Buscar

Sunday, July 3, 2011

මෙන්න බාගන්න REAL PLAYER

ඔන්න අදත් ආවා පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක් ගැන අරගෙන. අද කාලෙ ජංජාලෙ පාවිච්චි කරන හැමෝටම තියන ප්‍රශ්නයකට විසඳුමක් තමා මේක. youtube වගේ වීඩියෝ ඩවුන්ලෝඩ් කිරීමේ පහසුකම දීල නැති සයිට් එකක වීඩියෝ මේ රියල් ප්ලේයර් මගින් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්.
                     ඔන්න එහෙනම් වැඩේ පටන් ගමු. youtube වගේ සයිට් එකක වීඩියෝ ගන්න මමත් ගොඩක් මහන්සි උනා. එහෙම ක්‍රමයක් හොයාගන්න මට බැරිඋනා. දවසක් මම ආසම සින්දුවක් youtube එකෙන් බැලුවට පස්සෙ මට ඒක ඩවුන්ලොඩ් කරගන්න උවමනා උනා. ඉතින් ඊටපස්සෙ මගෙ ප්‍රශ්නෙ online හෙල්ප් ගෘප් එකේ දැම්මා. එතනදි ලින්ක් 10 විතර එන්නැති. ඊටපස්සෙ මම මේක ඩවුන්ලොඩ් කරන සයිට් එකටත් ආවා. මේ ඩවුන්ලෝඩ් කරගන්න පැය බාගයක් විතර ගියා. ඒත් ඩවුන්ලෝඩ් කළාට පස්සෙයි තේරුණේ මේකෙන් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න කොච්චර ලේසිද කියල. මට හිතුන මේක ඔයගොල්ලන්ටත් දෙන්න ඕනෙ කියල. ඔයගොල්ලො ගාව මේක නැත්නම් ගන්න.
                     මේකෙන් youtube හරි වෙන ඕනෙම සයිට් එකක හරි වීඩියෝ එකක් ලඟට ගියාම උඩින් ඩවුන්ලෝඩ් කරන්න ඕනෙද කියල වැටෙනව. ඕකේ කළොත් ඔයගොල්ලන්ගෙ ඉන්ටර්නෙට් ස්පීඩ් එක අනුව ඩවුන්ලෝඩ් වෙන්න පටන් ගන්නව. හැබැයි වීඩියෝ එක ෆුල් ස්ක්‍රීන් කරන්න එපා. එතකොට අර ඩවුන්ලෝඩ් කරන්න ඕනෙද කියල අහන බොක්ස් එක වැටෙන්නෙ නෑ. තව එක කොස්සක් තියනව මේකෙන් ගන්න youtube වීඩියෝස් සේරම avi ෆෝමැට් එකේ ඒවා. ඒ නිසා ඒ වීඩියෝ බලන්න පුළුවන් රියල් ප්ලේයර් එකෙන් විතරයි. වීඩියෝ කන්වර්ට් කරන්න සොෆ්ට්වෙයාර් එකක් මම ඊලඟ පෝස්ට් එකෙන් දෙන්නම්. එහෙනම් පහළින් බාගන්නකෝ.


බාගෙන කමෙන්ට් එකක් එහෙම දාල යන්න හොඳේ

0 comments:

¿Te animas a decir algo?

ඔයගොල්ලන්ට හිතෙන දේ දාල යන්න ගල් මුල් මඩ මොනව උනත් කමක් නෑ ඒක මට ශක්තියක් සිංහල ටයිප් කරන්න බැරිනම් එසැනින් යුනිකෝඩ් පරිවර්තකය පාවිච්චි කරන්න මෙන්න මෙතනට යන්න http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

 
පුදුමය:amAZinG | Copyright © 2011 Diseñado por: compartidisimo | Con la tecnología de: Blogger