Buscar

Showing posts with label ක්‍රීඩා. Show all posts
Showing posts with label ක්‍රීඩා. Show all posts

Thursday, June 30, 2011

ලංකා ක්‍රීඩාවේ අනාගතය 2

ඔන්න අදත් ආවා. ඔයාලට මතක ඇතිනෙ මේකෙ පළවෙනි කොටස. බැලුවෙ නැත්නම් ඒකත් බලලාම එන්න. මෙතනින් යන්න. මම ඒක ඉවරයක් කරාට ඒක ඉවරඋනහම තවත් ක්‍රීඩා සම්බන්ධ ගොඩක් එව්ව මතක් උනා. අපොයි! මේකට පස්සෙත් මට තව මතක් වෙයිද දන්නෑ.

සනත් ජයසූරිය
                  ඔන්න එහෙනම් පෝස්ට් එක පටන් ගමුකෝ. ඉස්සෙල්ලම මොකෙන්ද පටන් ගන්නෙ. වර්ලඩ් කප් එක ගැනත් තියනවා. ඒත් ඒක වැඩක් නෑ. ගියදේ ගියාවෙ මම මොකටද ඕව ආයි කියන්නෙ.
දිනේෂ් චන්දිමාල්
                  ඔන්න ලංකාවේ එංගලන්ත සංචාරයෙන් පටන් ගමු. ලංකාව කන කෑම දැක්කම ක්‍රිකට් එපාවෙනව. මේකටත් හේතුවක් තියනවා. හේතුඵල දහමට අනුව ඕනෑම දේකට හේතුවක් තියනවනෙ. මේකටනම් හේතුව ආසියාවේ ආශ්චර්යමත් තේරීම් කමිටුව. මේ එංගලන්තෙට පොරි හැලෙන්න ගහන්න යවපු ටීම් එකනම් අර රත්ගමයා කියනව වගේ කුප්පයි ජුගුප්සාජනකයි කුජීතයි. වචන ටික ගැළපෙනවද දන්නෙ නෑ හැබැයි උන්ට බනින්න මේ වචන ටිකත් මදි. මුන්ට කන්න බොන්න දීල තියං ඉන්නවට වඩා හොඳයි ගොන්නු ටිකක් අරං තණකොළ කන්න පුරුදු කරානම්. හරි ඉතිං ඒකෙත් තව මැච් තියනව කියලවත් හිතමුකෝ.
                       දිනේෂ් චන්දිමාල් මැච් දෙකකදී අසාර්ථක උනා කියල ටීම් එකෙන් කපලා දැම්මා. චමින්ද වාස් වගේ දක්ෂ අත්දැකීම් බහුල ක්‍රීඩකයෝ පෞද්ගලික ප්‍රශ්න නිසා කණ්ඩායමෙන් අයින් කළා. කපුගෙදර නැමති ජීවිතේට ලකුණු පනහක් ගහන්නැති එකාව කණ්ඩායමේ තියාගත්ත. ඔය වගේ දේවල් නිසා තමා මේ කණ්ඩායමේ අනාගතය වැනසෙන්නෙ. සංගක්කාරල මහේලල කණ්ඩායමෙන් අයින් උනාම මේ ටීම් එකට වෙනදේ එංගලන්තෙදි හොඳට ප්‍රදර්ශනය කළා. මමනම් කියන්නෙ ක්‍රිකට් ගැන ඉන්න ඔය සියළුම මණ්ඩල වල අය නවක ක්‍රීඩකයන් බඳවාගන්න මීට වඩා උනන්දු වෙන්න ඕනෙ. නැත්නම් ලංකාවෙ ක්‍රිකටුත් ලංකාවෙ ෆුට්බෝල් වගේ එකම තැනක පල්වෙන ක්‍රීඩාවක් බවට පත්වෙන එක අනිවාර්යයි.
                             ඊළඟ මාතෘකාව සනත් ජයසූරිය. ක්‍රිකටුයි දේශපාලනයයි පටලගෙන අවසානයේ ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන් ක්‍රීඩකයා ඔහුයි. ලංකාවෙ මුරලිදරන් කණ්ඩායමෙන් ඉවත් උනු දවස ඔබට මතක ඇති කියල හිතනවා. ඔහුට ලැබිච්ච ගරුබුහුමන් ආදියත් ඔබට මතක ඇති.ඒ දේවල් එකක්වත් ජයසූරියට ලැබුණෙ නෑ. තමන්ට බැරිබව තේරුම් ගැනීමට මුරලිට හැකිඋනා. ඒත් සනත්ට ඒ අවස්ථාව ලැබුණෙ නෑ. ඔහු හැමෝටම විහිළුවක් වෙනකම් ටීම් එකේ හිටියා. ඔහුට ලැබිය යුතු ගරුබුහුමන් ඔහුට නොලැබුණේ ඒකයි. මේක හැමෝම දන්න හින්ද ආයි ටයිප් කරන්න අවශ්‍ය නෑනේ. ඉතින් මේ පෝස්ට් එකත් ඉවරයි. ඔබ සැමට ජයවේවා!


මේ ගැන කමෙන්ට් එකක් එහෙම දාන්න හොඳේ.

සැ.යු.-ක්‍රීඩාවෙ අනාගතය කියන්න තව ගොඩක් දේවල් තියනව ඉඩ ලැබෙන විදිහට මම ඒවත් පල කරන්නම්.

Wednesday, June 29, 2011

ලංකා ක්‍රීඩාවේ අනාගතය

ඔන්න අදත් ආව පොඩි විවේචනයක් කරන්න. ලංකාවෙ ක්‍රීඩාවලට වෙලා තියන දේනම් කුජීතයි.  කුජීතයි කිව්වෙ ඉතින් කුප්පම කුප්පයි. ලංකාවට මෙහෙම උනේ ඇයි. මේ පෝස්ට් එකෙන් බලන්න.
                                ලංකාවට පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙන් ලංකාවට රන් පදක්කමක් ලැබුණෙ අපේ රටට ආදරය කරන හැමෝම සතුටු කරමින්. ඒත් අපිට එම පදක්කම අහිමි උනා. හේතුව උනේ තහනම් උත්තේජක ලබාගැනීම. මංජු වන්නිආරච්චි රන් පදක්කම දිනුව කියල සතුටු වෙච්ච මිනිස්සු එයාට බනින්න ගත්ත. ඒත් මමනම් කියන්නෙ ඒකත් අපිට ලැබුණු ලොකු ජයග්‍රහණයක්. මොකද ඒක හින්ද අපි දින තුනහතරකටවත් සුද්දන්ගෙ අවධානයට යොමුවීම. ඉන්දියන් සාගරයේ චූටි තුන්වෙනි ලෝකයේ දුප්පත් රටක් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙලේ ඉන්නව කියලවත් සුද්දො දැනගත්තෙ ඒ හින්ද නෙමේද?
                             රන්පදක්කම අහිමි උනා තමයි. ඒක අපෙත් එයාගෙත් ලොකු කරුමයක් වෙන්නැති. ඒක ගැන අමතක කරමුකෝ. ලෝක කුසලානය පැරදීම ගැනනම් කිසිම සමාවක් දෙන්න බෑ. ඒකට හේතුව ලකුණු 275 වගේ ගහපු එක නෙමෙයි කියල හිතමුකෝ. ඉන්දියාවෙ අංක එකේ පිතිකරුවෙක් වෙන විරේන්ද්‍ර ශෙවාග් ලකුණු බින්දුවට පැවිලියන් එකට යවපු එකත් නෙමේ. ඒකට හේතුව සෙමි ෆයිනල් ගහපු ටීම් එකෙන් බාගෙට බාගයක්ම බංකුවේ ඉඳීමයි. සාමාන්‍යයෙන් ලෝක කුසලාන තරඟයක සෙමි ෆයිනල් එක දිනපු ටීම් එකම ෆයිනල් එකටත් දැමීම සාමාන්‍ය සිරිතයි. ඒත් ලංකාවෙ ආසියාවේ ආශ්චර්ය නිසා මේ තරඟයත් ආශ්චර්යෙන් දිනවන්න තේරීම් කමිටුවෙ මාමල හිතන්න ඇති.
                ඒකත් ඉවරයි කියමුකෝ. උපුල් තරංගටත් තරඟ තහනමක් හේතුව තහනම් උත්තේජක. ලංකාවෙ ක්‍රිකට් ලෝලීන් පහුගිය දවස්වල කියපු කතාව තමා ඒක. මමනම් ඔය තහනම් උත්තේජක ගැන වැඩිය දන්නෙ නෑ. ඒත් මත්පැනුත් තහනම් උත්තේජක බව නම් මම යන්තමට පොතකින් දැකල තියනව. මැච් එකට කලින් දවසෙ පාටියක් එහෙම දාල පොඩියට අඩියක්වත් දාන්න ඇති. මට හිතාගන්න බැරි තහනම් උත්තේජක ගන්නෙ ලංකාවෙ උන් විතරද කියල. ලංකාවට ඉංග්‍රීසීන් මත්පැන් හඳුන්වල දෙද්දිවත් හිතන්න නැතුව ඇති බඩුවල පවර් එක අවුරුදු 500 විතර වැඩ කරයි කියල.
                       මම මාතෘකාවෙ දාල තිබ්බෙ ලංකා ක්‍රීඩාවේ අනාගතය කියලනෙ. මම දැන් ඔය කියපුවගෙන් ඒ ටික ඔයගොල්ලොම හිතාගන්න.
මේ ගැන කමෙන්ට් එකක් දාලම යන්න.

Friday, June 10, 2011

ලංකා ප්රිමියර් ලීග්

ඔන්න ඉතිං ලංකාවෙ ක්රිකට් වලට කැමති කට්ටියට හොඳ චාන්ස් එකක් ලැබිල තියනවා. පහුගිය දවස්වල ගොඩදෙනෙක් IPL බල බල හූල්ලන්න ඇති ලංකවෙ මේ වගේ තරඟයක් තිබුණානම් කියල. ඔන්න ඒ කට්ටියට තමා ශ්රී ලංකාවෙ ප්රිමියර් ලීග් තරඟයක් (SLPL) පවත්වන්නෙ. දැං නොදන්න කට්ටිය කියයි මම හද්ද බේගල් කියනව කියල. ඒ උනාට ඉතිං මම මොනවා කරන්නද? මේ තරඟය ආරම්භ වෙන්නෙ ජූලි 19 වෙනිදා. තරඟ කාලසටහනත් මේ එක්ක තියනවා. බලලා කමෙන්ට් එකකුත් දාගෙනම යන්නකෝ.

ඉමේජය විශාල කිරීමට ඉමේජය මත ක්ලික් කරන්න.

 
පුදුමය:amAZinG | Copyright © 2011 Diseñado por: compartidisimo | Con la tecnología de: Blogger