සංගාගේ බිරිඳ - මොකද අනේ ඔයා ගේ ඇතුලටම වෙලා ඉන්නෙ. මාකට් එකට ගිහින් මට එළවලු ටිකක් ගේන්නකෝ
සංගා - වර්ල්ඩ් කප් එක පැරදිච්ච නිසා මට එළියට යන්න බෑ
සංගාගේ බිරිඳ - ඉතින් මගෙ සාරියක් ඇඳගෙන ගෑණු කෙනෙක් වගේ වෙස්වලාගෙන යන්නකෝ
සංගා - හා හා ඒක හොඳයි
(මාකට් එක තුලදී සංගා ලඟට පැමිණි කාන්තාවක්)
කාන්තාව - ආ සංගා මොකද මේ සාරියක් ඇඳගෙන
සංගා - කොහොමද මාව අඳුරගත්තේ
කාන්තාව - යකෝ මම මහේල
විශේෂ දැනුම්දීමයි
මම ගැන(ලු)
- BAWANTHA
- මං ගැන මං මොනවා කියන්නද. ඉතිං මං ගැන දැනගන්න අපේ ගමේ ග්රාම සේකරව හම්බවෙන්න. මම ගැන මට වඩා ඒ මිනිහ දන්නවා. නැත්නම් චුට්ටක් ඉන්න අම්මගෙන් අහල කියන්නං. ඔන්න ඉතින් ඔච්චර අහන එකේ කියන්නන්කෝ. මම ලංකාවෙ ඉන්න ලැජ්ජ බයට හැදිච්ච හොඳ කොල්ලෙක්. ඊට වඩානම් මුකුත් දන්නේ නෑ.
උදව් කරන අය
Wednesday, May 4, 2011
සංගා හා මහේල
ලොව මිල අධිකම බල්ලා
Tuesday, May 3, 2011
මැයි දිනය සමරන්නේ කම්කරුවන් පමණද?
මැයි දිනයත් පසුවිණි. මෙවර බුලත්වාහිනියෙන් මෙම මැයි උත්සවය මෙතෙක් ලංකාවේ පැවති ලොකුම මැයි රැළිය ලෙස හඳුන්වනු ලැබීය. එමෙන්ම මැයි රැළිය අමතා ආණ්ඩුවේ ලොකු ලොක්කන් යුද්ධය නිමා කිරීම ගැන හැමදාම ගසන බයිලාව ගැසීය. යුද්ධය නිමකිරීම ගැන අප ඔවුන්ට ණයගැති වෙමු. නමුත් එය අවුරුදු දෙකක් තිස්සේ කියවන්නට හේතුව නම් මෙම ආණ්ඩුව රටේ දියුණුවට වෙන දෙයක් නොකිරීමයි. දැන් මැයි දිනයද තමන්ගේ ඡන්ද මළු තර කර ගැනීමට යොදාගන්නා පුහු දිනයක් බවට පත්කරගැනීමට ඉඩදී අපි බලා සිටිය යුතු වෙමුද? අනුරාධපුරේ සිට බස් වල කුලියට ගත් මිනිසුන් කොළඹ ගෙනැවිත් කරන මැයි දිනක ඇති අර්ථය කුමක්ද? කම්කරුවා මහ පාරේ බර ඔසවද්දී වෙන කොහෙවත් සිටින අය මේ කම්කරු දිනය සැමරීම සාධාරණද? මෙයට හේතුව ආණ්ඩුවේ ක්රියාකලාපයට විරුද්ධ වීමට තරම් බලයක් එදා වේල බොහොම අමාරුවෙන් සොයාගන්නා කම්කරුවාට නොමැති වීමයි. පත්තර වල පිටු පිරෙන්න රතු ඇඳුම් ඇඳගත් නළුවන්ගේ ඡායාරූපයය. නමුත් මේ අය කවදාවත් කම්කරුවෙක් ඇහැටවත් දැක නොමැත. කම්කරුවාගේ දුක දන්නේ කම්කරුවා පමණි. එය අදටත් හෙටටත් සත්ය දෙයකි. අදට නවතින්නම්. ඔබට ජයවේවා.Sunday, May 1, 2011
එක්ස්පී වලට system restore උදව්
මම අද කියන්න යන්නෙ ගොඩදෙනෙකුට තියන ප්රශ්නයක් ගැන. සිස්ටම් රීස්ටෝර් කියන්නෙ ෆෝමැට් කිරීම වෙනුවට යොදාගත හැකි හොඳ විකල්පයක්. මේ ප්රශ්නය තියෙන්නෙ ජනෙල් එක්ස්පී භාවිත කරන අයටයි. වයිරස් එකක් ආවම තමා ගොඩදෙනෙකුට සිස්ටම් රීස්ටෝර් මතක් වෙන්නෙ නමුත් ඊට කලින් රීස්ටෝර් එකවුන්ට් හැදීම අවශ්යයි. මේ සඳහා මුලින්ම ස්ටාට් බට්න් එක මත ක්ලික් කරන්න. එහි ප්රෝග්රෑම් වල ඇති ඇක්සසරීස් බට්න් එක මත ක්ලික් කරන්න. ඉන්පසු එහි ඇති සිස්ටම් ටූල් වලට යන්න. මෙහි තිබෙන සිස්ටම් රීස්ටෝර් එකට ගොස් එහිදී ලැබෙන ඩයලොග් බොක්ස් එකෙන් දෙවන විකල්පය තෝරාගන්න. මින්පසු දිනය යොදා එකවුන්ට් එක හදාගන්න. නමුත් මෙදින මෙම පරිගණකය වයිරස් වලින් තොරව තිබීම වැදගත් වෙනවා. දැන් නැවත රීස්ටෝර් කරන විට මෙම එකවුන්ට් එක තෝරගන්න. නමුත් සමහර වයිරස් මෙම රීස්ටෝර් කිරීමෙන් ඉවත් වෙන්නෙ නෑ. එවිටනම් ඔබට පරිගණකය ෆෝමැට් කරන්න වෙනවා. තවත් මෙවැනිම කතාවකින් හමුවෙමු. එතෙක් ඔබට ජය වේවා.
chipmunk versions
දැන් youtube වැනි වෙබ් අඩවි වලින් ප්රසිද්ධ ගීත chipmunk version යනුවෙන් remix කර ඉදිරිපත් කර තියනවා. ගොඩක් දෙනෙක් මෙ chipmunk version වලට කැමැත්තක් දක්වනවා. ඒයට හෙතුව ඒවායෙ අැති විහිලු ස්වරූපයයි. දැන් සිංහල ගීතවලත් chipmunk version නිකුත් කරලා තියනවා. අැල්වින් චිත්රපටයෙ ඉන්න දඩුලෙනුන් යොදාගෙන තමයි මෙ ගීතවල විෂුවල් හදලා තියෙන්නෙ. නමුත් මෙම ගීතවල සැබෑ ගායකයන් මෙකට වැඩි කැමැත්තක් දක්වන්නෙ නෑ. ඒගොල්ලන්ගෙ ගීතවලට මෙ වැඩෙන් හානි වෙනවා කියලා ඒගොල්ලො හිතනවා අැති. මෙවැනිම කතාවකින් නැවත හමුවෙමු. ඒතෙක් ඔබට ජය වෙවා. තව ඒකක් http://www.youtube.com/results?search_query=chipmunk+versions&aq=f ඔය ලින්ක් chipmunk version කීපයක් බලන්න පුලුවන්.