Buscar

Friday, May 6, 2011

මාලිංගට මොකද වුණේ?

ලසිත් මාලිංග යනු ලංකාවේ මෙන්ම ලෝකය පුරා ජනප්රිය වූ ක්රිකට් ක්රීඩකයෙකි. එමෙන්ම මේ වන විට අයි.පී.එල් තරගයේ වැඩිම කඩුළු සංක්යාවක් දවාගත් ක්රීඩකයාද ඔහුය. පසුගිය දිනකදී ඔහු ටෙස්ට් පිට්යෙන් ඉවත්වන බව ප්රකාශ කළේය. ලංකාවේ එංගලන්ත සංචාරය අයි.පී.එල් නිසා අවුල් ජාලයක්ව ඇති බව අපි දනිමු. මෙහි අළුත්ම ප්රකාශය කළේ ලසිත් මාලිංගයි. එම ප්රකාශය වනුයේ තම පාදයේ ආබාධය නිසා මෙම තරඟාවලියට සහභාගී වීමට නොහැකි බවයි. නමුත් අයි.පී.එල් තරඟාවලියේදී මෙම ආබාධය ඇති නොවුණේ කෙසේදැයි මම නොදනිමි. මුදලට රට පාවා දෙන මෙවැන්නන් කණ්ඩායමේ සිටින්නේ ඇයිද යන ප්රශ්නය අපට මතුවෙයි. නමුත් රටට වඩා මුදලට මුල්තැන දෙන කාලයේ මේවා අමුතු දේවල් නොවේ. සමහර විට කණ්ඩායමේ නව නායකයා වන ඩිල්ෂාන් සමග ඔහුගේ තරහක් තිබෙන්නට ඇත. කෙසේ වෙතත් ඔහු එංගලන්ත සංචාරයට සහභාගී වීමට ලැබේවායි ප්රාර්ථනා කරමු. එමෙන්ම ඔහුගේ ආබාධය ඉක්මණින් සුවවේවා! කැමතිනම් කමෙන්ට් එකක් දාගෙනම යන්නකෝ.

0 comments:

¿Te animas a decir algo?

ඔයගොල්ලන්ට හිතෙන දේ දාල යන්න ගල් මුල් මඩ මොනව උනත් කමක් නෑ ඒක මට ශක්තියක් සිංහල ටයිප් කරන්න බැරිනම් එසැනින් යුනිකෝඩ් පරිවර්තකය පාවිච්චි කරන්න මෙන්න මෙතනට යන්න http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

 
පුදුමය:amAZinG | Copyright © 2011 Diseñado por: compartidisimo | Con la tecnología de: Blogger