ඔන්න දවස් දෙකකට විතර පසසෙ ආයි ආවා. අදත් මේ පෝස්ට් එක දාන්නෙ වැදගත් දෙයක් හොයාගන්න බැරිවෙච්ච හින්දා. ඔන්න එහෙනම් කන් දෙක බිමදාල අහගන්නව හොඳා.
ඉරාජ් ගැන අපි හැමෝම දන්නවනෙ. දැං මොන්ටිසෝරි යන එකෙක්ගෙං ඇහුවත් ඉරාජ් ගැන ඌ දන්නෙත් නැති ඒව අහගත්තහැකි. ඉරාජ් කියන්නෙ ඉතිං අළුත් පරම්පරාවෙද මොකේද ගායකයෙක් නේ. අර රැප් ද හිපොප් ද මොන මගුලක්ද කියන්නෙ. අනේ මමනම් දන්නෙ නෑ ඕව. මට කියන්න තියෙන්න ලංකාවෙ අළුත් පරම්පරාවෙ එවුං සිංහල සංගීතෙත් කාල බටහිර සංගීතෙත් කන්නනෙ හදන්නනෙ. නොදකිං කුප්පයො(කුප්ප වචනයේ අයිතිය රත්ගමයා මහතා සතුවන අතර නොදකිං යනුවෙන් කිසිදු රජෙකුට අපහාස කිරීමට උත්සාහ කර නැති බව කරුණාවෙන් සළකන්න)ඔං ඉතිං නියම විදිහට පොස්ට් එකට බහිමුකො. මම කලින් කිව්වනෙ ඉරාජ් බොහෝ වෙලාවට ලංකා රජයෙ දුර්වල තැන් අපහාසයට ලක්කරන කෙනෙක් කියල. හුටා මම එහෙම කිව්වෙ නෑ නේද? හරි කමක්නෑ දැං කිව්වනෙ. ඔන්න එයාගෙ අළුත්ම සිංදුවෙන් අපහාස කරන්නෙ ලංකාවෙ පොලිසිය ගැන. ඒකත් ඉතිං නරකම නෑ. ඉතිං කොහොමත් ලංකාවෙ අපිට වැදගත් පොලිසියක් ඉන්නවනෙ. ඔන්න ඉතිං මුගෙ සිංදුවලින් ඊළඟට තහනම් වෙන්නෙ මේක. ඊට කලිං අහල හිටියනං. YOUTUBE එකෙන්ම බැලුවනං.
කමෙන්ට් එකකුත් දාල යන්න හොඳේ.

2 comments:
ela ela
@Annonymous-තැන්කියු වේවා
¿Te animas a decir algo?
ඔයගොල්ලන්ට හිතෙන දේ දාල යන්න ගල් මුල් මඩ මොනව උනත් කමක් නෑ ඒක මට ශක්තියක් සිංහල ටයිප් කරන්න බැරිනම් එසැනින් යුනිකෝඩ් පරිවර්තකය පාවිච්චි කරන්න මෙන්න මෙතනට යන්න http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html