Buscar

Monday, May 16, 2011

Broken Angel 2

ආ යාළුවො ටික කොහොමද වෙසක් සරුයිද? හෆ්ෆා අද හරිම රස්නෙයි නේද? මම අද ඔයගොල්ලන්ට වෙසක් වෙනුවෙන් ලස්සන සින්දුවක් තෑගි දෙන්න හිතුවා. මම මේක කලින් පෝස්ට් එකකින් දුන්නා. ඒත් ඒකෙ වැඩි විස්තරයක් තිබ්බෙ නැති නිසා ආයි ඒක ටිකක් විස්තර වැඩි කරල දෙන්න හිතුවා.
                        මේක පහුගිය දවස් වල ඉතා ජනප්රිය වෙච්ච හරිම ලස්සන සින්දුවක්. ලංකාවෙත් අයි.ටී.එන් එකේ බොඳ මීදුම් නාට්ටියෙ ඇඩ් එකේ ගියාට පස්සෙ මේ ගීතය ඉතා ජනප්රිය උනා. ඒත් ඉතිං ඇඩ් එකේ තියෙන්නෙ සිංදුවෙ පොඩි කෑල්ලක් විතරයි. ගොඩක් දෙනෙකුට මේක බලන්න ඕන උනාට සමහර අය මේකෙ නම දන්නෙ නෑනෙ.

                                               මමත් මේ සිංදුව ඇහුවෙ ෆෝන් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන. හැබැයි ඉතිං මම ඩවුන්ලෝඩ් කරපු වීඩියෝ එක සවුත්තු වෙලා. ඉතිං මොනව කරන්නද අනේ අපොයි කියල නිකං හිටිය. පස්සෙ මමත් ඩොනෙක් අරගෙන තමා මේ සිංදුව සම්පූර්ණෙන් ඇහුවෙ.
                     මේ සිංදුව කියන්නෙ Arash සමග Helena පහළ තියන වීඩියෝ එකෙන් සිංදුව බලන්න පුළුවන්. ඩවුන්ලෝඩ් ලින්ක් එකත් පහළ ඇති.

මෙතනින් ඩවුන්ලොඩ් කරගන්න. දාගෙන කමෙන්ට් එකකුත් දාන්න.

0 comments:

¿Te animas a decir algo?

ඔයගොල්ලන්ට හිතෙන දේ දාල යන්න ගල් මුල් මඩ මොනව උනත් කමක් නෑ ඒක මට ශක්තියක් සිංහල ටයිප් කරන්න බැරිනම් එසැනින් යුනිකෝඩ් පරිවර්තකය පාවිච්චි කරන්න මෙන්න මෙතනට යන්න http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

 
පුදුමය:amAZinG | Copyright © 2011 Diseñado por: compartidisimo | Con la tecnología de: Blogger