Buscar

Friday, July 1, 2011

RIFT පරිගණක ක්‍රිඩාව

ඔන්න අදත් උණු උණු ගේම් එකක් ගැන මේව්ව ටිකක් ගෙනාව. මෙව්ව කිව්වෙ විස්තර ටිකක් කස්ටිය අහන්න කැමතිනම් කියන්නං. ඔන්න එහෙනම් කියනවා.
                 මේ ගේම් එකේ නම තමා රිෆ්ට්. මේ ළඟදී නිකුත් වෙච්ච ගේමක් මේක. මේකෙ තියෙන්නෙ පොඩි තුන්කොන් වලියක්. ඒ කිව්වෙ පෘථිවියෙන් පිට ඇති ටෙලරා නම් ග්‍රහලෝකයක බලය අල්ලා ගැනීමට වෙහෙසෙන ජීවී කණ්ඩායම් තුනක සටනක් තමා මේ ගේම් එකට පාදක වෙලා තියෙන්නෙ. මේක ගැන ජූනි මාසෙ පරිගණක මැගසින් එකෙත් තිබ්බ. මම මේක උස්සගත්තෙත් ඒකෙං.

රිෆ්ට් ක්‍රීඩාවේ දර්ශනයක්
                    ටෙලරා ග්‍රහලෝකය වටේ තියන ටෙලරා ග්‍රහලෝකයට වඩා වෙනස් ග්‍රහලෝක වලින් ටෙලරාවට තර්ජන එල්ල වෙනව. මේ අස්සෙ ටෙලරා ග්‍රහලොවේ ජීවීන් දෙපිලකට බෙදී ටෙලරාවෙ බලය අල්ල ගන්න උත්සාහ කරනවා. මේ අතරතුර එක් දිනක් පොළව පලාගෙන අමුතුම ජීවීන් විශේෂයක් ටෙලරාවට එනව. මොවුන් උත්සාහ කරන්නෙත් ටෙලරාවෙ බලය සියතට ගන්න. අවසානයේ ටෙලරාවෙ සටන් වැදුණු කණ්ඩායම් දෙකම මේ අළුත් ජීවීන්ට එරෙහිව සටන් කරනවා. ඒ අතරතුරදි පෙර විදිහටම මේ දෙපිලෙත් සටන් ඇතිවෙනව. පරිගණක ක්‍රීඩකයා ක්‍රීඩා කරන්න ඕනෙ මේ එක් පාර්ශවයක(ටෙලරාවෙ මුලින් සටන් වැදුණු පාර්ශව දෙකෙන් එකක) නායකයා විදිහට. ටෙලරාවෙ දැනට බලය පතුරවාගෙන සිටින ගාඩියන්ට් හෝ නායකත්වය සඳහා සටන් වදින ඩෙෆියන්ට් කණ්ඩායම් දෙකෙන් එකක් තෝරගැනීමේ අවස්ථාව ක්‍රීඩකයාට ලබාදී තිබෙනවා.
                ඔන්න ගේම ගැන කිව්ව. කැමතිනම් ඩවුන්ලෝඩ් කරගන්න. හැබැයි මමනම් මේක ප්ලේ කරල නෑ. ඒක නිසා මේ ගේම් එකේ තත්වය ගැන මට සහතික කරන්න බෑ. බාගෙනම බලන්නකෝ.

මෙන්න මෙතනින් බාගන්න
කමෙන්ට් එකක් එහෙම දාන්න හොඳේ.

0 comments:

¿Te animas a decir algo?

ඔයගොල්ලන්ට හිතෙන දේ දාල යන්න ගල් මුල් මඩ මොනව උනත් කමක් නෑ ඒක මට ශක්තියක් සිංහල ටයිප් කරන්න බැරිනම් එසැනින් යුනිකෝඩ් පරිවර්තකය පාවිච්චි කරන්න මෙන්න මෙතනට යන්න http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

 
පුදුමය:amAZinG | Copyright © 2011 Diseñado por: compartidisimo | Con la tecnología de: Blogger