Buscar

Showing posts with label විවේචන. Show all posts
Showing posts with label විවේචන. Show all posts

Thursday, June 30, 2011

ලංකා ක්‍රීඩාවේ අනාගතය 2

ඔන්න අදත් ආවා. ඔයාලට මතක ඇතිනෙ මේකෙ පළවෙනි කොටස. බැලුවෙ නැත්නම් ඒකත් බලලාම එන්න. මෙතනින් යන්න. මම ඒක ඉවරයක් කරාට ඒක ඉවරඋනහම තවත් ක්‍රීඩා සම්බන්ධ ගොඩක් එව්ව මතක් උනා. අපොයි! මේකට පස්සෙත් මට තව මතක් වෙයිද දන්නෑ.

සනත් ජයසූරිය
                  ඔන්න එහෙනම් පෝස්ට් එක පටන් ගමුකෝ. ඉස්සෙල්ලම මොකෙන්ද පටන් ගන්නෙ. වර්ලඩ් කප් එක ගැනත් තියනවා. ඒත් ඒක වැඩක් නෑ. ගියදේ ගියාවෙ මම මොකටද ඕව ආයි කියන්නෙ.
දිනේෂ් චන්දිමාල්
                  ඔන්න ලංකාවේ එංගලන්ත සංචාරයෙන් පටන් ගමු. ලංකාව කන කෑම දැක්කම ක්‍රිකට් එපාවෙනව. මේකටත් හේතුවක් තියනවා. හේතුඵල දහමට අනුව ඕනෑම දේකට හේතුවක් තියනවනෙ. මේකටනම් හේතුව ආසියාවේ ආශ්චර්යමත් තේරීම් කමිටුව. මේ එංගලන්තෙට පොරි හැලෙන්න ගහන්න යවපු ටීම් එකනම් අර රත්ගමයා කියනව වගේ කුප්පයි ජුගුප්සාජනකයි කුජීතයි. වචන ටික ගැළපෙනවද දන්නෙ නෑ හැබැයි උන්ට බනින්න මේ වචන ටිකත් මදි. මුන්ට කන්න බොන්න දීල තියං ඉන්නවට වඩා හොඳයි ගොන්නු ටිකක් අරං තණකොළ කන්න පුරුදු කරානම්. හරි ඉතිං ඒකෙත් තව මැච් තියනව කියලවත් හිතමුකෝ.
                       දිනේෂ් චන්දිමාල් මැච් දෙකකදී අසාර්ථක උනා කියල ටීම් එකෙන් කපලා දැම්මා. චමින්ද වාස් වගේ දක්ෂ අත්දැකීම් බහුල ක්‍රීඩකයෝ පෞද්ගලික ප්‍රශ්න නිසා කණ්ඩායමෙන් අයින් කළා. කපුගෙදර නැමති ජීවිතේට ලකුණු පනහක් ගහන්නැති එකාව කණ්ඩායමේ තියාගත්ත. ඔය වගේ දේවල් නිසා තමා මේ කණ්ඩායමේ අනාගතය වැනසෙන්නෙ. සංගක්කාරල මහේලල කණ්ඩායමෙන් අයින් උනාම මේ ටීම් එකට වෙනදේ එංගලන්තෙදි හොඳට ප්‍රදර්ශනය කළා. මමනම් කියන්නෙ ක්‍රිකට් ගැන ඉන්න ඔය සියළුම මණ්ඩල වල අය නවක ක්‍රීඩකයන් බඳවාගන්න මීට වඩා උනන්දු වෙන්න ඕනෙ. නැත්නම් ලංකාවෙ ක්‍රිකටුත් ලංකාවෙ ෆුට්බෝල් වගේ එකම තැනක පල්වෙන ක්‍රීඩාවක් බවට පත්වෙන එක අනිවාර්යයි.
                             ඊළඟ මාතෘකාව සනත් ජයසූරිය. ක්‍රිකටුයි දේශපාලනයයි පටලගෙන අවසානයේ ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන් ක්‍රීඩකයා ඔහුයි. ලංකාවෙ මුරලිදරන් කණ්ඩායමෙන් ඉවත් උනු දවස ඔබට මතක ඇති කියල හිතනවා. ඔහුට ලැබිච්ච ගරුබුහුමන් ආදියත් ඔබට මතක ඇති.ඒ දේවල් එකක්වත් ජයසූරියට ලැබුණෙ නෑ. තමන්ට බැරිබව තේරුම් ගැනීමට මුරලිට හැකිඋනා. ඒත් සනත්ට ඒ අවස්ථාව ලැබුණෙ නෑ. ඔහු හැමෝටම විහිළුවක් වෙනකම් ටීම් එකේ හිටියා. ඔහුට ලැබිය යුතු ගරුබුහුමන් ඔහුට නොලැබුණේ ඒකයි. මේක හැමෝම දන්න හින්ද ආයි ටයිප් කරන්න අවශ්‍ය නෑනේ. ඉතින් මේ පෝස්ට් එකත් ඉවරයි. ඔබ සැමට ජයවේවා!


මේ ගැන කමෙන්ට් එකක් එහෙම දාන්න හොඳේ.

සැ.යු.-ක්‍රීඩාවෙ අනාගතය කියන්න තව ගොඩක් දේවල් තියනව ඉඩ ලැබෙන විදිහට මම ඒවත් පල කරන්නම්.

Wednesday, June 29, 2011

ලංකා ක්‍රීඩාවේ අනාගතය

ඔන්න අදත් ආව පොඩි විවේචනයක් කරන්න. ලංකාවෙ ක්‍රීඩාවලට වෙලා තියන දේනම් කුජීතයි.  කුජීතයි කිව්වෙ ඉතින් කුප්පම කුප්පයි. ලංකාවට මෙහෙම උනේ ඇයි. මේ පෝස්ට් එකෙන් බලන්න.
                                ලංකාවට පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙන් ලංකාවට රන් පදක්කමක් ලැබුණෙ අපේ රටට ආදරය කරන හැමෝම සතුටු කරමින්. ඒත් අපිට එම පදක්කම අහිමි උනා. හේතුව උනේ තහනම් උත්තේජක ලබාගැනීම. මංජු වන්නිආරච්චි රන් පදක්කම දිනුව කියල සතුටු වෙච්ච මිනිස්සු එයාට බනින්න ගත්ත. ඒත් මමනම් කියන්නෙ ඒකත් අපිට ලැබුණු ලොකු ජයග්‍රහණයක්. මොකද ඒක හින්ද අපි දින තුනහතරකටවත් සුද්දන්ගෙ අවධානයට යොමුවීම. ඉන්දියන් සාගරයේ චූටි තුන්වෙනි ලෝකයේ දුප්පත් රටක් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙලේ ඉන්නව කියලවත් සුද්දො දැනගත්තෙ ඒ හින්ද නෙමේද?
                             රන්පදක්කම අහිමි උනා තමයි. ඒක අපෙත් එයාගෙත් ලොකු කරුමයක් වෙන්නැති. ඒක ගැන අමතක කරමුකෝ. ලෝක කුසලානය පැරදීම ගැනනම් කිසිම සමාවක් දෙන්න බෑ. ඒකට හේතුව ලකුණු 275 වගේ ගහපු එක නෙමෙයි කියල හිතමුකෝ. ඉන්දියාවෙ අංක එකේ පිතිකරුවෙක් වෙන විරේන්ද්‍ර ශෙවාග් ලකුණු බින්දුවට පැවිලියන් එකට යවපු එකත් නෙමේ. ඒකට හේතුව සෙමි ෆයිනල් ගහපු ටීම් එකෙන් බාගෙට බාගයක්ම බංකුවේ ඉඳීමයි. සාමාන්‍යයෙන් ලෝක කුසලාන තරඟයක සෙමි ෆයිනල් එක දිනපු ටීම් එකම ෆයිනල් එකටත් දැමීම සාමාන්‍ය සිරිතයි. ඒත් ලංකාවෙ ආසියාවේ ආශ්චර්ය නිසා මේ තරඟයත් ආශ්චර්යෙන් දිනවන්න තේරීම් කමිටුවෙ මාමල හිතන්න ඇති.
                ඒකත් ඉවරයි කියමුකෝ. උපුල් තරංගටත් තරඟ තහනමක් හේතුව තහනම් උත්තේජක. ලංකාවෙ ක්‍රිකට් ලෝලීන් පහුගිය දවස්වල කියපු කතාව තමා ඒක. මමනම් ඔය තහනම් උත්තේජක ගැන වැඩිය දන්නෙ නෑ. ඒත් මත්පැනුත් තහනම් උත්තේජක බව නම් මම යන්තමට පොතකින් දැකල තියනව. මැච් එකට කලින් දවසෙ පාටියක් එහෙම දාල පොඩියට අඩියක්වත් දාන්න ඇති. මට හිතාගන්න බැරි තහනම් උත්තේජක ගන්නෙ ලංකාවෙ උන් විතරද කියල. ලංකාවට ඉංග්‍රීසීන් මත්පැන් හඳුන්වල දෙද්දිවත් හිතන්න නැතුව ඇති බඩුවල පවර් එක අවුරුදු 500 විතර වැඩ කරයි කියල.
                       මම මාතෘකාවෙ දාල තිබ්බෙ ලංකා ක්‍රීඩාවේ අනාගතය කියලනෙ. මම දැන් ඔය කියපුවගෙන් ඒ ටික ඔයගොල්ලොම හිතාගන්න.
මේ ගැන කමෙන්ට් එකක් දාලම යන්න.

Friday, June 24, 2011

ඡන්දය වදයක්ද?

ඕං ඉතිං ආව මගෙ බ්ලොග් කෑල්ලෙ මොකක් හරි කුරුටු ගාල යන්න. අද ආවේ කාලීන පුරස්නයක් ගැන කතා කරන්න.(කාලීන යන වචනය පඬියෙකුගෙන් උස්සන ලදී) ඔන්න ඉතිං ඒක ගැන පොඩි කතාවක් කරමුකෝ.
සභාවේන් අවසරයි, මා මෙතනට පැමිණියේ විවේචනයක් කිරීමටයි.
රතු,කොළ,නිල් ආදී පාට අප වැනි පාසල් සිසුන්ට අමුතු දේවල් නොවේ. නමුත් අපේ අම්මලා තාත්තලාට ඔය පාට ගැන කිසිම අවුලක් නැත. නමුත් ඡන්දය නැමති මනාප කෙළිය සිදුවන කාලවලදී අපේ උතුම් මවුපියන්ට මල පනී. මෙයට හේතුව ගෙදර තාප්පයේ වර්ණය වෙනස් වීමයි. විවිධ වර්ගවලින් යුත් පාං කියාගන්න බැරි තරම් මහත බුවාලා කවදාවත් ඇන්දෙ නැති සරම ඇඳගෙන දත් තිස්දෙකම පෙන්නගෙන සිටින අයුරු මේ කාලයට තාප්ප වල දැකිය හැක. උන් උදෑසනම දැකීමෙන් දිනයම කැඳ වලින් සරුසාරය. ඡන්දය ඉවරවූ විට පැමිණෙන පෝස්ටර් මරුවා මෙම බුවාලාගේ ඡායාරූප වලින් යුත් අලංකාර පෝස්ටර් ඉවර කර දමයි. නැවත මාස දෙකකින් එම ආනිසංසයමය. නැවත එම බුවාලා තාප්ප අරක් ගනී. නමුත් මෙම බුවාලා අඩුම ගනනේ දැකිය හැක්කේ ඡන්ද කාලයට තාප්ප වලින් පමණි. ඉන්පසු උන් තාප්පවල තියා ලොවෙත් නැත.
                ඡන්දය පැවැත්වීමට පෙර දවස්වලදී පෝස්ටර් ඇලවීම තහනම් නැත. නමුත් පෝස්ටර් ඇලවිය යුතුම දවස වන ඡන්දය දවසේදී මෙම පෝස්ටර් පොලිස් මාමලා ඉවත් කරනු ලබයි. දැන් දැන් දුර පළාත්වල බුවාලා මෙයට නියම විසඳුමක් සොයාගෙන ඇත. එයනම් පොලිස් මාමලාට ලේසියෙන් ළඟාවිය නොහැකි තැන්වල කටවුට් දැමීමයි. මේවා දමන්නේ ගස්උඩ,වැව්වල ගෑඹුරු හරියේ ආදී තැන්වලය. එවිට පොලිස් මාමලා ඒවා ගැළවීමට එතරම් කට්ටක් කන්න කැමති නැත. එවිට ඒ අය එම කටවුට් එක දැක්කත් නොදැක්කා වගේ යයි.
              මෙම කාලයට ඡන්ද දායකයන් වන අපට ලැබෙන ආශ්වාදයද නොමදය. එක එක පාට කට්ටියගේ රෙස්ලින් මැච් නොමිලේම බලන්න ලැබීම මින් එකකි. තවද අපේ අතිගරු ආණ්ඩුව ඡන්ද දායකයා වෙනුවෙන් බඩු මිලද ආලෝකයේ වේගයෙන් බස්සයි. එමෙන්ම මිනිසුන්ට ඡන්දය බැලීමට නොනිදා බැලීමට හැකි චිත්‍රපටද විවිධ වාහිනි වලින් ලබාදේ. මෙවන්වූ හේතු නිසා මම පවසන්නේ ඡන්දය ඉතා හොඳය. එබැවින් වෙසක් වලට පෙළගැසුණා සේම 2011.07.23 පැවැත්වෙන කොළඹ පලාතේ පුංචි ඡන්දයට පෙළ ගැසෙමු.
මගේ කතාව මින් අවසානයි, අසා සිටි ඔබ සැමට ස්තූතියි.

සභාවේ සියළු දෙනා විසිර යාමට පෙර කමෙන්ටුවක් කොටා යනමෙන් ඉල්ලා සිටිමු.


සැ.යු.- මම කොළ පාටටවත් නිල් පාටටවත් අදින්නෙ නෑ ඕං මම කිව්වෙ මට හිතුණ දේ අනික මට තාම ඡන්දෙත් නෑ
ලියන බාසාවෙන් ලිව්වෙ පොඩ්ඩක් අඩුපාඩු ඇති එහෙම තියනවනම් මට කියල යන්න හොඳේ

Wednesday, June 22, 2011

ඉරාජ්ගෙ පොලිසිය

ඔන්න දවස් දෙකකට විතර පසසෙ ආයි ආවා. අදත් මේ පෝස්ට් එක දාන්නෙ වැදගත් දෙයක් හොයාගන්න බැරිවෙච්ච හින්දා. ඔන්න එහෙනම් කන් දෙක බිමදාල අහගන්නව හොඳා.


                           ඉරාජ් ගැන අපි හැමෝම දන්නවනෙ. දැං මොන්ටිසෝරි යන එකෙක්ගෙං ඇහුවත් ඉරාජ් ගැන ඌ දන්නෙත් නැති ඒව අහගත්තහැකි. ඉරාජ් කියන්නෙ ඉතිං අළුත් පරම්පරාවෙද මොකේද ගායකයෙක් නේ. අර රැප් ද හිපොප් ද මොන මගුලක්ද කියන්නෙ. අනේ මමනම් දන්නෙ නෑ ඕව. මට කියන්න තියෙන්න ලංකාවෙ අළුත් පරම්පරාවෙ එවුං සිංහල සංගීතෙත් කාල බටහිර සංගීතෙත් කන්නනෙ හදන්නනෙ. නොදකිං කුප්පයො(කුප්ප වචනයේ අයිතිය රත්ගමයා මහතා සතුවන අතර නොදකිං යනුවෙන් කිසිදු රජෙකුට අපහාස කිරීමට උත්සාහ කර නැති බව කරුණාවෙන් සළකන්න)
                            ඔං ඉතිං නියම විදිහට පොස්ට් එකට බහිමුකො. මම කලින් කිව්වනෙ ඉරාජ් බොහෝ වෙලාවට ලංකා රජයෙ දුර්වල තැන් අපහාසයට ලක්කරන කෙනෙක් කියල. හුටා මම එහෙම කිව්වෙ නෑ නේද? හරි කමක්නෑ දැං කිව්වනෙ. ඔන්න එයාගෙ අළුත්ම සිංදුවෙන් අපහාස කරන්නෙ ලංකාවෙ පොලිසිය ගැන. ඒකත් ඉතිං නරකම නෑ. ඉතිං කොහොමත් ලංකාවෙ අපිට වැදගත් පොලිසියක් ඉන්නවනෙ. ඔන්න ඉතිං මුගෙ සිංදුවලින් ඊළඟට තහනම් වෙන්නෙ මේක. ඊට කලිං අහල හිටියනං. YOUTUBE එකෙන්ම බැලුවනං.
කමෙන්ට් එකකුත් දාල යන්න හොඳේ.

Monday, June 13, 2011

විභාගය නොහොත් අභාගය

ඔන්න අදත් ආවා. අදනම් දාන්නෙ හැමෝටම වැදගත් වෙයි කියල හිතන පොස්ට් එකක්. විභාගය විභාගය විභාගය අපේ මොළවලට වධදෙන දෙයක් (කරුමයක්) විදිහටයි අපි සළකන්නෙ. ඒකට හේතුව මොකක්ද කියන්න ගොඩක් දෙනෙක් හරියටම දන්නෙ නෑ. ඒ උනාට අපි අතරින් ගොඩදෙනෙක් විභාගයට කැමති නෑ. පන්තියක පළවෙනියා උනත් හිතන්නෙ විභාගය කියල දෙයක් තිබ්බෙ නැත්නම් හොඳයි කියල.
                                  ලංකාවෙ හුඟක් උගත් පණ්ඩිතවරු උනත් කියන්නෙ විභාග මුල්කරගත් අධ්යාපන ක්රමය අපේ රටට එච්චර ගැළපෙන්නෙ නෑ කියල. අපේ රට තුන්වෙනි ලෝකයේ දුප්පත් රටක් හැටියට විභාග වලට ගෙවන සල්ලි ඉතුරු කරගෙන කොච්චර නම් දේවල් කරන්න පුළුවන්ද. 
                       මම මේ කියන්න යන්නෙ මම දැක්ක දෙයක් ගැන. මූණුපොතේ ගොඩදෙනෙක් මේ වෙනකොට පාඩම් වැඩ නිසා බුකියට එන එක නවත්තල. A/L නිසා කියල තමා කියන්නෙ. බුකියට එන්නෙ නැති එකනම් නරක නෑ. ඒ උනාට රෑ තිස්සෙ වතුර බේසම් වලට කකුල් දාගෙන පාඩම් කරනකොට කොහොමද. කස්ටිය හිතයිද දන්නෑ මමත් අත්දැකීම් ඇතුව කියනවා කියල. අනේ තාම නං මට එහෙම මෙව්ව එකක් උනේ නෑ. ඒ උනාට මමත් කවදහරි ඔව්ව මෙව්ව කරන්න එපෑ. ආපෝ මතක් වෙනකොටත් බය හිතෙනවා.
                              ඉතිං මම කියන්නෙ අපි ආඩම්බරකාර තාත්තට කියමු වහාම ක්රියාත්ම වෙන පරිදි විභාග නවත්තන්න කියල. මේ ගැන ඔයාට හිතෙන හැටි කමෙන්ට් කරන්න.

 
පුදුමය:amAZinG | Copyright © 2011 Diseñado por: compartidisimo | Con la tecnología de: Blogger