ඔන්න ඉතිං දිග නිවාඩුවකට පස්සෙ ආයෙත් මම ආව. පහුගිය දවස් වල වැඩ ගොඩක් තිබ්බ නිසා මට පෝස්ට් එකක්වත් දාන්න බැරිඋනා. ඒකට කස්ටියගෙන්ම සමාව ඉල්ලනවා.
හරි එහෙනම් කතාවට බහිමුකො. අද අරගෙන ආවෙ අළුත් චිත්රපටයක විස්තර ටිකක්. මේ චිත්රපටයෙ නම රියෝ. ඔයගොල්ලන්ට මතකද අයිස් ඒජ් චිත්රපටිය. අන්න ඒකෙ අධ්යක්ෂකය තමා රියෝ චිත්රපටියත් අධ්යක්ෂනය කරල තියෙන්නෙ. මේ චිත්රපටයෙ ප්රධාන චරිතය අති දුර්ලභ වර්ගයක නිල් මැකෝ ගිරවෙක්. එයාගෙ නම බ්ලූ. බ්ලූ පොඩි කාලෙදි සත්තු අල්ලන කට්ටියකට අහුවෙලා ඇමරිකාවෙ දුෂ්කර පලාතකට ගෙනියනව. එහෙදි එයාට ලින්ඩා කියන ගෑණු ළමයා හම්බ වෙනව. එතන ඉඳන් බ්ලූව බලාගන්නෙ ලින්ඩා.මෙතනින් බාගන්න

















