Buscar

Sunday, May 1, 2011

එක්ස්පී වලට system restore උදව්

මම අද කියන්න යන්නෙ ගොඩදෙනෙකුට තියන ප්රශ්නයක් ගැන. සිස්ටම් රීස්ටෝර් කියන්නෙ ෆෝමැට් කිරීම වෙනුවට යොදාගත හැකි හොඳ විකල්පයක්. මේ ප්රශ්නය තියෙන්නෙ ජනෙල් එක්ස්පී භාවිත කරන අයටයි. වයිරස් එකක් ආවම තමා ගොඩදෙනෙකුට සිස්ටම් රීස්ටෝර් මතක් වෙන්නෙ නමුත් ඊට කලින් රීස්ටෝර් එකවුන්ට් හැදීම අවශ්යයි. මේ සඳහා මුලින්ම ස්ටාට් බට්න් එක මත ක්ලික් කරන්න. එහි ප්රෝග්රෑම් වල ඇති ඇක්සසරීස් බට්න් එක මත ක්ලික් කරන්න. ඉන්පසු එහි ඇති සිස්ටම් ටූල් වලට යන්න. මෙහි තිබෙන සිස්ටම් රීස්ටෝර් එකට ගොස් එහිදී ලැබෙන ඩයලොග් බොක්ස් එකෙන් දෙවන විකල්පය තෝරාගන්න. මින්පසු දිනය යොදා එකවුන්ට් එක හදාගන්න. නමුත් මෙදින මෙම පරිගණකය වයිරස් වලින් තොරව තිබීම වැදගත් වෙනවා. දැන් නැවත රීස්ටෝර් කරන විට මෙම එකවුන්ට් එක තෝරගන්න. නමුත් සමහර වයිරස් මෙම රීස්ටෝර් කිරීමෙන් ඉවත් වෙන්නෙ නෑ. එවිටනම් ඔබට පරිගණකය ෆෝමැට් කරන්න වෙනවා. තවත් මෙවැනිම කතාවකින් හමුවෙමු. එතෙක් ඔබට ජය වේවා.

0 comments:

¿Te animas a decir algo?

ඔයගොල්ලන්ට හිතෙන දේ දාල යන්න ගල් මුල් මඩ මොනව උනත් කමක් නෑ ඒක මට ශක්තියක් සිංහල ටයිප් කරන්න බැරිනම් එසැනින් යුනිකෝඩ් පරිවර්තකය පාවිච්චි කරන්න මෙන්න මෙතනට යන්න http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

 
පුදුමය:amAZinG | Copyright © 2011 Diseñado por: compartidisimo | Con la tecnología de: Blogger