Buscar

Monday, May 23, 2011

RIO

ඔන්න ඉතිං දිග නිවාඩුවකට පස්සෙ ආයෙත් මම ආව. පහුගිය දවස් වල වැඩ ගොඩක් තිබ්බ නිසා මට පෝස්ට් එකක්වත් දාන්න බැරිඋනා. ඒකට කස්ටියගෙන්ම සමාව ඉල්ලනවා.

                 හරි එහෙනම් කතාවට බහිමුකො. අද අරගෙන ආවෙ අළුත් චිත්රපටයක විස්තර ටිකක්. මේ චිත්රපටයෙ නම රියෝ. ඔයගොල්ලන්ට මතකද අයිස් ඒජ් චිත්රපටිය. අන්න ඒකෙ අධ්යක්ෂකය තමා රියෝ චිත්රපටියත් අධ්යක්ෂනය කරල තියෙන්නෙ. මේ චිත්රපටයෙ ප්රධාන චරිතය අති දුර්ලභ වර්ගයක නිල් මැකෝ ගිරවෙක්. එයාගෙ නම බ්ලූ. බ්ලූ පොඩි කාලෙදි සත්තු අල්ලන කට්ටියකට අහුවෙලා ඇමරිකාවෙ දුෂ්කර පලාතකට ගෙනියනව. එහෙදි එයාට ලින්ඩා කියන ගෑණු ළමයා හම්බ වෙනව. එතන ඉඳන් බ්ලූව බලාගන්නෙ ලින්ඩා.
                                  මම මුලින්ම කිව්වනෙ බ්ලූ අති දුර්ලභ වර්ගයක ගිරවෙක් කියල. එයා තමා දැනට එයාගෙ ජාතියෙ ඉන්න එකම පිරිමි ගිරවා. මේ නිසා කුරුල්ලො පිළිබඳ දොස්තර කෙනෙක් හා ලින්ඩා එයාව එයාගෙ වර්ගයේ අය ඉන්න රියෝ ද ජැනයිරෝ(බ්රසීලයේ අගනුවර) වලට ගේනව. එතන ඉඳන් එයාගෙ කතාව තමා චිත්රපටියෙ තියෙන්නෙ. එයාව කුරුළු හොරුන්ට අහුවෙනවා ජ්වෙල් නැමති නිල් මැකෝ ගිරවිය හම්බවෙනව වගේ ගොඩක් සිදුවීම් වෙනවා. මම කියල වැඩක් නෑනෙ දාගෙනම බලන්නකෝ.
                                      මෙතනින් බාගන්න

0 comments:

¿Te animas a decir algo?

ඔයගොල්ලන්ට හිතෙන දේ දාල යන්න ගල් මුල් මඩ මොනව උනත් කමක් නෑ ඒක මට ශක්තියක් සිංහල ටයිප් කරන්න බැරිනම් එසැනින් යුනිකෝඩ් පරිවර්තකය පාවිච්චි කරන්න මෙන්න මෙතනට යන්න http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

 
පුදුමය:amAZinG | Copyright © 2011 Diseñado por: compartidisimo | Con la tecnología de: Blogger