ඕං ඉතිං තවත් ගේම් එකක විස්තර ටිකක් ගෙනාවා. මේකත් ටිකක් පරණ ගේමක්. එහෙම කිව්වහම කට්ටිය බලයි මම දෙන්නෙ පරණ ගේම් විතරද කියල. එහෙම නෑ. ගේම පරණ වුනත් අළුත් වුනත් ගේම හොඳ නම් එච්චරයිනේ. ඔයගොල්ලො අයි.ජී.අයි 1 ගහලා ඇති කියල මම හිතනවා. ඒකෙ දෙවෙනි කොටස තමා මේ. මේකෙ ඉන්නෙත් ගොඩක් දුරට 1 එකේ හිටපු කට්ටිය තමා. නමුත් මේකෙ චීන කාරයො වගේම ඊජිප්තු කාරයොත් ඉන්නවා. 1 එකේ හිටපු රුසියන් කාරයොත් ඉන්නවා. ඒ වගේම මේකෙ මිශන් පාස් කරන්නත් ටිකක් අමාරුයි. නමුත් ඇත්ත වගේම යුධ අත්දැකීම් විඳගන්න පුළුවන්. වැඩි කතා ඕනෙ නෑනේ ඔන්න තියනවා ලින්ක් එක. http://www.google.lk/#sclient=psy&hl=en&safe=off&site=&source=hp&q=IGI+2+FREE+DOWNLOAD&aq=&aqi=&aql=&oq=&pbx=1&fp=164417bd13c97548ඩවුන්ලෝඩ් කරගෙන කමෙන්ට් එකකුත් දාන්නකෝ.විශේෂ දැනුම්දීමයි
මම ගැන(ලු)
- BAWANTHA
- මං ගැන මං මොනවා කියන්නද. ඉතිං මං ගැන දැනගන්න අපේ ගමේ ග්රාම සේකරව හම්බවෙන්න. මම ගැන මට වඩා ඒ මිනිහ දන්නවා. නැත්නම් චුට්ටක් ඉන්න අම්මගෙන් අහල කියන්නං. ඔන්න ඉතින් ඔච්චර අහන එකේ කියන්නන්කෝ. මම ලංකාවෙ ඉන්න ලැජ්ජ බයට හැදිච්ච හොඳ කොල්ලෙක්. ඊට වඩානම් මුකුත් දන්නේ නෑ.
උදව් කරන අය
Wednesday, May 11, 2011
Project I.G.I 2 පරිගණක ක්රීඩාව
ඕං ඉතිං තවත් ගේම් එකක විස්තර ටිකක් ගෙනාවා. මේකත් ටිකක් පරණ ගේමක්. එහෙම කිව්වහම කට්ටිය බලයි මම දෙන්නෙ පරණ ගේම් විතරද කියල. එහෙම නෑ. ගේම පරණ වුනත් අළුත් වුනත් ගේම හොඳ නම් එච්චරයිනේ. ඔයගොල්ලො අයි.ජී.අයි 1 ගහලා ඇති කියල මම හිතනවා. ඒකෙ දෙවෙනි කොටස තමා මේ. මේකෙ ඉන්නෙත් ගොඩක් දුරට 1 එකේ හිටපු කට්ටිය තමා. නමුත් මේකෙ චීන කාරයො වගේම ඊජිප්තු කාරයොත් ඉන්නවා. 1 එකේ හිටපු රුසියන් කාරයොත් ඉන්නවා. ඒ වගේම මේකෙ මිශන් පාස් කරන්නත් ටිකක් අමාරුයි. නමුත් ඇත්ත වගේම යුධ අත්දැකීම් විඳගන්න පුළුවන්. වැඩි කතා ඕනෙ නෑනේ ඔන්න තියනවා ලින්ක් එක. http://www.google.lk/#sclient=psy&hl=en&safe=off&site=&source=hp&q=IGI+2+FREE+DOWNLOAD&aq=&aqi=&aql=&oq=&pbx=1&fp=164417bd13c97548ඩවුන්ලෝඩ් කරගෙන කමෙන්ට් එකකුත් දාන්නකෝ.මේ විදිහ හොඳයි
මම කලින් පෝස්ට් එකේ කිව්වනෙ බ්ලොගිය අළුත් කලාය කියල. ඒත් ඉතිං ඒ ටෙම්ප්ලේට් එකේ වැඩ කරගන්න අමාරුයි කියල මට හිතුන. ඉතින් මම පරන ටෙම්ප්ලේට් එකටම බැස්සා. දැං ඉතිං සමහරු කියනව ඇති දැම්මට වඩා ඉක්මනට ටෙම්ප්ලේට් එක වෙනස් කලා කියල. ටෙම්ප්ලේට් එක කොච්චර ලස්සන වුනත් ඒකෙ වැඩක් කරගන්න අමාරුනම් ඒකෙන් වැඩක් නෑනේ ඒකයි ටෙම්ප්ලේට් එක මාරු කලේ. කොහොම වුනත් තව දේකට ඔයගොල්ලන්ගෙන් සමාව ඉල්ලන්න ඕනෙ. ඒකට හේතුව වැඩ ගොඩක් තිබ්බ නිසා ඊයෙ මට වෙනදාවගේ පෝස්ට් එකක් දාන්න බැරිවුනා. ඒකට සමා වෙන්න. ඉතින් කියන්න තරම් විශේශ දෙයක් තිබ්බෙ නැති නිසා ඔය ටික කිව්වා. කියන්න වැදගත් දෙයක් හම්බවුනොත් කියන්නම්. ඔයගොල්ලො කැමති පරන ටෙම්ප්ලේට් එකටද දැන් එකටද කියල කමෙන්ට් කරන්නකෝ.
Monday, May 9, 2011
මං අළුත් වෙලා
ඔන්න එතින් අනිත් අයගෙත් බ්ලොග් වල වගේ මගේ බ්ලොග් එකේත් ටෙම්ප්ලේට් එක වෙනස් කෙරුවා. මම හිතන්නෙ දැං කලින් තිබ්බට වඩා බ්ලොග් එක ගොඩක් හැඩවෙලා වගේ. ඒත් ඉතිං පෝස්ට් දැමිල්ල වෙනස් කරන්න මම හිතන්නෙ නෑ. දවසකට අඩුම ගානේ පෝස්ට් එකක්වත් දාන්නයි මගෙ අදහස. ඉතින් දිගටම ලෝකෙ පුදුම දේවල් අළුත් දේවල් අළුත් නිව්ස් හැම එකක්ම මගෙ බ්ලොගියෙන් ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලො හැමදාම මාත් එක්ක හිටියොත් මේ බ්ලොග් එක හැමදාම කරගෙන යන්න පුළුවන් කියල මම විශ්වාස කරනවා.
පුදුමයේ අළුත් පෙනුම ගැන ඔබට හිතෙන දේ කමෙන්ට් කරන්න.
Sunday, May 8, 2011
ෆේස්බුක්ද? ටුව්ටර්ද?
ඔන්න මම කස්ටියට කියන්න යන්නෙ ඉතා වැදගත් දෙයක්. කන් බිම දාල අහගන්නවා හොඳා. ලෝකයේ හොඳම සෝෂල් වෙබ් අඩවිය ෆේස්බුක් බව අපි දන්නවනේ. ඉතින් ඕකට සමාන වෙබ් අඩවියක් විදියට ටුවිටර්(නිල් කුරුල්ලා) හඳුන්වන්න පුළුවන්. ඒ වුණාට ලේසිය හා පහසුව අතින් ඉදිරියෙන් ඉන්නෙ ෆේස්බුක්. හැබැයි ඉතින් තමාට ෆේස්බුක් අල්ලන්නෙ නැත්නම් ටුවිටර් වෙත මාරු වෙන්න පුළුවන්. ඒත් මම අත්දැකීමෙන් කියන්නෙ ටුවිටර් වලට වඩා දහස් ගුණයකින් ෆේස්බුක් හොඳයි. ෆේස්බුක් වලදී අපිට ලැබෙන වාසි එකක්වත් ටුවිටර් වලදී ලැබෙන්නෙ නෑ. ඉතින් ඔය ෆේස්බුකියට වෙලා ෆේස්බුකියට බනින අයට මම කියන්නෙ ඕකටම වෙලා හිටහල්ල බං. කැමතිනම් කමෙන්ට් එකකුත් දාපං බං.
Saturday, May 7, 2011
තහනම් වූ ගීතය
ඔන්න ඉතින් කට්ටියට ලංකාවෙ ආණ්ඩුවෙන් තහනම් කරපු ගීතයක වීඩියෝවක් ගෙනාවා. මම දන්නවා ඔයගොල්ලො ගොඩක් මේ වීඩියෝ එක බලලා ඇති. ඒත් මේක හැම චැනල් එකකම තහනම් වෙන්න කලින් තව සැරයක් බලන්න මොකද සමහර විට මේ වීඩියෝ එක ආයි බලන්න බැරිවෙයි. මේක තහනම් වෙන්න හේතුව මේකෙ ඇති ආගමික ප්රශ්නයක්. මේ වීඩියෝ එක දැනටම රාජ්ය නාලිකාවල තහනම් කරලා තියෙන්නෙ. පුළුවන්නම් මේක ඩවුන්ලෝඩ් කරගන්න. බලලා කමෙන්ට් එකකුත් දාන්න හොඳේ.