් බවට පත්කරගැනීමට ඉඩදී අපි බලා සිටිය යුතු වෙමුද? අනුරාධපුරේ සිට බස් වල කුලියට ගත් මිනිසුන් කොළඹ ගෙනැවිත් කරන මැයි දිනක ඇති අර්ථය කුමක්ද? කම්කරුවා මහ පාරේ බර ඔසවද්දී වෙන කොහෙවත් සිටින අය මේ කම්කරු දිනය සැමරීම සාධාරණද? මෙයට හේතුව ආණ්ඩුවේ ක්රියාකලාපයට විරුද්ධ වීමට තරම් බලයක් එදා වේල බොහොම අමාරුවෙන් සොයාගන්නා කම්කරුවාට නොමැති වීමයි. පත්තර වල පිටු පිරෙන්න රතු ඇඳුම් ඇඳගත් නළුවන්ගේ ඡායාරූපයය. නමුත් මේ අය කවදාවත් කම්කරුවෙක් ඇහැටවත් දැක නොමැත. කම්කරුවාගේ දුක දන්නේ කම්කරුවා පමණි. එය අදටත් හෙටටත් සත්ය දෙයකි. අදට නවතින්නම්. ඔබට ජයවේවා.

0 comments:

¿Te animas a decir algo?

ඔයගොල්ලන්ට හිතෙන දේ දාල යන්න ගල් මුල් මඩ මොනව උනත් කමක් නෑ ඒක මට ශක්තියක් සිංහල ටයිප් කරන්න බැරිනම් එසැනින් යුනිකෝඩ් පරිවර්තකය පාවිච්චි කරන්න මෙන්න මෙතනට යන්න http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

 
පුදුමය:amAZinG | Copyright © 2011 Diseñado por: compartidisimo | Con la tecnología de: Blogger